විපක්‌ෂ නායකකම යොදාගෙන රට බෙදන්න පුළුවන්ද?

0
1075

මතුගම සෙනෙවිරුවන්

දෙදහස්‌ පහළව වසරේ පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රණය කරන ලද එක්‌සත් ජාතික පක්‌ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයත් සමග එක්‌ව බහුතර ආණ්‌ඩුවක්‌ බලයට පත් කළහ. එය ජාතික ආණ්‌ඩුවක්‌ ලෙසට හැඳින්වුවද එවැනි ගිවිසුමක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව කථානායකවරයාද පිළිගෙන තිබේ. එවිට එම ඊනියා ජාතික ආණ්‌ඩුවේ නීත්‍යානුකූල බව පිළිබඳ ප්‍රශ්නයක්‌ මතු වේ. එහි ගැටලුව මතුවන්නේ ඇමැතිවරුන් තිස්‌ දෙනෙකු ගෙන් සමන්විත කැබිනට්‌ටුවක්‌ පත් කළ යුතුව තිබියදී ජාතික ආණ්‌ඩුවේ නාමයෙන් එම සංඛ්‍යාව හතළිස්‌ අට දක්‌වා වැඩිවීමෙනි. කෙසේ හෝ මෙම ඊනියා සභාගය පවත්වාගෙන යැමට තිබෙන මූලික න්‍යාය පත්‍රයක්‌ විය. එA පිළිබඳව එක්‌සත් ජතික පක්‌ෂයේ හිටපු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහතා කළ හෙළිදරව්ව උසාවිය ඉදිරියේ අභියෝගයට ලක්‌ කළද ජනතාව ඉදිරියේ බොරුවක්‌ බවට පත්ව නැත. එනම් දෙමළ ජාතික සංධානය සමග ඇති කර ගත් ගිවිසුමයි. උතුර සහ නැගෙනහිර පළාත එක්‌ කොට සහසන්ධීය රාජ්‍යයක්‌ ලබා දෙන බවට වූ පොරොන්දුව අනුව නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා කරුණු ගොනු කළ බව සියලු දෙන දනී. අවසානයේ එය අතුරු වාර්තාවක්‌ ලෙසට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කෙරුණි. එම කාර්යය සාර්ථක කර ගැනීමට නම් පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක ඡන්ද බලය ලබා ගත යුතුය. ජාතික ආණ්‌ඩුව සදන ලද්දේ එයටයි. උතුරේ දෙමළ දේශපාලනඥයන් ගෙන් මෙයට නිල පිළිගැන්මක්‌ ඇතිකර දී එය ජාත්‍යන්තරයටද පෙන්වා දිය යුතුව තිබුණි.. විපක්‌ෂ නායක ලෙසට ආර්. සම්බන්ධන් මහතා පත් කරන ලද්දේ මෙම අරමුණ ශක්‌තිමත් කර ගැනීමට බව ඉතාමත් පැහැදිලිය.

රාජවරෝදියම් සම්බන්ධන් ගේ පරපුරට උතුරේ සහ නැගෙනහිර දිගු ඉතිහාසයක්‌ නොමැත. 1807 මාර්තු 25 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ද්‍රවිඩ වහලුන් වෙළෙඳාම් කිරීමේ පනත මගින් මලබාර් වහලුන් ලංකාවට ගෙන එන ලදී. වෙසෙසින්ම ත්‍රිකුණාමලයේ සිට මහනුවරට පාරක්‌ කැපීමට පිළිමතලව්වේ හරහා ගත් උත්සාහය මත මෙම වහලුන් අවශ්‍ය විය. එහෙත් ශ්‍රී වික්‍රම රජු එයට කැමති වූයේ නැත. සම්බන්ධන් ගේ සීයා එලෙස ලංකාවට පැමිණි වෙල්ලාහල වහල් පරපුරකට බැඳී ඇත. පසුව සම්බන්ධන් ගේ පියා ගල්ඔය සංවර්ධන මණ්‌ඩලයට එකතු වී එහි ගබඩා භාරකරුවෙකු ලෙසට සේවය කර තිබේ. එනිසාම ඉංග්‍රීසීන් ගෙන් ලැබුණු පිටිවහල මත යාපනයේ ශාන්ත පැට්‌රික්‌ විදුහලේ දී මිෂනාරි අධ්‍යාපනය තුළින් උසස්‌ අධ්‍යාපනයට යොමුව නීති විදුහලටද ඇතුළත් වන්නට සම්බන්ධන්ට වරම් හිමි විය. ආර්. සම්බන්ධන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වීම ලබන්නේ 1977 වර්ෂයේ දීය. එA දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරයකු වශයෙනි. ඔහු ලැබූ චන්ද සංඛ්‍යාව 15144 කි. පසුව 2001 මැතිවරණයේ දී තමිල් අරසුකච්චි පක්‌ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කොට 2015 මැතිවරණයෙන් ඡන්ද 35,834 ක්‌ ලබමින් වර්තමාන නියෝජනය ලබා ගෙන ඇත. 1956 දී ඔහු චෙල්වනායගම් ගේ ෙµඩරල් පක්‌ෂයට සමග එක්‌ව දේශපාලනයට පිවිස තිබේ. එම නිසා ඔහු එදා සිටම ෙµඩරල් මතධාරියෙකි. 1911 දී පොන්නම්බලම් ගේ බලපෑම් මත මෙම වහල් පරම්පරාවන්ට ලංකා දෙමළ නමින් රට තුළ අනන්‍යවයක්‌ හිමි විය. 1949 වැනි ඈත කාලයක පටන් මෙම ලංකා දෙමළ ජනවර්ගය ෙµඩරල් නැත්නම් වෙනම දෙමළ රටක්‌ යන සිහිනයේ සිටියහ. එම සිතිවිල්ල පහළ වූයේ 1956 දී රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන් පසු නොවන බව හැන්සාඩ් වාර්තාවලින් දත හැකිය. කෙසේ වෙතත් 2017 මැයි 08 දින සිළුමිණ පත්‍රයට සම්බන්ධන් කරන ප්‍රකාශය ඉතා වැදගත්ය. ඔහු එහිදී කියා ඇත්තේ ෙµඩරල් ඉල්ලන එකේ වරදක්‌ නෑ යනුවෙනි.

ව්‍යාජ දෙමළ ඉතිහාසයක්‌ මවා ගනිමින් (කේ. එම්. ද. සිල්වා ගේ අසම්පූර්ණ නිබන්ධනය) සම්බන්ධන් මහතා දෙමළ නිජබිමක්‌ ගැන කතා කරයි. මෙරට පුරවැසියකු ලෙසට ඔහුට තමන්ගේ ප්‍රදේශයේ වැසියන් ගැන මෙන්ම රටේ පොදු ප්‍රශ්න ගැන කතා කරන්නට අයිතියක්‌ ඇතද ෙµඩරල් පාලනයක්‌ හෝ දෙමළ ස්‌වයං පාලනයක්‌ ගැන කතා කිරීමට නොහැකිය. එA දහනව වන සියවසේ ලංකා ඉතිහාසය විසින් ඔහුගේ අනන්‍යතාවය පැහැදිලි කර ඇති බැවිනි. එසේම මෙම වහල් පරපුරු සියල්ල (විග්නේශ්වරන් ප්‍රභාකරන් සහ පොන්නම්බලම්) බ්‍රිතාන්‍යයන් විසින් යොදා ගෙන ඇත්තේ මෙරට උරුමක්‌කාරයන් වන සිංහල ජනතා අයිතිවාසිකම් අහිමි කිරීමට ආයුධයක්‌ ලෙසිනි. වහලුන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී රට තුළ පුරවැසිකම් දී අද දේශපාලනය තුළ සිංහලයන් පාලනය කිරීමේ බලය ලබා දී තිබේ. එA පාර්ලිමේන්තු ආසන 16 ක්‌ හිමි කර දීමෙනි.

සැබවින්ම මෙම ආසන දහසය ලබා ගැනීමට ඔවුන් උපයෝගී කරගත් ඡන්ද සංඛ්‍යාව කොපමණද. එය ගණනින් පන් ලක්‌ෂ පහළොස්‌දහස්‌ නවසීය හැටතුනකි. 1960 වැනි කාලයකදී යාපන දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රී ආසන 10 ක්‌ තිබුණි. (යාපනය කන්කසන්තුරේ පේදුරුතුඩුව කයිට්‌ස්‌ උඩුප්පිඩි උඩුවිල් නල්ලුර් චාවාකච්ෙච්රි වඩුක්‌කොඩෙයි සහ කෝපායි) නමුත් එය පසුව 11 ක්‌ බවට පත් විය. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යළි ආසන 10 කටද පසුව ආසන නවයකටද 2010 දී ආසන 06 කටද සීමා විය. සමස්‌ත පාර්ලිමේන්තුව ට තිබෙන ආසන 160 කි. ජාතික ලැයිස්‌තුවෙන් ආසන විසි නවයකි. බෝනස්‌ ආසන 07 කි. මේ අතරින් ඉතාමත්ම අඩු ඡන්ද සංඛ්‍යාවකින් ආසන දිනාගන්නේ යාපනය මන්නාරම වවුනියා නියෝජනය කරන පක්‌ෂ විසිනි. 2015 දී මැතිවරණ කොමිසම විසින් යාපනයේ තවත් එක්‌ ආසනයක්‌ එකතු කර 07 දක්‌වා ඉහළ දමා තිබේ. එA අනුව දෙමළ ජාතික සන්ධානය ආසන 16 ක්‌ (බෝනස්‌ ආසන සමග) දිනාගෙන ඇත. නමුත් මෙම ඡන්ද සංඛ්‍යාව ජනතා විමුත්ති පෙරමුණ විසින් දිනා ගන්නා ලද 54,3944 ට වඩා අඩුය. එහෙත් ජනතා විමුක්‌ති පෙරමුණට ආසන 06 ක්‌ ලැබෙන විට දෙමළ ජාතික සන්ධානයට ආසන 16 ක්‌ ලැබෙයි. මෙය පාර්ලිමේන්තු නියෝජනයේ බරපතල විකෘතියකි. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොට්‌ඨාස ක්‍රමය හඳුන්වා දුනහොත් මෙම ආසන සංඛ්‍යාව තව දුරටත් වැඩි වීමේ ඉඩකඩ තිබේ. මෙවැනි තත්ත්වයක්‌ තුළ පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායකකම ලබා ගැනීමට ඉතාමත් සුදුසු වන්නේ දෙමළ ජාතික සන්ධානය බවට කථානායකවරයා ගත් තීරණයට පසුබිම් වූ කතා පුවත නැවත විශ්ලේෂණය කිරීම සිදු විය යුත්තකි.

තමිල් අරසු කච්චි මෙන්ම දෙමළ ජාතික සන්ධානයද දිගින් දිගටම සිය මැතිවරණ ප්‍රකාශනවලදී දෙමළ නිජබිම පදනම් වූ ස්‌වයං පාලනයක්‌ ලබා ගැනීමට තැත් දරන බව දක්‌වා තිබේ. මෙය නීතිය ඉදිරියේද සාකච්ඡා කරන ලද කාරණයකි. මෙම අරමුණ දිනා ගැන්මට උතුරේ සිටි සිංහලයන් එළවා දමනු ලැබූහ. එය කරන ලද්දේ දෙමළ සන්ධානයේ ආයුධ සන්නද්ධ අංශය වන දෙමළ විමුක්‌ති කොටි විසිනි. ඉන්පසු ඔවුහු සිය ප්‍රජාතන්ත්‍රවාදී බෙදීම සඳහා අවශ්‍ය පසුබිම මැනවින් සකස්‌කර ගන්නා ලදී. වර්තමාන සීමා නිර්ණය ඔස්‌සේ එය තවත් ඉදිරියට යායුතුව ඇත. මෙම තත්ත්වයට පොහොර කරනු ලැබූවේ දෙමළ ඩයස්‌පෝරාවයි. ඔවුහු දිගින් දිගටම අමරිකානුවන්ට නෝර්වේ සහ බ්‍රිතාන්‍ය මානව ක්‍රියාකාරීනට අල්ලස්‌ දෙමින් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය තුළ සාකච්ඡා කළහ. ශ්‍රී ලංකා රජයට මෙන්ම හමුදාවටද යුධ අපරාධ චෝදනා එල්ල කොට ජිනීවා වලදී රජය හිර කර තැබූහ. එම උගුලේ විහින්ම පැටලුන එකම රජය එක්‌සත් ජාතික පෙරමුණු රජයයි. එම නිසා දෙමළ දේශපාලන පක්‌ෂ විසින් ඉල්වන ලද උතුරේ ස්‌වයං පාලනය දීමට රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව බැදී තිබේ. එදා බ්‍රිතාන්‍යයන් විසින් දෙමළ වහලුන් මෙරටට ගෙන එන ලද්දේ සිය යටත් විජිත වුවමනාවන් ඉටු කර ගැනීමටයි. එලෙසම අද වන විට මෙම වහලුන්ගේ මෑත කාලීන පරම්පරාවන් යොදා ගෙන රටේ ප්‍රමුඛ දේශපාලනය තුළ කේවල් කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව ස්‌වයං පාලනයක්‌ ලබා දීමට උත්සාහ දරමින් ඇත. විපක්‌ෂ නායකකම සම්බන්ධන්ට ප්‍රදානය කෙරුණේ එA නිසාය. 2015 මැතිවරණයෙන් සම්බන්ධන් මහතා ගේ පක්‌ෂ ඡන්ද පන්ලක්‌ෂයක්‌ ලබා ගත් නමුදු 2018 පළාත් පාලන මැතිවරණයෙන් ඔවුන් ලබා ගෙන තිබෙන්නේ ඡන්ද හාර ලක්‌ෂයට අඩුවෙනි. එයින් කියෑවෙන්නේ සාමාන්‍ය දෙමළ ජනතාව මෙම බෙදුම්වාදයට විරුද්ධ වෙමින් සිටින බවයි. එසේ වන අතර වැඩි ඡන්ද වලින් දිස්‌ත්‍රික්‌ දහනවයක්‌ දිනා ගත් පොදු ජන පෙරමුණ ලංකාවේ ප්‍රබලතම පක්‌ෂය බවට පත් වෙයි. එහෙත් ඔවුනට විපක්‌ෂ නායකකමවත් නැත. නමුත් සම්බන්ධන් මහතා තවදුරටත් විපක්‌ෂ නායක බව පැවසෙයි. එහෙත් ඔහුගේ ජන පදනමත් ජාතිවාදී දේශපාලනයත් දැන් ක්‍රමයෙන් අවලංගු වී යමින් තිබේ. එසේ වන කල්හි විපක්‌ෂ නායකකම ඔහුගෙන් ඉවත් කළ යුතුය. වෙසෙසින්ම උතුරේ ජනගහනයට සාපේක්‌ෂව ආසන ගණන අඩුකර දැමිය යුතුය. බෙදුම්වාදී න්‍යාය පත්‍රයද අවලංගු කළ හැක්‌කේ එලෙසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here