විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි! ලිපිය ජනපතිට

0
997

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත අදාල ලිපිය බාරදී තිබෙනවා.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබුවා. කතානායකවරයා සභාපතීත්වය දරන මෙම සභාවේ අග්‍රමාත්‍යවරයා සහ විපක්ෂ නායකයාද සාමාජිකත්වය දරනවා.

තවත් සාමාජිකයින් 6 දෙනකුටද ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය හිමිවන අතර, ආණ්ඩුපක්ෂයෙන් දෙදෙනකු, විපක්ෂයෙන් දෙදෙනකු, එම කිසිදු පක්ෂයකට සම්බන්ධ නැති අයකු හා ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි තවත් සාමාජිකයකු වශයෙන් ඔවුන් පත්වනවා.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාව පසුගිය කාලයේ දැරූ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධූරයන්ගෙන්ද ඉවත් කෙරුණු අතර මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආසන සංවිධායක තනතුරෙන්ද ඉවත් කරනු ලැබුවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here