සිංහල සංවිධාන නායකයන් 5 කට ආනන්දි දෙහි කපයි

0
1380

අන්තවාදී සිංහල නායකයන් ලෙස හඳුන්වමින් උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිදරන් විසින් සිංහල සංවිධාන නායකයන් පස්‌දෙනකුගේ නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

මෙලෙස ඉදිරිපත් කර ඇත්තේ අමිත් වීරසිංහ, සාලිය පී. රණවක, ඩැන් ප්‍රියසාද්, අරඹපොල රතනසිරි හිමි සහ අම්පිටියේ සුමනරතන හිමි යන පිරිසගේ නම්ය.

පිටු 20 ක වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරමින් ඇය දන්වා ඇත්තේ මහනුවර සිදුවීම්වලට වගකිවයුත්තේ මෙම පිරිස බවයි.

බොහෝම භික්‍ෂූන් වහන්සේලා රැසක්‌ එහි සිදුවීම්වලට සම්බන්ධව බවට ද ඇය තම වාර්තාවෙන් චෝදනා එල්ලකර ඇත. මෙම සාවද්‍ය වාර්තාව සකස්‌ කිරීම සඳහා ඇයට සහය වී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයකි.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here