ලෙබනන් සාම සාධක බළකායේ ප්‍රධානියා ලෙස පත්කර සිටි ලුතිනන් කර්නල් වසන්ත කුමාර හේවගේ ලෙබනනය බලා යැම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අත්හිටුවා ඇත.
ඔහු යුද අපරාධකරුවකු ලෙසට නම්කර එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ප්රමුඛ කොටි ඩයස්පෝරාව යොමුකළ පැමිණිල්ලක් නිසා මෙම පියවර ගෙන තිබේ. ලුතිනන් කර්නල්වරයාගේ ලෙබනන් ගමන අත්හිටවූ බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක සර්ගන් හක් පැවසීය.
කිලිනොච්චි නගරය ගිනි තැබූ බවට ලුතිනන් කර්නල්වරයාට එරෙහිව සාවද්‍ය චෝදනාවක් එම පැමිණිල්ලෙන් නගා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා හමුදා නිලධාරියකු සාම සාධක බළකායක් වෙත යෑවීම අත්හිටවූ මුල් අවස්ථාව මෙයයි.
ලුතිනන් කර්නල්ගේ මෙහෙයවීමෙන් යුත් සාමසාධක බළකාය මාර්තු 6 දා ලෙබනන් බලා යැමට නියමිතව තිබිණි.
කීර්ති වර්ණකුලසූරිය