ශාපය…………………

0
1425
අනේ අම්මේ ඒ බැල්ම තමයි බැල්ම කොන්ඩේ ලස්සනට හදලා රැවුලා නීට් එකට කපලා wow මාරම ගති පට්ට කොල්ලෙක් ඒ ඇඳුම ඒ හැසිරීම ඒ හැමදේම අතර තිබුනු පොඩි රස්තියාදු ගතිය ඇත්තටම මාව ඇදීලා ගියා ඇත්තටම මටත් නොදැනීම මගේ ඇස් හැම මොහොතකම එයා දිහාට ඇදීලා ගියා මට නොබල ඉන්න බැරිතරම් මම කීප සැරයක්ම හැරි හැරි එයා දිහා බැලුවා හැබැයි එයා නිකම්වත් මම දිහා බැලුවේ නෑ ඈත බලන් මොනාදෝ කල්පනා කලා මම හීන අතර අතරමං වෙලා ඉන්නකොට එකපාරම බස් එකේ කොන්දොස්තර අයියා කෑගැහුවා බහින්න බහින්න ඉක්මනින් බහිනවා ඕයි වාත නොවී කියලා අනේ ඒ බැන්නේ මගේ හීන කුමාරයාට…

එයා බැහැලා ගියා…..

කොල්ලෙක් දිහා බලන් ඉන්න ගිහින් බහින තැනත් මිස් උනා දැන් පලයන්කෝ ආපහු පයින්, අපරාදේ කොල්ලත් මිස් උනා බහිත තැනත් මිස් උනා කොහෙන්දෝ ඇසෙන සින්දුවකුත් අහගෙන ඉදිරියට ඇදුනා
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි ජීවීතේ..//
සිනහා.. කඳුළු.. එනවා.. යනවා…
භාවයෙන් භවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ..//
සිනහා.. කඳුළු.. එනවා.. යනවා…
ඈතකින් ඇසුන ජර බර ගාන සිංදුවත් අහගෙන පාරේ තැන තැන ගැවසෙන යාචකයන්ට හිතින් බැන බැන පාරේ ඇවිද යන විට අහම්බෙන් අර සිංදුව ඇහුන පැත්තට ඇස් යොමු කලා දෙවියනේ මේ අර කොල්ලා යකො මූ පාරේ සිංදු කියන එකෙක්නේ චික්, හොද වෙලාවට මම මූ එක්ක කතා නොකලේ.. අනේ ඇත්තටම මුන්ට අතපය හොල්ලලා වැඩක් කරන්න බැරි හැටි මහා කපටි ජාතියක් අනුගෙන් කීයක් හරි හොයාගෙන මුන් මහතුරු වගේ ඉන්න හැටි……… මුන්ට රැවටිලා මිනිස්සු කී දෙනෙක් සල්ලි දෙනවා ඇතිද මුන් සමාජයට බරක්

දිනක් ගතවී පසුදිනක

හදිසියේ බසයට ගොඩවී සීට් එකක් දැක්ක ගමන් වාඩි උනා ටිකක් හරි බරි ගැසී බසයේ කවුළුවෙන් පාර දිහ බලනකොට දැක්ක දසුනෙන් කැරකිලා ගියා මලා යකෝ මේ අර හිඟන්නා පෙනේද මූ ඉන්න හැටි sunglass දාලා ඩෙනිම ඇදලා ඔව් ඉතින් අනුන්ගේ සල්ලිනේ මුන්ට කොහොම ඉන්න බැරිද කාලකන්නි චික් මේකා ලගම ඉදගන්න උනානේ… හිතින් බැන බැන සිටින අතරතුරේ පෙරදා රාත්‍රියේ වැඩිපුර අවදෛයෙන් සිටිනිසාවෙන මටත් නොදැනී නින්ද ගියා ……….
“ආ බහින්න බහින්න ඉක්මන් කරන්න නෝනා බහින්න ඇති නිදාගත්තා… ”
මෙහෙම ඇහෙනකොට තමයි මාව උඩ ගිහින් ඇහැරුනේ නැගිටින්න හදනකොටම කාගේදො පසුම්බියක් මම එය අතට ගෙන කොන්දොස්තර ලගට ගිහින් දුන්නා
අනේ නොනා ඕවා බාරගන්න බෑ නෝනාට පුළුවන් නම් ඕක ගිහින් දෙන්න අපිට වැඩ තියනවා…
“ අනේ මුන් වගේ උන් යකෝ මේක මගේ එකෙක් දාලා ගියා වගේ නේ මුන් කියවන්නේ….”
කාර්‍යාලයට ගිය විගසම පසුම්බිය ඇද බැලුවා අනේ අහිංසක අම්මා කෙනෙක්ගේ රුපියල් 300ක් සමග හැදුනුම්පතක් තිබුනා හවස යනගමන් දීගන යනවා……
කාර්‍යාලය කලින් අවසන් කර මිතුරියක් සමග කඩිමුඩියේ බසයට නැගගත් මම, පසුම්බිය අතට ගත්තා නැවතත් හැදුනුම්පතේ ලියා ඇති ලිපිනය බලා බෑගයට ඔබා ගත්තා….. මිනිස්සු කොච්චර දුක් විදිනවාද මිනිස්සුන්ට මොනතරම් ප්‍රශ්න තියනවාද කියලා මට දැනුනා පසුම්බියේ තිබූ රුපියල් 300 නැතුව කොච්චර මේ අම්මා අපහසුතාවයට පත් වෙන්න ඇතිද ගෙදර ගියේ කොහොමද මේ දේවල් සිතමින් ඉන්න අතර තුරේ…
කෝ අර මිනුවන්ගොඩ බහින නොනලා දෙන්නා, නෝනා විජේමාවත තව ඉස්සරහා තියෙන්නේ එතනින් බහින්න
අසුනෙන් නැගිට අප කොන්දොස්තර මහතා ලගට ගොස් , බසයෙන් බැස ලිපිනය පෙන්වා කීපදෙනෙකුගෙන් ඉතාමත් අසිරූව ගෙදරට යන පාර සොයාගත්තා …
මූසල පරිසරයක නිහැඩියාව බිදිමින් සිතට සහනයක් එක්කරනට වගේ
“රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ සතුරට ලය දී මිස මැරුනේ නෑ ලේ පැල්ලම් නෑ පිට පැත්තේ “
පද ටික ඈතින් ඇසී නෑසී ගියාය…
අම්මෝ ඇති යන්තම් අර තියෙන්නේ ගෙදර නිමන්ති සුසුම් ලමින් කීවාය වරෙන් වරෙන් යමන් ඉක්මනට ඕක දීලා යන්න..
අප දෙදෙනා ගෙදරට කාන්දම් දෙකක් මෙන් ඇදීලා ගියා
ගෙදර කවුද ..? ගෙදර කවුද ..? ගෙදර කවුද ..?
කෝ බං මොකෙක්වත් නෑ නේ ඇතුලට එබිලා බලමු
මොහොතකින් අපි දෙදෙනා ගෙතුලට එබුනෙමු…
සම්මාන පදක්කම් අතරින් එක් සුන්දර ජායාරූපයක් නෙත ගැටුනා තාත්තා , අම්මා , පුතාලා දෙදෙනෙක් එහි සිටියා ඊට ඔබ්බෙන් එකපෙලට හමුදා නිලධාරීන් තුන් දෙනෙකුගේ ජායාරූප ඉතා ගාභීරව අප දෙස බලන් සිටියා…..
අපදෙදෙනාගේ නිහඬ බව බිදිමින් වතුර වැටෙන හඬක් අපට ඇසුනා අපි ඒ දෙසට පිය නැගුවා….. ලින් පඩියට හේතුකර තිබූ කෘතිම පාදයත් ඊට එහායින් තිබූ සොහොන් දෙකත් ලිද අසලින් ඇසෙන්නාවූ කසු කුසුවත් මට යමක් වටහා දුන්නා
මම ඉබේම ආපසු හැරුනා මම නැවතත් ගෙතුලට ගොස් ජායාරූප දෙස බැලුවා සියල්ල වැටහුනි පසුම්බිය අත හැරුනු මම කෑගසා හඬනවාද නැතිද කියා සිතාගන්නට බැරිව ගොළු උනා පබසරා පබසරා කියමින් මොනවාදෝ මට කීවා නිමන්තිගේ සද්දේ මට ලාවට මතකයි මම කැටුව ගිය මගේ මිතුරිය නිමන්ති මා සමග ආපසු ආවාද මා ගෙදරට ආවේ කෙසේදයි මා දන්නේ නැත………………………………………………..

පසු දින මා කාර්‍යාලය කරා ගියා…

එදා මෙන්ම අදත් වේදනාකාරි ලෙස ඇසුනි “ගීතයක් ඇසුනි “
මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව

ඒ මා ශාප කල රණවිරු මිනිසාය..

සමාවෙයන් මට මම මගේ සිතට කියාගතිමි

……නිමි…..

ඒ කුරිරුවු වූ යුද්ධය සියල්ල අහිමිකර ඇත මිනිසුන් විරුවන් කලද ඒ යුද්ධය සමහරුන් හිගන්නන් කර ඇති බව ඔබ මා දන්නා කරුනකි එත් අප සියල්ල සිදු නොවූ ලෙස අප ගලවාගත් දෙවිවරුන් පිටස්තරයන් කොට ඔබත් මමත් සුර සැප විදිනවාද එය මටද නොහැගෙනා කරුනකි කෙසේ වෙතත් ඔවුන් මිය ගියා ඒ අප වෙනුවෙන් පදක්කම සම්මාන දේශ විභූෂන නාමයන් පමනක් හිමිකරගෙනය එත් ඔවුන් වෙනුවෙන් අප කුමක්ද කලේ
[ උපුටාගැනීම ආරම්භය ]

බේරාගැනීමට සතුරන්ගෙන් මෙලක

මුදවාගනිමි යැයි සිතමින් මතු දිනක

රුපුසෙන් අභිමුවේ නොම පසුබැස පසෙක

උපදින් විරුණි ඔබ ලක්දිව තව වරෙක

තිස්වසරක යුද්ධය අවසන් වෙන්නට කලියෙන් 2008 වසරේදී 8 වසරේ සිසුවියක් වන පී. ඒ. නදීෂා ශාමනී පතිරාජ විසින් රචනා කල කවි පන්තියකින් උපුටාගත්තකි උපුටාගැනීම අවසන් ………..
සිංහල පෙරමුණගේ සමන් වික්‍රමසිංහ [ විශේෂ ස්තුතිය ජනිත් ඉෂාර ]
ජායාරූප උපුටාගැනීම අන්තර්ජාලයනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here