”යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් ගණන පිලිබදව එල්ටීටීඊය සහ දෙමල හිතවාදීන් පවසන්නේ බොරු” ගෝලීය ශ්‍රීලාංකික සංසදය සමග නෙස්බි සාමිවරයා පවසයි

0
1063

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් නෙස්බි සාමිවරයා වෙත එංගලන්ත පාර්ලිමේන්තුව තුලදී ප්‍රණාමය පුද කරයි.
මහා බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය තුල අප ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් යුධ අපරාධ නොකල බවට ලොව පුරා රටවල් දැනුවත් කරමින් LTTE ත්‍රස්ථවාදයට විරුද්ධව විශාල සටනක නිරත වෙන නෙස්බි සාමිවරයා සමග විශේෂ සාකච්චාවක් සහ එතුමාට උපහාර පිදීමේ උත්සවයක් පෙබරවාරි 08 වන දින සාමි මහා බ්‍රිතාන්‍යයේ සාමි මන්ත්‍රී මණ්ඩල ශාලාවකදී පැවැත්විනි .ඒ සදහා විශේෂයෙන්ම රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර , පුජ්‍යය බෙන්ගමුවේ නාලක හිමියන් ප්‍රමුක පිරිසක් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිට එකසත් රාජධානියට පැමිණ සහභාගී වූ අතර සහභාගී වූ අතර, ගෝලීය ශ්‍රී ලාංකික සසදය නියෝජනය කරමින් එහි විවිධ රටවල සම සභාපතිවරුන් සහ නියෝජිතයින් සහභාගී විය.

මුලින්ම නෙස්බි සාමිවරයා සමග විශේෂ සාකච්චාවක් රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර , පුජ්‍යය බෙන්ගමුවේ නාලක හිමියන් සහ වදුරබ කස්සප හිමියන් මුලික කරගෙන ගෝලීය ශ්‍රී ලාංකික සසදයේ සහ එක්සත් රාජධානි ගෝලීය සංසදයේ විශේෂ නියෝජිත පිරිසක් ද සමග පැවැත්වින. එහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ චෝදනා ඉවත් කරවා ගැනීම සදහා ගෝලීය සංසදය ගෙනයන වැඩපිළිවෙල පිළිබදව නෙස්බි සාමිවරයා දැනුවත් කරන ලද අතර එතුමා විසින් ඉදිරියේදී කරන්නට බලොපොරොත්තු වන ක්‍රියාකාරකම් සම්භන්දයෙන්ද එකට එක්වී ක්‍රියා කල හැකි වැඩ පිළිවෙලක්ද ඇතිකර ගන්නා ලදී.

අනතුරුව සාමි මන්ත්‍රී මණ්ඩලයේම ඇට්ලි ශාලාවේ පැවති ප්‍රධාන උත්සව සභාවේදී සමස්ත දේශප්‍රේමී ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන්ම නෙස්බි සාමිවරයාට කෘතගුණ දැක්වීමේ සහ උපහාර පිදීමේ උත්සවයක් රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර , පුජ්‍යය බෙන්ගමුවේ නාලක හිමියන් සහ වදුරබ කස්සප හිමියන් මුලික කරගෙන ගෝලීය ශ්‍රී ලාංකික සසදයේ සහ එක්සත් රාජධානි ගෝලීය සංසදයේ විශේෂ නියෝජිත පිරිස සමග එක්වූ එක්සත් රාජධානි දේශප්‍රේමින් විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් පැවැත්වින. එහිදී එක්සත් රාජධානි ගෝලීය සංසදයේ ලේකම් නීතිඥ ජයරාජ් පලිහවඩන මහතා සංවිධායක මණ්ඩලය වෙනුවෙන් සියල්ලන් පිළිගනිමින් උත්සව සභාව ආරම්භ කල අතර , රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා විසින් විශේෂ උපහාර දේශනය පවත්වන ලදී. එක්සත් රාජධානි ගෝලීය සංසදයේ සභාපති ප්‍රසංග ජයමාන්න මහතා විසින් නෙස්බි සාමිවරයාගේ සේවය අගයමින් විශේෂ සන්නසක් කියවා බාර දීමෙන් පසුව රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර , පුජ්‍යය බෙන්ගමුවේ නාලක හිමි, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ලේකම් යසස් ධර්මදාස මහතා සහ එක්සත් රාජධානි ගෝලීය සංසදයේ උපදේශක කපිල ජයසේන මහතා විසින් නෙස්බි සාමිවරයාට, එම මැතිණියට සහ මොහොමඩ් ෂේක් සමිවරයාට විශේෂ සමරු තිලිණ ප්‍රදානය කිරීමද සිදු විය. ගෝලීය ශ්‍රී ලාංකික සසදයේ එක්සත් අරාබි එමීර් රාජයේ සභාපති සුනිල් චද්‍රකුමාර මහතා විසින් සිදු කරන ලද ගෝලීය ශ්‍රී ලාංකික සසදයේ ආරම්භය, වර්තමාන සහ අනාගත වැඩපිළිවෙල පිළිබද දැනුවත් කිරීමකින් සහ ස්තුති කතාවෙන් උපහාර උත්සව සභාවේ කටයුතු අවසාන කරන විය .

බ්‍රිතාන්‍ය සාමි මන්ති මණ්ඩල ඇට්ලි ශාලාවේ පැවති මෙම විශේෂ අවස්ථාව එක්සත් රාජධානියේ ලියාපදිංචි සංවිධානයක් වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය – එක්සත් රාජධානිය මගින් සංවිධානය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here