ස්‌විස්‌ කොටි අධිකරණයට තර්ජනය කරති

0
1005

බිහිසුණු යුද අපරාධ සිදු කළ හිටපු කොටි ක්‍රියාකාරීන් 132 ක්‌ මුදාහරින ලෙස ද්‍රවිඩ සංධානය උතුරු මහ ඇමැති සහ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන රජයට දැඩි බලපෑම් කරන බව අනාවරණය විය. මෙයට සමාන සිද්ධියක්‌ ස්‌විස්‌ටර්ලන්තයේ බ්‍රෙලින්සොනා පෙඩරල් අධිකරණය ඉදිරියේ පැවැති කොටි හිතවාදීන්ගේ උද්ඝෝෂණයකින් තහවුරු විය. ඒ ඩොලර් මිලියන 15 ක්‌ හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 2250 ක මුදලක්‌ කොටි ත්‍රස්‌තයන්ට අවි ආයුධ මිලයට ගැනීම සඳහා එවූ කොටි 13 කට එරෙහි නඩුව අහෝසි කරන ලෙස එම ස්‌විස්‌ කොටි ක්‍රියාකාරීන් අධිකරණ විනිසුරුවන්ට බලපෑම් එල්ල කිරීමයි.

මේ කොටි ක්‍රියාකාරීන් 13 ක කණ්‌ඩායම කවුදැයි හෙළි කිරීමෙන් ස්‌විස්‌ බලධාරීන් වැලකී සිටියේය. එහෙත් කොටි මිනීමරුවන්ට අරමුදල් එවීමට දායක වූයේ වත්මන් ස්‌විස්‌ කොටි නායක සිවනේෂන් හෙවත් රගුපති හෙවත් රගු සහ අබ්දුල්ලා හෙවත් ජෙයපාලන් නමැති කොටි ක්‍රියාකාරීන්ය. අධිකරණය ඉදිරියේ විරෝධය පෑ කොටි හිතවාදීහු චෝදනා ලත් කොටි 13 ක්‌ බේරාගැනීමට ඔවුන් අපූරු තර්කයක්‌ ද ඉදිරිපත් කළහ.

කොටි සංවිධානය ස්‌විස්‌ටර්ලන්තය තුළ තහනම් සංවිධානයක්‌ නොවන බවත් මේ 13 ක පිරිස මුදල් යෑව්වේ විමුක්‌ති අරගලයක නිරතවූවන් සඳහා බවත් ඔවුහු තර්ක කළහ.

ස්‌විස්‌ රජය කොටි සංවිධානය තහනම් නොකළත් ස්‌විස්‌ පෙඩ්පෝaල් පොලිසියේ වාර්ෂික වාර්තාවේ කොටි ත්‍රස්‌තවාදී මෙන්ම අපරාධකාර සංවිධානයක්‌ ලෙස නම් කර තිබුණි.

මෙම ස්‌විස්‌ කොටි කණ්‌ඩායම සූරිච් නුවර ක්‍රෙඩිට්‌ සුqයිසේa බැංකුවට ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර ණය වශයෙන් මුදල් ලබාගෙන තිබූ බව හෙළි විය.

ඇප මත නිදහස්‌ව සිටින මෙම කොටි 13 ක කණ්‌ඩායම පිළිබඳව ස්‌විස්‌ පොලිසිය ප්‍රාන්ත 10 ක්‌ පුරා විමර්ශනය කර නිවාස 23 ක්‌ ද පරීක්‍ෂණයට ලක්‌ කර ඇත. ස්‌විස්‌ටර්ලන්තයේ නීතිපති කාර්යාලයේ ප්‍රකාශකයා දක්‌වන අන්දමට ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව නමැති සංවිධානය මුවාවෙන් මොවුන් බැංකුවෙන් ණය ලබාගෙන තිබේ. කොටි සංවිධානයට ආයුධ සැපයීම සඳහා අරමුදල් සැපයීමේ චෝදනාව එල්ලවූ රගුපති හෙවත් රගු 1990 දී ශ්‍රී ලංකාවේ සිට ස්‌විස්‌ටර්ලන්තයට පැනගිය අයෙකි.

2009 දී කොටි සංවිධානය පරායට වීම නිසා එවකට ස්‌විස්‌ කොටි නායකයාව සිටි කුලම් හෙවත් ඇව්රෝ කුලම් විසින් රගුපතිට නායකත්වය භාර දී ඇත.

රගුපති අද ස්‌විස්‌ කොටි නායකයා ලෙස කටයුතු කරමින් තවදුරටත් ස්‌විස්‌ කොටි ජාලය මෙහෙයවයි. එසේම ඔහු පවසන්නේ කොටි අරගලය නතර කර නැති බවයි. එසේම ද්‍රවිඩ ජනතාව තවදුරටත් අරමුදල් ලබාදෙන බවද ඔහු කියා සිටියි. කෝකියකු ලෙස සේවය කරන රගුපතිගේ නිවස වැටලූ පෙඩ්පෝල් පොලිසිය ඔහුගේ පරිගණක උපාංග, සිම් කාඩ්පත් සහ කොටි ලාංඡනය අඩංගු කබාය ද අත්අඩංගුවට ගෙන ඇත.

දින 25 ක්‌ තිස්‌සේ සිරභාරයේ සිටි රගුපති ඇප පිට නිදහස්‌ කර තිබේ. අද මොවුන්ට එරෙහි නඩුව අහෝසි කරන ලෙස ඉල්ලන්නේ කොටි හිතවාදීන් ය. එහෙත් ස්‌විස්‌ නඩු අධ්‍යක්‍ෂ කාර්යාල එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත.

කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස ප්‍රකාශයට පත් නොකිරීම ගැන ස්‌විස්‌ මන්ත්‍රිනී ඇන්ඩි්‍රයා හෙයිග් බුක්‌ලර් වරක්‌ ස්‌විස්‌ රජයට චෝදනා කළාය. රගුපති ඇතුළු කොටි 13 ක පිරිසකගේ කටයුතු අනාවරණය වූයේ ස්‌විස්‌ ද්‍රවිඩයකු පොලිසියට කළ පැමිණිල්ලක්‌ නිසාය.

මෙම පසුබිම මැද මෙම කොටි නඩුව විභාගයට ගැනීමෙන් ස්‌විස්‌ කොටි ජාලයේ ක්‍රියා අනාවරණය වනු ඇතැයි ස්‌විස්‌ කොටි ක්‍රියාකාරීහු බියට පත්වී සිටිති. ඒනිසා එම නඩුව අහෝසි කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

ස්‌විස්‌ ආරංචි මාර්ග දක්‌වන අන්දමට තවමත් මසකට ස්‌විස්‌ ප්‍රෑන්ක්‌a 50 සිට 200 දක්‌වා මුදල් ලබාදීමට ද්‍රවිඩයන් ක්‍රියා කරති. රගුපති මෑතකදී පැවසුවේ ස්‌විස්‌ කොටි භාණ්‌ඩාගාරයේ ප්‍රෑන්ක්‌ 10,000 ක මුදලක්‌ එකතුවී ඇති බවයි.

මේ මුදල් ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළට එකතු කළ බව කිව හැකිද? ස්‌විස්‌ටර්ලන්තයේ ද්‍රවිඩයන්ගෙන් සියයට 80 ක්‌ ම විමුක්‌ති අරගලයට සහාය දක්‌වන බවත් ද්‍රවිඩයන්ගේ ස්‌වාධීනත්වය ලබාගැනීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් පවසා ඇත.

මේ තත්ත්වය මත මෙම ස්‌විස්‌ කොටි නඩුවට ශ්‍රී ලංකාවේ පොලිස්‌ සහ නීති බලධාරීන් මැදිහත් වී නැත.

කීර්ති වර්ණකුලසුරිය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here