රණවිරු සුනිල් රත්නායකට අත්වැලක් වන්නට අප හා එක්වන්න!

0
639



ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගඡබා රේඡිමේන්තුවේ අනුරාධපුර සාලියපුර හමුදා කඳවුරෙ සේවය කළ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක හට පසුගිය යුධ කාල සිමාව තුල සිදුවු සිවිල් වැසියන් අට දෙනෙක් ඝාතනය කලා යන චෝදනාව යටතේ මරණීය දණ්ඩණය නියම වීය. 2001 වසරේදී සුනිල් රත්නායක ඉහත සිදුවීම පදනම්කරගෙන වසර දෙකයි මාස 11 ක කාලයක් බන්ධනාගාර ගතව සිටියහ.

නමුත් දැනට වසර 15ක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව මැතකදි සිදු වු දේශපාලන වෙනසත් සමග ඵහි තින්දුව මෙතරම් ඛේදනීය තත්වයකින් අවසන් වේ යැයි ඔවුන් නොසිතන්නට ඇත. ඉතා කෘෘර ලෙස මිලේච්ජ ලෙස මිනිස් ඝාතන කළ කොටි ත්‍රස්තවාදින්ට සමාව දි මුදාහරින සමයක මෙවන් තත්වයක් සිංහල සෙබලෙකුට උදාවිම ඉතාමත් කනගාටුදායකය.
කාංචනා කුමාරි හේරත් වන සුනිල්ගේ බිරිද අද වන විට දැඩි අසරණ තත්වයකට පත්ව ඇත්තේ හය හතර නොදත් වයස අවුරුදු තුනක් වන තම සිගිති දියණියද සමඟය. තම පියාට අත්වු ඉරණම ගැන වැටහිමක් නැති තරුෂි රෝචනා රත්නායක කුඩා දියණිය බලා සිටින්නේ තම පියා රාජකාරි නිම වී ගෙදර ඵන තුරුය. කාංචනා හා සුනිල් විවාහ වී දැනට වසර පහකි. සුනිල්ට වයස අවුරුදු 37 වන අතර කාංචනාගේ වයස අවුරුදු 32 කි. වසර 15ක් තිස්සේ කල් යමින් පැවති මෙම නඩුව තම ස්වාමියාට මරණ දඩුවම අත්කර දෙවි යැයි යන්න ඇයට තවමත් අදහාගත නොහැකි කාරණාවකි.

කාංචනාගේ ගම ගල්ගමුව, ඇහැටුවැව, දිවුල්ගනේ ප්‍රදේශයයි. ගල්ගමුව යනු කුරුනැගල දිස්ත්‍රිකයේ කෙලවර අනුරාධපුර දිස්ත්‍රිකයට මායිම්ව පිහිටි ප්‍රදේශයකි. දිවුල්ගනේට යාම සදහා ගල්ගමුවේ සිට ඇහැටුවැවට ගොස් ඵතනින් හැරි රැස්වෙහෙර මාර්ගයේ කිලෝමිටර් 08 පමණ යායුතුය. කොළඹ සිට දිවුල්ගනේ ගමට ඇති සමස්ථ දුර කිලෝමිටර් 200 ක් පමණ වේ. විවාහයෙන් පසුව දෙදෙනා ජිවත් වුයේ කාංචනාගේ මහ ගෙදර පිහිටි දිවුල්ගනේය. ඔවුන්ගේ පවුලේ සියලූම දෙනා වර්ථමානය වන විට අඩු ආදායම් ලබන ඉතා අසරණ තත්වයකට පත්ව ඇත.
කාංචනා හා සුනිල් විවාහයෙන් වසර කිපයකට පසු කාංචනාගේ මහ ගෙදර පිහිටි ඉඩමේ කෙළවරක නිවසක් ඉදිකිරිමට කටයුතු කරයි. මෙම ඉඩම අක්කර 04ක් පමණ වන නමුත් ඵහි අයිතිය තවමත් දෙමාපියන් සතුව පවති. එහි මහ ගෙදර සහ කාංචනාගේ අනෙක් සොහොයුරියගේ නිවසද පිහිටා ඇත. ඉඩමේ වැඩිකොටසක් කැලැවෙන් වැසි ඇත. සුනිල් ගේ වැටුපෙන් සම්පූර්ණ නිවසක් ඉදිකිරිමට ඔවුන්ට හැකියිවක් නොලැබේන අතර එම නිසා කාමර දෙකක් සහිත කුඩා කොටසක් ඔවුන් විසින් ඉදිකරයි. එය සිමෙන්තියෙන් ඉදි කළද එය කපරාදු කර අංගසම්පූර්ණ කර ගැනීමට ඔවුනට අවස්ථාවක් නොලැබේ. මේ වසරේ දී සුනිල් නිවසේ ඉදිරි වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තුවෙන් සිටිියද සිදුවූ අනපේක්ෂිත සිදුවීම නිසා එය අත්හිටුවිමට ඔවුන්ට සිදුවිය.

කාංචනාගේ පියා දැනට වසර කිහිපයකට පෙර වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. කාංචනාගේ මව 2004 වසරේ තයිරොක්සීන් නම් රෝගය නිසා ශල්‍යකර්මයකට භාජනය කර ඇත. නමුත් එයින් සමුපූර්ණයෙන් සුවය නොලද නිසා මාස තුනකට වරක් මහරගම පිළිකා රෝහලේ සායන සදහා සහභාගී වෙයි. එ සදහා යන ගමන් වියදම් සහ අනෙකුත් වියදම් පිළිබද බරද කාංචනා මත පැටවි ඇත.

සුනිල්ගේ යුධ හමුදා සේවා කාලය දැනට වසර 20 ක් වන අතර නඩුවේ තීන්දුව ලබාදුන් දා පටන් සුනිල්ගේ සියලු වැටුප් සහ දීමනා සහ වරප්‍රසාද සියල්ල රජය විසින් අත්හිටුවා ඇත. එයින් තවත් අපහසුතාවයට පතිවු කාංචනා නඩුව ස`දහා වන වියදම් සම්පූර්ණ කරගැනීමට ඇය සතු කණකර ආභරණ සියල්ල උකසට තබා ඇත. එම ආභරණ තවමත් ගල්ගමුව ලංකා බැංකු ශාඛාවේ ඇත.

පත්ව තිඛෙන තත්වයෙන් මිදිම සදහා ප්‍රදේශවාසීන්ගේ සහය ඔවුනට යම් පමණක අස්වැසිල්ලක් වුවද ඔවුන් අද ගත කරන දුෂ්කර ජීවිතයෙන් මිදීමට එය ප්‍රමාණවත් යැයි අපි නොසිතමු. කාංචනාට අද වන විට නිශ්චිත ආදායම් මාර්ගයක් නොමැති හෙයින් ඇය තම උත්සහායෙන් ඉඩමේ ගොවිතැන් කටයුතු කිරිම ආරම්භ කර ඇත. ඒ අනුව බඩඉරිගු වගාවක් ඇය අරඹා ඇත. ඊට අමතරව ඇය විසින් එම ඉඩමේ කොටසක ගඩොල් කැපීමද ආරම්භ කර ඇත්තේ තවත් කෙනෙකුට බරක් නොවි ජිවිතය ගැටගසා ගන්නට විය හැක.

ඔවුනට කොතරම් අගහිඟ කම් තිබුනද ඇය ධෛර්යමත්ව එවාට මුහුණ දෙන්නේ තම දියණියට යහපත් හෙටක් බලාපොරොත්තුවෙන් විය හැක. නමුදු ඇයට තමාගේ දියණියගේ අනාගතය පිළිබදව ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. මන්දයත් තම ස්වාමියා නොමැතිව තනිව ගැහැණු දරුවෙකු සමග ඉදිරි කටයුතු කරන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන්ම තවත් වසරකින් දියණියව පාසලකට ඇතුලත් කළ යුතුය. ඇයට අධ්‍යපන කටයුතු සදහා යන වියදම් සකසා ගන්නේ කෙසේද යන්න කාංචනාට තවමත් ගැටලුවකි.

මේ වන විට අඩක් වැඩ නිම කර ඇති නිවසට ලක්ෂ 5 ක පමණ මුදලක් වැය වී ඇතැයි ඇය විශ්වාස කරයි. නමුත් නිවසේ ඉදිරිකටයුතු කිරීමට ඇයට හැකියාවක් සහ ශක්තියක් නොමැත. නිවසේ ඉදිරි කටයුතු සම්පූර්ණ කර සතුටින් සුනිල් සමග ජීවත්වීම කාංචනාගේ අපේක්ෂාව බව ඇගේ බලාපොරොත්තුවයි.

මෙම සිදුවිම නිසාවෙන් කාංචනා ජිවත් වන්නේ සමාජය පිළිබද දැඩි සැකයකිනි. මන්දයත් සමාජයේ නොයෙක් දෙනා මෙම සිදුවිම ගැන තොරතුරු විමසන සහ අවධානයෙන් සිටින කරනාවක් නිසා එය ඔවුන්ගේ ජිවිතට වලට අවධානමක් වන හෙයිනි. අද වන විට පවුලේ පිරිමි සමාජිකයෙක් නොසිටිමද මෙම අවධානම වැඩිවිමට හේතුවක් වේ. තත්වය එසේ වුවද කනගාටුවට කරුන වන්නේ රජයෙන් හෝ වගකිව යුතු කිසිදු පාර්ශවයක් අද වන විටත් මෙම පවුල ජිවත් වන්නේ කේසේද යන්නවත් සොයා නොබැලිමයි.
ඉහත කරුණු සංසන්දනාත්මකව සලකා බැලූ “ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ” සමාජිකයන් සුනිල් සහ සුනිල්ගේ පවුලේ සමාජිකයන්ට අත්වැලක් විමට කල්පනා කළෙමු. ඵහි මුලික පියවරක් වශයෙන් අඩක් නිම කොට ඇති ඔහුගේ නිවස සරල ලෙස අවම වියදමකින් සම්පූර්ණ කර දිමටද, ඔහුගේ දියණිය වන රොචනා රත්නායකගේ අධ්‍යපන කටයුතු සහ යැපිම් වශයෙන් මසකට රු 5000 ක ශිෂ්‍යත්වයක් ලබා දිමට සැලසුම් කළෙමු.

ඵ අනුව මෙ සදහා අවශ්‍ය මුලූ මුදල –
නිවස සම්පුර්ණ කර ගැනිමට – රු 500,000
ශිෂ්‍යත්වය සදහා – ප්‍රතිපාදන ලැබුණි
සුනිල් රත්නායකගේ ඇපෑල සඳහා නීති ගාස්තු – රු300,000
අවශ්‍ය මුළු අරමුදල – රු800,000

ඉහත පිරිවැයට දායක විමට, කාරුණිකව වන ලෙස අප දැනුම් දෙමු. ඔබගේ නොමසුරු දායකත්වය පහත සදහන් ගිණුමට බැරකරන මෙන් දන්වා සිටිමු.
ගිණුම් අංකය 100560000590 
ජාතික සේවා අරමුදල
සම්පත් බැංකුව 
කිරිබත්ගොඩ
Swift Code – BSAMLKLX.
BANK CODE – 7278
BRANCH CODE – 005

දේශප්‍රේමි භික්ෂු පෙරමුණ මගින් පොදු කටයුතු සඳහා 1998 දී ආරම්භ කරන ලදී මුදල් ආපසු ගැනීමේදී අත්සන් කරුවන් පූජ්‍ය ඛෙංගමුවේ නාලක හිමි හා පුජ්‍ය තුරුචිල චිමලධම්ම හිමි
ලිපිනය-
ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනය,
දුම්රියපල පාර,
කැලණිය.




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here