රිවිර ප්‍රධාන පුවතට ජනපති අවධානය – බ්‍රිගේඩියර් යලි සේවයේ පිහිටුවයි.

0
898

නිදහස් දිනය දා ලන්ඩන් නුවර පිහිටි බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඊළාම් ධජ පෙන්වමින් කොටි හිතවාදීන් ගෙන ගිය විරෝධතාවට සිය විරෝධය පළ කොට නිල ඇ`දුමෙහි වූ සිංහ ධජය පෙන්වා ඊට විරෝධය පෑ යුද හමුදා බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ සේවය අත්හිටුවා ඇත’

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ පළ වූ වීඩියෝ දර්ශන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (6* මෙම තීරණයට එළැඹ තිබේ’

ඒ අනුව බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතා පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ’

නිදහස් දිනය දා බි‍්‍රතාන්‍ය යේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටට දහස් ගණනක් එල්’ටී’ටී’ඊ හිතවාදීන් පැමිණ ඊළාම් කොඩි ඔසවා විරෝධය පළ කරන අතරතුර සිය කාර්යාලයෙන් ඉදිරිපිටට පැමිණ ඒ දෙස බලා සිටින බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු විරෝධය දක්වන්නන් දෙස බලා සිය යුද හමුදා නිල ඇදුමේ සවිකර තිබෙන සිංහ ධජය පෙන්වා වට කිහිපයක් බෙල්ල වටා ඇ`ගිල්ල යවන ආකාරයක වීඩියෝවක් සමාජ ජාලාවලට නිකුත් වී තිබේ’අනතුරුව ඔහු එම ස්ථානයෙන් පිටව යයි’ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලි පිළිබ`දව අවධානය යොමු කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන තිබේ’ ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ නිකුත් කර තිබු නිවේදනය මෙසේය’ ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක* ආක‍්‍රමණශීලී ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ‍්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත’

මේ අනුව” වහාම ක‍්‍රියාත්මක වන පරිදි අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක* සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ‍්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත 2018 පෙබරවාරි 06 වැනි දින උපදෙස් යවා තිබේ’ ශ‍්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ‍්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇතැයි එහි සදහන්ය’

නුවන් සේනාරත්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here