ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා පළමු විවාදය අද

0
1229

කීර්ති වර්ණකුලසූරිය ජිනීවා සිට

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධ පළමු විවාදය අද (16 වැනිදා) ආරම්භ වේ.

ඇමෙරිකාව, නෝර්වේ, ප්‍රංශය, ස්‌විට්‌සර්ලන්තය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 50 ක්‌ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කර ඇති නිර්දේශ 300 ක්‌ පිළිබඳව මෙම විවාදයේදී අවධානය යොමු කෙරේ.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවාදය හමුවේ ශ්‍රී ලංකාවට අදාළ විශ්ව සමාලෝචන වාර්තාවද ඉදිරිපත් කෙරෙනු ඇත.

අද ආරම්භ වන ශ්‍රී ලංකාව සම්බන්ධව විවාදය සඳහා ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ එම්. කේ. සිවාජිලිංගම්, ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ආනන්දි සසිතරන්, ශොර්ත රාජා ගඡේන්ද්‍රකුමාර ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන්ද කොටි ඩයස්‌පෝරා සංවිධාන 17 ක්‌ද පැමිණ තිබේ.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයද මෙවර රටවල් පහකින් නියෝජිතයන් 30 ක්‌ මානව හිමිකම් සමුළුවට යවා ඇත.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here