ලංකාවේ අපරාධවලට සම්බන්ධ 130 දෙනකුට රතු වරෙන්තු

0
396

කීර්ති වර්ණකුලසූරිය (උපුටා ගැනීම 2017/08/05 දිවයින පුවත්පතෙන්)

ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු අපරාධ සහ මහා පරිමාණ වංචා ඇතුළු ත්‍රස්‌ත ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍ය කරන 130 දෙනකුට ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තු නිකුත් කර ඇත.

අලුතින්ම වරෙන්තු නිකුත් වී ඇත්තේ අත්බෝම්බ සහ ජීව උණ්‌ඩ ළඟ තබාගත් ධර්මසීලන් මුණිසාමි සහ සාපරාධී වංචාවකට වගකිවයුතු බව කියන ඇන්තනි එමිල් ලක්‍ෂ්මී කාන්තන් ය.

එහෙත් මේ කිසිවෙක්‌ මෙතෙක්‌ අසු වී නැත.

ආරංචි මාර්ග දක්‌වන්නේ මහා පරිමාණ මූල්‍ය වංචාවකට සම්බන්ධ වුවකුට බ්‍රිතාන්‍යය ද, කොටි ත්‍රස්‌තවාදී නායකයන් පස්‌දෙනකුට ප්‍රංශය හා කැනඩාව ද රැකවරණ ලබා දී ඇති බවය.

කොටි වාණිජ නැව්වල ප්‍රධානියාට ද කැනඩාව දේශපාලන රැකවරණ දී ඇති අතර ඔහුට වව්නියා අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මෙයට වසර කිහිපයකට පෙර ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය කර සිටි සාඛ්‍යාව 70 කට සීමා විය.


 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here