ශ්‍රී ලංකාවේ හිරිහැර ගැන කියමින් ජිනීවාහි මුස්‌ලිම් විරෝධතාවක්‌

0
1736

සමන් ගමගේ

ශ්‍රී ලංකාවේ දෙමළ කතා කරන මුස්‌ලිම් ජනතාවට පොලිසිය හමුදාව සහ සිංහලයන් එකතුවී පහර දෙමින් හිරිහැර කරන බව පවසා මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සලය තුළ විරෝධතාවක්‌ පවත්වා තිබේ.

මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිට මෙසේ විරෝධතාවක නිරතවූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

සිංහ ධජය අත දරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිටට රැස්‌වු ඔවුන් පෙරේදා (19 දා) මෙම විරෝධතාව පවත්වා ඇත.

එම විරෝධතාව අතරතුර ගෝලීය දෙමළ සංසදය පැවැත්වූ සමාන්තර සැසියකට සහභාගි වෙමින් කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව වෙනුවෙන් කරුණු දැක්‌වූ ඩී. සයාස්‌ නමැති යුරෝපීය උපදේශකයකු ද සිංහල ජනතාව විසින් ලංකාවේ දෙමළ කතාකරන මුස්‌ලිම් ජනතාව සමූල ඝාතනය කරන බවට චෝදනා කර තිබේ.

mus2

කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී මෙරට මුස්‌ලිම් ජනතාව පෙන්වා චෝදනාවක්‌ කළ ප්‍රථම අවස්‌ථාවද මෙය වන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා පැවසීය.

එම අවස්‌ථාවේදී ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ආරාධනයෙන් එහි ගොස්‌ සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා 1990 වසරේදී එල්ටීටීඊ ය විසින් යාපනයේ සිටි මුස්‌ලිම් ජනතාව පන්නා දැමූ හැටිත්, මායිම් ගම්මානවල සිටි මුස්‌ලිම් ජනතාව සමුල ඝාතනය කළ ආකාරය හා 1990 දී කාත්තන්කුඩි පල්ලියේ යාඥා කරමින් සිටි මුස්‌ලිම් ජාතිකයන් 147 දෙනකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ අන්දමත් පෙන්වා දී තිබේ.

ගොඩහේවා මහතාගේ කරුණු දැක්‌වීත් සමග ගෝලීය දෙමළ සංසදයේ සමාන්තර සැසිය අතරමග නවතා ඔවුන් පිටව ගොස්‌ ඇත.

මේ අතර සුනන්ද දේශප්‍රිය ඇතුළු පිරිසක්‌ එක්‌ව ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජනතාවට හිරිහැර සිදුවන බව පවසමින් පෙරේදා තවත් සමාන්තර සැසියක්‌ පවත්වා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here