රණවිරු ස්‌මාරකය එපා… කිළිනොච්චි දිසාපති ජනපතිට ලියයි

0
432

 

කීර්ති වර්ණකුලසූරිය

කිලිනොච්චියේ පිහිටි රණවිරු ස්‌මාරකය වහාම ඉවත් කරන ලෙස ඉල්ලමින් කිලිනොච්චි දිසා ලේකම් එස්‌. අරුමනියාගම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සන්දේශයක්‌ යවා ඇත.කිලිනොච්චි සම්බන්ධීකරණ රැස්‌වීමේදී ඒකමතිකවම සම්මත කර ගත් යෝජනාවක්‌ මත ඔහු එම සංදේශය යවා තිබේ.

මෙම සම්බන්ධීකරණ රැස්‌වීම ඇමතූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. ශ්‍රීධරන් එම ස්‌මාරකය ඉදිකිරීම ගැන නාගරික සංවර්ධන අධිකාරියද දැඩි විවේචනයට ලක්‌කර ඇත.

කිලිනොච්චි දිසා ලේකම් යෑවූ එම සංදේශයේ දක්‌වා ඇත්තේ කිලිනොච්චි රණවිරු ස්‌මාරකය සංහිඳියා වැඩපිළිවෙලට බාධාවක්‌ බවයි.

ඒ බව ශ්‍රීධරන් ප්‍රකාශ කර ඇත. ශ්‍රීධරන් යනු යාපනය කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියෙකි.(2017/09/03 පලවූ ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here