ලන්ඩන් නුවර සිදුවූයේ කුමක්‌ද? මෙන්න! ඇත්ත

0
4164

කොටි 88 ක්‌ මට දුරකථන ඇමතුම්දී නුඹ කුමක්‌ කරන්නේද යයි ප්‍රශ්න කළා – නේස්‌බි සාමි හෙළිකරයි

nesbi3බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ඉහළ තනතුරකට පත්කර ඇත්තේ කොටි පරාජය කිරීම සඳහා කිසිදු ලෙසකින් සහාය වූවෙක්‌ නොවේ. ඔහුට ඇති එකම සුදුසුකම මෙරට හිටපු ආරක්‍ෂක ප්‍රධානියකුගේ සමීපතම ඥතිවරයකු වීමයි. පුලිතේවන් නමැති කොටියාට “මචං” යයි ඇමතුවේද එම හිටපු ආරක්‍ෂක ප්‍රධානියායි. එසේම මහ රෑ නාවික හමුදාපතිවරයකුවූ දයා සඳගිරි අමතා කොටින්ට මුතූර් සිට ත්‍රිකුණාමලය දක්‌වා මුහුදු කලාපය දෙන ලෙස ඉල්ලා සිටියේද එකී ආරක්‍ෂක ප්‍රධානියායි. මොහුගේ සමීපතම ඥතියා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. එවන්නකුට මෛත්‍රිපාල – රනිල් රජය ලන්ඩන් මහ කොමසාරිස්‌ කාර්යාලයේ ඉහළ තනතුරක්‌ පිරිනැමීය. මේ පසුබිම මැද ඔහු බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රියාකරනු ඇතැයි සිතිය හැකිද?

එසේම තවත් ප්‍රබල ඇමැතිවරයකුගේ සගයන් දෙදෙනෙක්‌ද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ සේවය කරයි.

මේ හැර මහකොමසාරිස්‌වරිය තවත් දේශපාලඥයකුගේ ඥතියෙකි.

මේ තත්ත්වය මත ලන්ඩන් නුවරදී සිදුවූයේ කුමක්‌දැයි අපි නිරීක්‍ෂණය කළෙමු. පසුගිය පෙබරවාරි 4 දා නිදහස්‌ දින උත්සවය මහ කොමසාරිස්‌ කාර්යාලය තුළ පැවැත්වෙන අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් මහ කොමසාරිස්‌ කාර්යාලය අසලට පැමිණියේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සහ කොටි ධජ රැගෙනය. බ්‍රිතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම් වුවත් අපේ මහ කොමසාරිස්‌ කාර්යාල බලධාරීන් ඒ ගැන බ්‍රිතාන්‍ය ස්‌වදේශ කටයුතු බලධාරීන් වෙත පැමිණිලි කිරීමට ක්‍රියා නොකර තිබුණි.

nesbi1මේ නිසා කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් මහ කොමසාරිස්‌ කාර්යාලය අසලටම පැමිණ සිය බලපුළුවන්කාරකම් පෙන්නුම් කරද්දී ලන්ඩන් නුවර කොටි ක්‍රියාකාරිකයකු වූ රාජන් සොක්‌කලිංගම් නමැත්තා සමඟ අපේ තානාපති කාර්යාල නිලධාරියකු සාකච්ඡා කරනු දක්‌නට ලැබිණි.

මේ අවස්‌ථාවේ මිනීමරු කොටි සහ මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ප්‍රියංක ප්‍රනාන්දු අතර දුර යාර කීපයක්‌ විය.

මෙම විරෝධතාවට එක්‌වූ කොටි අතර ආයුධ සන්නද්ධව සිටි කොටින් සිටියේද යෑයි කිසිවෙක්‌ දැනසිටියේ නැත.

මෙයට වසර කීපයකට පෙර ලන්ඩන් නුවරදී සික්‌ අන්තවාදියකුගේ පිහි ඇනුමකට ලක්‌වූයේ ඉන්දියාවේ රන් දෙවොල මෙහෙයුම දියත්කළ හමුදා බළකායේ දෙවැනියායි.

එම අතීතය අපේ හමුදා නිලධාරීන් අමතක කර තිබේ. ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහ සේවය කරද්දී කොටි ඩයස්‌පෝරාවේ තර්ජන එල්ලවුවත් ඔහු මෙවන් තත්ත්වයකට මුහුණපෑවේ නැත. එහෙත් වත්මන් රජයේ සංහිඳියා ක්‍රියාමාර්ගය පාරාවලල්ලක්‌ බවට පත්වී රජය විසින්ම බ්‍රිතාන්‍යයට යෑවූ ආරක්‍ෂක උපදේශකවරයාට එවන් තත්ත්වයකට මුහුණදීමට සිදුවිය.

කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් තමන්ට වෙන්කර තිබූ ස්‌ථානයෙන් පිටතට පැමිණි අවස්‌ථාවේ පවා මහ කොමසාරිස්‌ කාර්යාල බලධාරීන් වැඩි පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ඉල්ලා සිටියේ නැත.

එසේම නිදහස්‌ දින උත්සව සමරුමට පැමිණ සිටි අඥන කාන්තාවන් දෙදෙනෙක්‌ ජනපති හා අගමැති ප්‍රකාශය කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ට බෙදාදීමට උත්සාහ කිරීම තවත් හාස්‍යජනක ක්‍රියාවකි.

මෙලෙස මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේ විරෝධතා පැවැත්වූ කොටි පසුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු රටින් පන්නා දමනු යෑයි කියමින් තවත් උද්ඝෝෂණයක්‌ පවත්වනු ලැබුවේ සැලසුම් සහගතවය.

මේ උද්ඝෝෂණය පවත්වන අතරේ ඔවුන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අටදෙනකු ලවා විදේශ ලේකම් මොරිස්‌ ජොන්ස්‌ටන් වෙත හදිසි සංදේශයක්‌ යෑවීමටද ක්‍රියාකළහ.

මේ සංදේශයේ දක්‌වා තිබුණේ බ්‍රිගේඩියර් ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය ද්‍රවිඩ ජනතාවට මරණීය තර්ජනය කර තිබූ බවත් එම තත්ත්වය මත ඔහුව රටින් පන්නා දැමිය යුතු බවත්ය.

මෙම සංදේශය යවා ඇති බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය වෙත යොමුකරන බවට තර්ජනය කළ පෝලි ස්‌කලි නමැති මන්ත්‍රීවරයකු විය.

nesbi4එහෙත් ශ්‍රී ලාංකික සිංහල ජනතාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයට බලපෑම් කිරීමට කිසිදු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ නොවිණි. මෙය පුදුමයක්‌ නොවේ. ශ්‍රී ලාංකිකකු බවට හඳුන්වමින් කොන්සර්වට්‌ටි පක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පත්වූ රනිල් ජයවර්ධන නමැත්තාද නිහඬවිය. ඔහු කිසිදිනක ශ්‍රී ලංකා වෙනුවෙන් හඬ නැගීමට ඉදිරිපත් වූයේ නැත. මොහු කොන්සර්වටිව් පක්‍ෂ මන්ත්‍රීවරයකු ලෙස පත්වූ අවස්‌ථාවේ මෙරට ඇතැම් මාධ්‍ය ඔහුව වීරයකු කිරීමට උත්සාහ කළේය.

මේ අතර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ බ්‍රිතාන්‍ය ශාඛාව විසින් සංවිධානය කළ නේස්‌බි සාමිවරයා වෙනුවෙන් වූ උත්සවයක්‌ පසුගිය පෙබරවාරි අටවැනිදා රාත්‍රියේ සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ ඇට්‌ලි ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

මෙම අවස්‌ථාවට බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකුවූ මේජර් ජනරාල් ජෝන් හොල්ම්ස්‌ සහ ෂෙයික්‌ සාමිවරයා ඇතුළු ප්‍රභූවරු රැසක්‌ පැමිණ සිටියහ.

මෙම ඓතිහාසික අවස්‌ථාවට ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතරින් සහභාගි වීමට ලැබුණේ මාහට පමණි. මෙහිදී රැස්‌ව සිටි පිරිස ඇමතූ නේස්‌බි සාමිවරයා තමා ශ්‍රී ලංකාවට ඇලුම්කරන හේතුව හෙළිකළේය.

“මම ඉන්දියාවේ රෙකිට්‌ සමාගමේ සේවය කරද්දී උසස්‌වීමක්‌ ලැබුණා. එම උසස්‌වීම ලැබුණේ ශ්‍රී ලංකාවේ රෙකිට්‌ සමාගමටයි. එදා සිට මා ශ්‍රී ලංකාවට හිතවත්කම් දක්‌වනවා. පසුගියදා මා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුමට අදාළ රහස්‌ ලියවිලි හෙළිකළ විට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් දුරකථන පණිවුඩ 88 ක්‌ මාහට ලබාදී පරණ තොරතුරු අවුස්‌සන්නේ මන්දැයි ප්‍රශ්න කළා. මේ රහස්‌ තොරතුරු බ්‍රිතාන්‍යයට එවූ ලුතිනන් කර්නල් ගෑෂ් මට හමුවී ශ්‍රී ලංකා හමුදාව විනයගරුක හමුදාවක්‌ යෑයි පැවැසුවා. කොටින්ගේ ප්‍රාණඇපකරුවන් වූ සිවිල් වැසියන් මුදාගැනීමට හමුදාව කටයුතු කිරීම අගනා ක්‍රියාවක්‌ බවත් ඔහු කියාසිටියා යයි නේස්‌බි සාමිවරයා පළකළේය.

ලන්ඩන් නුවර මේ දිනවල පවතින අධික ශීතල දේශගුණය නොතකා ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ක්‍රියාකාරීන් සහ ප්‍රභූන් රැසක්‌ මේ උත්සවයට පැමිණ සිටියහ.

 

එහිදී නේස්‌බි සාමිවරයාව පිළිගනු ලැබුවේ රියර් අද්මිරාල් සරත් වීරසේකර එමීර් රාජ්‍ය ශාඛාවේ සුනිල් චන්ද්‍රකුමාර-යසස්‌-ස්‌විස්‌ ශාඛාවේ එරික්‌ මාකවිට – ඕස්‌ටේ්‍රලියානු ශාඛාවේ නුවන් බෙල්ලන්තුඩාව, බ්‍රිතාන්‍ය ශාඛාවේ ජෙයරාඡ් පලිහවඩන සහ ප්‍රසංග ජයමහද ස්‌විඩන් ශාඛාවේ රාජා යන මහත්වරු විසිනි.

මේ අවස්‌ථාවට ශ්‍රී ලංකාවේ සිට බෙංගමුවේ නාලක හිමි සහ ලන්ඩන් නුවර සිටින වඳුරඹ කස්‌සප හිමියන්ද වැඩම කර සිටියහ.

සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ පැවැත්වූ මේ නේස්‌බි සාමි පිළිගැනීමේ උත්සවය ගැන කල්තියා තමන්ට තොරතුරු නොලැබීම ගැන කොටි වෙබ් අඩවියක්‌ විසින් කොටි ඩයස්‌පෝරාවේ බුද්ධි අංශයට දොස්‌ නගා තිබුණි.

මේ අතර නේස්‌බි සාමිවරයා තවදුරටත් පැවසුවේ තමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන ඔක්‌තෝබර් මස යළිත් ප්‍රශ්න කරන බවයි. එසේම ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ ලියවිලිවලින් මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 ක්‌ බව තහවුරුවූවත් බ්‍රිතාන්‍ය රජය තම ස්‌ථාවරය වෙනස්‌ කර නැති බවද නේස්‌බි සාමිවරයා කියාසිටියේය.

ඔවුන් තම තර්කය ලෙස දක්‌වන්නේ ශ්‍රී ලංකා රජය යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබාදුන් බවයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජයේ දෙබිඩි පිළිවෙත ගැන මා යළිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා යෑයි නේස්‌බි සාමිවරයා කියාසිටියේය.

අනතුරුව මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ පැවසුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමා ප්‍රමුඛ රාජ නීතිඥ ජෙප්රි නයිස්‌, ඩෙස්‌මන්ඩ් සිල්වා ඇතුළු කණ්‌ඩායම සකස්‌ කළ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කර නැති බවට වාර්තාව තවදුරටත් සනාථ කරන බව පළකළේය.

මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ අප සමඟ සාකච්ඡා කිරීමටද ඉදිරිපත් විය. අපේ වාර්තාවේ දක්‌වා තිබෙනවා ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කර නැති බවට. මා එම ස්‌ථාවරය වෙනස්‌ කරන්නේ නැති බවද ඔහු අවධාරණයෙන් කීවේය.

නේස්‌බි සාමි වෙනුවෙන් පැවැති උත්සවය ඇමතූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා යටපත්වී තිබූ යුද රහස්‌ ලියවිලි හෙළිකරමින් නේස්‌බි සාමිවරයා ශ්‍රී ලංකාවට ඉමහත් සේවයක්‌ කර ඇති බව කියා සිටියේය.

මේ නිසා බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඉල්ලා අස්‌කරගත යුතු බවද රියර් අද්මිරාල්වරයා තවදුරටත් පළකළේය. මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එවන ලද ස්‌තූතිය පළ කිරීමේ ප්‍රකාශයක්‌ වීරසේකර මහතා විසින් නේස්‌බි සාමි වරයාට පිළිගන්වනු ලැබීය.

මෙහිදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ එමීර් රාජ්‍ය ශාඛාවේ සම සභාපති යසස්‌ කළ ප්‍රකාශයක්‌ ගැන නේස්‌බි සාමිවරයා දැඩි අවධානය යොමුකළා. එම තොරතුරු තමාවෙත එවන ලෙස ඉල්ලා සිටියේය.

යසස්‌ මෙහිදී පැවසුවේ කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව මුලින්ම 7000 ක්‌ යයි පැවැසූ බවයි.

මෙලෙස ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවට එල්ලවූ සාවද්‍ය යුද අපරාධ චෝදනාවලින් ගලවා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන අවස්‌ථාවේ වසර කීපයකට පෙර බොරු මරණ තර්ජන පෙන්නුම් කරමින් ලන්ඩන් නුවරට පැනගිය දීනයෙක්‌ ශ්‍රී ලාංකිකයන් රවටමින් පුවත්පතක්‌ ආරම්භ කර බැසිල් පොහොට්‌ටුව වනසනවා, ඒකාධිපති වියරුව ආයෙත් වැහිලා, විමල්ට අන්තිමට පවුල විතරලු යන මැයෙන් ප්‍රචාර දියත් කර ඇත.

මේ අතර ලන්ඩන් නුවර කොටි ඩයස්‌පෝරාව 2015 සිට ඉතා ප්‍රබලව ශක්‌තිමත්ව ඇති ආකාරය අපට සියෑසින් දැකගැනීමට හැකිවිය.

ලන්ඩන් නුවර හීත්‍රොa ගුවන් තොටුපළේ පවා ඊලම්වාදී ද්‍රවිඩ තරුණියක්‌ සේවය කරන බවත් ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට එන සිංහලයන් දෙස පවා බලන්නේ අමුතු ලෙසකටය.

එපමණක්‌ නොවේ. හිටපු විදේශ ඇමැති මංගල සමරවීර විසින් සංහිඳියාව මුවාවෙන් තහනම ඉවත්කළ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ක්‍රියාකාරීහු යළිත් කොටි ක්‍රියාකාරීන්ට එක්‌වී සිටිති. ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ ද්‍රවිඩ සන්ධාන ශාඛාවද කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධවී සිටියේය.

ඉහත කී සංවිධානවල තහනම ඉවත් කිරීමෙන් පසු මංගල සමරවීර සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ද ගෝලීය ද්‍රවිඩ සංසදය සමඟ දිවා භෝජනයකට සහභාගි විය.

මේ අතර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලමින් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ලන්ඩන් මහ කොමසාරිස්‌ කාර්යාලය ඉදිරියේ කෑකෝ ගසද්දී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ඉතාලියේ සම සභාපති වසන්ත කීර්තිරත්න සහ බ්‍රිතාන්‍යයේ ඉන්දික සිංහ ධජය ප්‍රදර්ශනය කරමින් ඊට ප්‍රතිචාරය දක්‌වද්දී ඔවුන්ට පහරදීමක්‌ සිදුවිය. එහිදී උදුරා ගත් සිංහ ධජය පුළුස්‌සා දැමීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ලයිටරයේ ගිනිදැල් නොනැගීම නිසාය.

මේ සිද්ධිය ගැන අපේ මහ කොමසාරිස්‌ කාර්යාලය නිහඬවිය. එහෙත් කොටි ඩයස්‌පෝරාව ඡායාරූපයක්‌ විකාශනය කරමින් එම දෙදෙනාගෙන් බ්‍රිතාන්‍ය පොලිස්‌ නිලධාරියකු කරුණු විමසන අයුරු දක්‌වනු ලැබීය.

එහෙත් මේ කොටි විරෝධයේ සිටි දෙදෙනකු අපි හඳුනාගත්තෙමු. ඉන් එකෙක්‌ කොටි අවිආයුධ සැපයීමට මුදල් එකතු කළ ටී ආර් ඩී සංවිධානයේ ප්‍රධානි රෙජි නමැත්තායි. අනිත් තැනැත්තා කිලිනොච්චි පොලිස්‌ ස්‌ථානාධිපතියි.

රෙජී ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව ඇති අයෙකි. එහෙත් රෙජී ඕනෑකරන අයකු බවට දක්‌වන ඉන්ටර්පෝල් ලැයිස්‌තුව දැන් අහෝසිවී ඇත. මෙරටින් පැනගිය කිලිනොච්චි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා බ්‍රිතාන්‍ය රජයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා තිබේ.

මෙවන් පසුබිමක්‌ මැද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය එදත් අදත් නිවාඩුව ගතකරන්නන්ගේ පාරාදීසයක්‌වී ඇත. මෙයට පෙර සිටි තානාපති නිලධාරියෙක්‌ තේ කොළ අලෙවි කළේය. ඔහු රට ගැන ක්‍රියාකළේ නැත. එම සමයේ කොටි විරෝධතාවලට බලෙන් සහභාගිවිය. එමෙන්ම ප්‍රභාකරන්ගේ වම්කකුල කපාදමා ඇති බවට ශ්‍රී ලංකාවේ එවකට පැවැති මහින්ද රාජපක්‍ෂ රජයට බොරු වාර්තාවක්‌ එවූ දේශපාලන අනාථයාද අද නිහඬ වී ඇත.

ඔහු අද කටුනායක හෝටල් හිමියෙක්‌ බවට පත්වී ඇත. එදා දේශප්‍රේමි වෙස්‌ගත් මොහු දැන් ලන්ඩන් සමීපයේ හන්ස්‌වර්ත්හි වාසය කරයි.

මොහු එදා මහින්ද රාජපක්‍ෂ යටතේ සිය පවුලේ අයෙක්‌ද ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ සේවයට දමාගෙන තිබුණි. ඊට අමතරව එදා ජනාධිපති කාර්යාලයේ සිටි ඡායාරූප ශිල්පියකුද තම පවුලේ අයෙක්‌ අපේ මහ කොමසාරිස්‌ කාර්යාලයේ තනතුරකට පත්කර ගෙන තිබුණි. ඔහු අද සිටින්නේ වත්මන් ජනාධිපති යටතේයි.

එහෙත් මේ කිසිවෙක්‌ ශ්‍රී ලංකාවේ හමුදාව බේරාගැනීමට හෝ කොටින්ට එරෙහිව සටන් කළේ නැත.

මේ පසුබිම මැද කොටි ජාත්‍යන්තර ජාලය සතු අතිවිශාල මුදලක්‌ බ්‍රිතානයේ බැංකු කීපයක ඇති බව අපට හෙළිවිය. මේ නිසා එම මුදල් වලින් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් රැසක්‌ මිලයට ගැනීමට කොටි ඩයස්‌පෝරාවට හැකිවී ඇත.

එසේ වූවත් ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය හෝ රජයේ යාන්ත්‍රණය ඒ ගැන පරීක්‍ෂණයක්‌ කර නැත.

මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවට එරෙහි බොරු යුද අපරාධ චෝදනාව ඉවත් කරගැනීමට බ්‍රිතාන්‍ය රජය ක්‍රියානොකරන්නේ මන්ද යෑයි අපි විමර්ශනය කළෙමු.

ඒ එම චෝදනාවට අදාළ ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකයකු ලෙස ක්‍රියාකරන්නේ ශ්‍රී ලංකාව නිසාය.

එහෙත් චිල්කොට්‌ වාර්තාවෙන් බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයේ යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ලවන අවස්‌ථාවේ බ්‍රිතාන්‍යයේ තෙරේසා මේ අගමැතිනිය මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙත පැවසුවේ අපි ඒ ගැන පරීක්‍ෂණ කරන බවත් ඊට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය නැති බවත්ය.

මේ අතර කොටි ඩයස්‌පෝරාව නේස්‌බි සාමිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරණ ස්‌ථාවරය වෙනස්‌ කරගැනීමට දැරූ උත්සාහයද අසාර්ථක විය.

නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි 39 ක්‌ ඉරිදා දිවයින සංග්‍රහය වෙනුවෙන් මාහට ලබාදීමට ක්‍රියාකළේය. එය මෙරට වෙනත් කිසිදු මාධ්‍යයකට ලබාගැනීමට නොහැකි විය.

එසේම යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අතුරු යෝජනා පිටපතක්‌ කොටි ඩයස්‌පෝරාවටද ලැබී තිබූ අතර එය ප්‍රසිද්ධියේ පුළුස්‌සා දැමීමට කොටි ක්‍රියාකළහ.

මේ අතර බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ද්‍රවිඩයන්ට මරණ තර්ජන එල්ල කළ බවට දැක්‌වෙන ඡායාරූපය ගෙන ඇත්තේ ලන්ඩන් නුවර කොටි ක්‍රියාකාරියකු වූ සුවාග්රාඡ් සත්‍යමූර්ති නමැත්තා බවත් එය විගස සමාජ වෙබ් අඩවිවලට දමා ඇත්තේ කොටි නීතිවේදිනියක්‌ වූ ෂිවානි ජෙගරාජා බවද හෙළිවිය.

ෂිවානි නමැත්තිය විගස එම ඡායාරූපය බ්‍රිතාන්‍ය ස්‌වදේශ ලේකම් ඇම්බර් රද් සහ විදේශ ලේකම් මොරිස්‌ ජොන්සන් වෙත යවා තිබේ.

 

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here