සෙයිද් රාද් හුසේන් ගෙදර යද්දී ජිනීවා යෝජනාව දිගටම…

0
581

ජිනීවා සිට ඉරිදා දිවයිනට විශේෂයෙනි

මානව හිමිකම් කවුන්සිලයට බිම් බෝම්බ ප්‍රහාරයක්‌

දඩයක්‌කරු කන්දේ සිට නිවසට පැමිණ ඇත – රොබට්‌ ලුවී ස්‌ටීවන්සන්

genewa38 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වී අදට දින 14 කි. එහෙත් බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්‌ඩලයේ නේස්‌බි සාමීවරයා දැඩි සටනක්‌ කර බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයෙන් ලබාගත් ශ්‍රී ලංකාවට වාසිදායක වාර්තාව මෙවරද ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර නැත. නේස්‌බි සාමිවරයා සඳහන් කළේ ද්‍රවිඩ සිවිල් වැසියන් 40000 ක්‌ මරුමුවට පත්වූ බවට දියත් වී ඇති ප්‍රචාරය සාවද්‍ය බවත් කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ වාර්තාවට අනුව 2009 ජනවාරි සිට මැයි මස දක්‌වා මරුමුවට පත්වූ සංඛ්‍යාව 6000 ක්‌ බවත් ඉන් 1/4 ක්‌ කොටි ත්‍රස්‌තවාදීන් බවද සඳහන් කරනු ලැබීය.

එහෙත් බ්‍රිතාන්‍ය රජය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය එකී වාර්තාව පිළිගෙන නැත. මේ පසුබිම මැද එක්‌සත් එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවකු කොටින්ගේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්ව තිබූ ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාවට අදාළ තොරතුරු සොයාගනු ලැබීය. මෙම තොරතුරු පසුගියදා නෙස්‌බී සාමිවරයා වෙත පිළිගැන්වීමෙන් පසු ඔහු විශ්මයට පත්විය.

ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්වී තිබූ තොරතුරු 1500 කට අධික සංඛ්‍යාවක්‌ නිරීක්‍ෂණය කිරීමේදී මෙලෙස සඳහන් කර තිබුණි. 2009 ජනවාරි මියගිය සංඛ්‍යාව 331 පෙබරවාරි මස, 1188 මාර්තු මස – 1961 අප්‍රේල් මස 3889 මැයි මස 4476 – එකතුව 11645 කි.

කොටි නිල වෙබ් අඩවිය මෙලෙස මියගිය සංඛ්‍යාව 11645 කට සීමාකර තිබියදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් දක්‌වන්නේ මියගිය සංඛ්‍යාව 40000 ක්‌ බවයි.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් සිදුකළ ගවේෂණාත්මක මෙහෙයුමක්‌ මත කොටින්ගේ නිල සංඛ්‍යාලේඛන වලින් කොටි හිතවාදීන් මානව හිමිකම් සමුළුව තුළ දියත්කර ඇති බොරු ප්‍රචාර වලට අභියෝගයක්‌ එල්ල කර ඇත.

එහෙත් බ්‍රිතාන්‍ය රජය තම ආරක්‍ෂක උපදේශකගේ සහ ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ පළවූ තොරතුරු පිළිගැනීමට ක්‍රියාකර නැත. එහෙත් ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ වීමෙන් පසු බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මොරිස්‌ ජොන්ස්‌ටන් එකවරම බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළේය.

ඒ ඊශ්‍රායලයට එරෙහිව දියත් කර ඇති යුද අපරාධ චෝදනා ඇතුළු එදිරිවාදිකම් 2018 දෙසැම්බර් මස අවසානයට පෙර ඉවත්කර ගන්නැයි ප්‍රකාශ කිරීමයි. බ්‍රිතාන්‍යයේ මේ ප්‍රකාශය මානව හිමිකම් කොමසාරිස්‌වරයා කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයාගේ මේ දැඩි ප්‍රකාශය මානව හිමිකම් කවුන්සිලයට එල්ල වූ අනතුරු ඇඟවීමකි. බ්‍රිතාන්‍යයේ මේ ප්‍රකාශයට මුල් වූයේ ඊශ්‍රායලය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය 78 වතාවක්‌ ක්‍රියාත්මකවීම නිසා බව ඊශ්‍රායල් රජය ද හෙළිකර තිබුණි.

බ්‍රිතාන්‍යය මෙකී ප්‍රකාශය කිරීමට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම අවසන් කතාව කළේය.

ගතවූ වසර පහ තුළ රටවල් 40 ක්‌ අපේ විශේෂ නියෝජිතවරුන්ට එම රටවල්වලට පිවිසීමට ඉඩ දුන්නේ නැත. එහෙත් ශ්‍රී ලංකාව මගේ විශේෂ තානාපතිවරුන්ට රහස්‌ පොලිසිය, ත්‍රස්‌තමර්දන ඒකකය ඇතුළු හමුදා කඳවුරු පමණක්‌ නොව වැලිකඩ සිරගෙදර පවා දොරවල් විවෘත කරදීම ගැන මා සතුටු වෙනවා යෑයි සෙයිද් රාද් හුසේන් කියා සිටියේය.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා තවදුරටත් සිය දේශනයෙන් පැවැසුවේ ඉන්දියාව සහ පාකිස්‌තානය ද එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට දොර විවෘත කළේ නැති බවයි.

එසේම රුසියාව පවා ක්‍රිමියාවේ කටයුතුවලට මැදිහත්වීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට ඉඩ නොදීම ගැන සෙයිද් රාද් හුසේන් කනගාටුව පළකර ඇත. එසේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වී ඇති ජිනීවා යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද යන ප්‍රශ්නය ශ්‍රී ලංකා රජය 38 වැනි මානව හිමිකම් සැසි වාරයේදී විමසා නැත.

මෙවන් තත්ත්වයක්‌ මත මානව හිමිකම් කොමසාරිස්‌වරයා 35 වැනි මානව හිමිකම් සැසි වාරයෙන් සමුගෙන ඇත්තේ ප්‍රකට ගත්කතුවරයකු වූ රොබට්‌ ලුවී ස්‌ටීවන්ස්‌ගේ ප්‍රකාශයක්‌ වූ දඩයක්‌කරු කන්දෙන් බැස ගෙදර ගියා යන කියමන සඳහන් කරමිනි.

එම කියමන සෙයිද් රාද්ගේ නික්‌මයාමට සුදුසු ප්‍රකාශයකි. මන්ද මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බව ඇමරිකාව ප්‍රකාශ කර ඇති විටෙක ඊට බ්‍රිතාන්‍යය ද එක්‌වීමයි. ඇමරිකාවේ එම තර්ජනය ජුනි 19 දා ප්‍රකාශයට පත්විය. එක්‌සත්ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි නිකිහේලි දැඩි ස්‌වරයෙන් ප්‍රකාශයක්‌ කරමින් මානව හිමිකම් උල්ලංඝණය කළ වුන් මානව හිමිකම් ගැන හඬ නගනවා යයි කියා සිටියාය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඒකපාක්‌ෂිකව ක්‍රියාකරන බව ඇය තවදුරටත් පැවැසුවාය. එය අසූචි ගොඩක්‌ බවද ඇය කියා සිටියාය.

මේ සංවිධානයට මානව හිමිකම් කවුන්සිලය යන නම සුදුසු නැත. මෙම සංවිධානය ඒකපාක්‌ෂිකව ක්‍රියාකරනවා යයි ඇමරිකානු තානාපතිනිය වේගවත්ව ප්‍රකාශ කළාය.

නිකිහේලි මෙම ප්‍රකාශය කරන අවස්‌ථාවේ ප්‍රංශය, ස්‌විස්‌ටර්ලන්තය, ඉන්දියාව, කැනඩාව, ශ්‍රී ලංකාව යන රටවල සිට කොටි හිතවාදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු රැසක්‌ මානව හිමිකම් සැසිවාරයට පැමිණ සිටියහ.

ඇමරිකානු තානාපතිනිය විසින් ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා අස්‌වන බවට ප්‍රකාශ කිරීමත් සමඟම කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු අන්දමන්ද වූහ.

එම තත්ත්වය මත ඊලම්වාදීහු ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවන්හලේ ඒකරාශි වී මීළඟ පියවර ගැන සාකච්ඡා කරනු ලැබීය.

“ඇමරිකාව ඔවුන්ගේ මානව හිමිකම් න්‍යායපත්‍රයෙන් ඉවත්වී තිබෙනවා යෑයි ප්‍රංශ ඊලම්වාදියෙක්‌ පවසන අයුරු අපට ශ්‍රවණය වේ.

ඇමරිකාවේ මෙම තීරණය කොටි ඩයස්‌පෝරාවට බෝම්බයක්‌ එල්ලවීමක්‌ වැනිය.

එහිදී වැඩියෙන්ම දුෂ්කරතාවයට මුහුණ පෑවේ ඇමරිකානු අරමුදල් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධාන බලධාරීන්ය.

මෙලෙස 38 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ආරම්භ වූ අවස්‌ථාවේ ජිනීවා යෝජනාවට මුල්වූ ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වෙද්දී ගෝලීය ශ්‍රී ලංකා සංසදය සිය සටන ගෙනයාමේ මෙහෙයුම පසුගිය බ්‍රහස්‌පතින්දා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී සමාන්තර රැස්‌වීමක්‌ ආරම්භ කරමින් පවත්වනු ලැබීය.

genewa2ශ්‍රී ලංකාවේ සුළු ජාතිකයන්ට වෙනස්‌කම් කරන්නේද යන තේමාව යටතේ ආරම්භ වූ මෙම සමාන්තර රැස්‌වීමේදී සුළු ජාතිකයන්ට අධ්‍යාපන, රැකියා සහ වෙනත් සමාජ වරප්‍රසාද ලබාදීමේ සංඛ්‍යාලේඛන ද සුළු ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ස්‌ථානයක ඉඩම් මිලයට ගැනීමට හැකිවුවත් උතුරේ තේසවලාමේ නීතිය නිසා සිංහලයන්ට ඉඩම් මිලයට ගැනීම තහනම් බවත් සුළු ජාතිකයන්ගේ අන්තවාදී ක්‍රියා සහ ඔවුන්ගේ දේශපාලනික උපක්‍රම ගැන ද සත්‍ය තොරතුරු අනාවරණය කිරීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජිතයන් වූ අජන්ත ප්‍රේමරත්න, නුවන් බෙල්ලන්තුඩාව, චමීර යාපා සහ යාජින් තෙන්නකෝන් යන මහත්වරු ක්‍රියාකළහ.

මෙම සමාන්තර රැස්‌වීමේදී එරික්‌ මාකවිටගේ රනිල් ජයනෙත්ති සහ රන්ජන් සහබන්දු දේශකයන්ට සහය වූහ.

මෙම සමාන්තර රැස්‌වීමට සමගාමීව ජූලි 2 දා තවත් සමාන්තර රැස්‌වීමක්‌ පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

එහි තේමාව වූයේ සමූල ඝාතන චෝදනාවට ප්‍රතිචාර දැක්‌වීමයි. ලොව වෙනත් රටවල සිදුවූ සමූල ඝාතන, ශ්‍රී ලංකාවට එල්ලවූ සාවද්‍ය චෝදනා හා කොටි හිතවාදීන්ගේ සැඟවුණු න්‍යායපත්‍ර යන කරුණු ගැන එහිදී අවධාරණය කෙරේ.

මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ යහපාලන රජය එවන් කරුණු ගැන සත්‍යය හෙළිකිරීමට සමාන්තර රැස්‌වීම් පවත්වා නැත.

එහෙත් 2017 වසරේ විදේශ කටයුතු බලධාරීන් රුපියල් බිලියන 8.3 අතිවිශාල මුදලක්‌ විදේශ කටයුතු සඳහා වැයකර ඇත.

පසුගිය කාලය මුළුල්ලේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීම් පවත්වමින් කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකාව සමූල ඝාතනයක්‌ සිදුකර ඇති බවට චෝදනා එල්ල කරනු ලැබීය.

මේ සාවද්‍ය චෝදනා වලට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සභාපති සුනිල් චන්ද්‍රකුමාර, නුවන් බෙල්ලන්තුඩාව, රනිල් ජයනෙත්ති, ජයරාඡ් පලිහවඩන, එරික්‌ මාකවිටගේ, සේනක රාජපක්‍ෂ සහ යාජින් තෙන්නකෝන් ප්‍රතිචාර දක්‌වති.

මෙතෙක්‌ කල් ශ්‍රී ලංකාව ද්‍රවිඩයන් සමූල ඝාතනය කළ බව දක්‌වමින් කොටි ඩයස්‌පෝරාව බැන්ගලෝරයේ මහාචාර්ය පෝල් නිව්ටන් මානව හිමිකම් කවුන්සලයට කැඳවා සමාන්තර රැස්‌වීම් පවත්වනු ලැබීය.

එහෙත් එම ඒකාධිකාරය දැන් බිඳවැටී ඇත.

genewa3උතුරු මහ ඇමැතිනි ආනන්දි සසිතරන්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්, ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම්, ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්, එස්‌. කජෙන්ද්‍රන් ඇතුළු කොටි ක්‍රියාකාරීහු ජිනීවා වෙත පැමිණියේ ඇමරිකානු යෝජනාව කෙරේ විශ්වාසය තැබීමෙනි. ඒ සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ සහාය ද ඔවුන්ට ලැබිණි.

මේ අතර මානව හිමිකම් කවුන්සිලය තුළ ඇමරිකාව රැඳී සිටීමේ කාලය ලබන වසරේදී අවසන් වේ. ඒ නිසා ඡන්දය පාවිච්චි කළ නොහැකි නිරීක්‍ෂකයකු ලෙස ඇමරිකාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙහිදී බරපතළම පරාජය ලැබුවේ 2009 මැයි මස සිට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන වල සහයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකළ ඊළම් ඩයස්‌පෝරාවයි.

හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්‌ලින්ටන්ගේ සහය මත ජිනීවා නුවරදී ඊලම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ඇමරිකානු – ස්‌විස්‌ සහ බටහිර තානාපතිවරුන් හමුවී ශ්‍රී ලංකා හමුදාවට දඬුවම් කිරීම සඳහා විවිධ රහස්‌ සාකච්ඡා පවත්වා ඇත.

මේ නිසා නව ට්‍රම්ප් පාලනය ශ්‍රී ලංකාවට එරෙහිව වගවීමේ ක්‍රියාවලිය තවදුරටත් ගෙනයන්නේ ද යෑයි ඊලම් ඩයස්‌පෝරාව බලා සිටියි.

මෙලෙස ඇමරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීමට පෙර ලබාදෙනු සහ ත්‍රස්‌ත පනත අහෝසි කරනු යනුවෙන් ඉල්ලීම් මෙවර ද මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබීය.

එසේම පසුගිය ජුනි 18 දා තෙන්ඩ්‍රාල් නමැති ඊලම් සංවිධානය මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්‌වීමක්‌ පවත්වමින් ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශ අල්ලාගත් ප්‍රදේශ බවට චෝදනා නැගීය. ඉන් විදේශ ප්‍රජාවට පිළිබිඹුකිරීමට උත්සාහ කළේ උතුරු නැගෙනහිර වෙනම රටක්‌ බවත් එම රට ශ්‍රී ලංකාවේ සිංහල හමුදාව අත්පත්කරගෙන ඇති බවත්ය.

මෙයට අමතරව ලේ පොන්ට්‌ නමැති ඊලම් සංවිධානය ශ්‍රී ලංකාව අළුතින් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනතක්‌ කෙටුම්පත් කර ඇති බවත් එහි අරමුණ ද්‍රවිඩ ජනතාව මර්දනය කිරීම බවත් දක්‌වමින් තවත් සමාන්තර රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන ටැමිල්ස්‌ ඉන් ප්‍රාන්ස්‌ සංවිධානය ද ශ්‍රී ලංකාවේ බිහිසුණු අපරාධ සිදුවී අති බව චෝදනා නගනු ලැබීය. එහෙත් මෙලෙස එල්ල කරන අතිශයෝක්‌තියෙන් යුත් බොරුවලට ප්‍රතිචාර දැක්‌වීමට යහපාලන ආණ්‌ඩුවේ ජිනීවා තානාපති කාර්යාලයේ කිසිවකු ඉදිරිපත් වී නැත.

මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. එහිදී ජිනීවාහි අපේ තානාපති කාර්යාලය කරන්නේ තානාපති නිලධාරිනියක්‌ එම චෝදනා සටහන් කර ගැනීමයි.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත් වුවත් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව එලෙසම ක්‍රියාත්මක වනු ඇත. ජිනීවාහි ක්‍රියාත්මක වන හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානය පැවසුවේ ඇමරිකාව ඇමරිකානු රජය නිරීක්‍ෂකයකු ලෙස ක්‍රියාකරමින් බ්‍රිතාන්‍යය ලවා ජිනීවා යෝජනාව මෙහෙයවූ බවයි.

මේ බව මානව හිමිකම් සැසිවාරයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ද තහවුරු කර ඇත.

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පක්‍ෂපාතිත්වයක්‌ දක්‌වන පිළිවෙතක්‌ අනුගමනය කළත් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගැන අවධානය යොමුකර නැත.

genewa4මෙයට හේතුවී ඇත්තේ ජිනීවා යෝජනාව ඉවත් කරගන්නා ලෙස යහපාලන රජය මේ දක්‌වා ඇමරිකාවෙන් ඉල්ලා නොසිටීමයි.

“මගේ රටේ සෙබථන් දිවි පිදුවේත් තවදුරටත් සටන් කරන්නේත් ත්‍රස්‌තවාදයට එරෙහිවයි. ත්‍රස්‌තවාදය යනු මානව හිමිකම් නොවෙයි. මානව හිමිකම් කවුන්සිලය ඊශ්‍රායලය වෙත එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් එවීමට උත්සාහ කළත් අපි ඊට ඉඩදෙන්නේ නැහැ” යෑයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේය.

මේ අතර මෙරට බෙදුම්වාදී ද්‍රවිඩයන්ට පක්‍ෂපාතී හිටපු ඇමරිකානු තානාපති අතුල් කෙශාප් ද වැඩිදුරටත් පවසා ඇත්තේ ජිනීවා යෝජනාව දිගටම ක්‍රියාත්මක කිරීඹ සඳහා ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට සහය දක්‌වන බවයි.

මේ පසුබිම මත ශ්‍රී ලංකා රජය තමන්ට හිතවත් රුසියාව සහ චීනය ලවා ජිනීවා යෝජනාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කර ගැනීමට මේ දක්‌වා ඉල්ලීමක්‌ කර නැත.

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව දිගටම ගෙනයාම සඳහා ඊලම් ඩයස්‌පෝරාවට සහය දක්‌වන්නේ බ්‍රිතාන්‍යය සහ කැනඩාවයි. එහෙත් ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම නිසා ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව අවලංගු වන බවට ප්‍රචාරයක්‌ ශ්‍රී ලංකාව තුළට දියත් විය.

මේ අතර ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහි එදිරිවාදිකම් නතර කර නැත. ජිනීවා යෝජනාව බ්‍රිතාන්‍යය සහ මැසිඩෝනියාව ලවා තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද්‍රවිඩ සන්ධානය ප්‍රකාශ කර ඇත. මේ පසුබිම මත මෙරට විදේශ කටයුතු බලධාරීන් අතුරුදන්වූවන් ගැන තොරතුරු දන්වන ලෙස විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා ඇත.

එහෙත් අතුරුදන්වූවන් ස්‌විස්‌ටර්ලන්තය, ප්‍රංශය, කැනඩාව, නෝර්වේ ඇතුළු රටවල් රැසක සිටී.

genewa5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here