හමුදාවට චෝදනා කරන ජිනීවා යෝජනාවට අපේ රජයක්‌ යටතේ අභියෝග කරනවා – රියර් අද්මිරාල් සරත් වීරසේකර

0
676

කීර්ති වර්ණකුලසූරිය

අපේ රජයක්‌ යටතේ ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන ජිනීවා යෝජනාවට අභියෝග කරන බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (27 දා) මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතා පැවසීය.

මෙම ජිනීවා යෝජනාවට හිටපු විදේශ ඇමැති මංගල සමරවීර එකඟ වූයේ ජනාධිපති සහ කැබිනට්‌ටුවට නොදන්වා බවද ඔහු කීවේය.

මෙම ජිනීවා යෝජනාව නීත්‍යනුකූල නැහැ. අපි එයට අභියෝග කරනවා. මේ ගැන කරුණු දැක්‌වීමට පවා මානව හිමිකම් කවුන්සිලය ඉඩ දුන්නේ නැහැ යෑයි වීරසේකර මහතා කීවේය.

මානව හිමිකම් කොමසාරිස්‌ සෙහිද් රාද් හුසෙන් මෙවර ශ්‍රී ලංකාවට චෝදනා කරමින් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම මන්දගාමී ලෙස සිදුවන නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විශ්ව සම්මුතිය ක්‍රියාත්මක කළ යුතු බවද පවසා ඇති බවද ඒ මහතා පළ කළේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මැදපෙරදිග නියෝජිත ගැමුණු කරුණාරත්න මහතා කරුණු දක්‌වමින් කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රියාත්මක වන ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මූලස්‌ථානය ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කර එය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවත් කීවේය.

බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශයක්‌ කරමින් ජනතාව පොදුජන පෙරමුණට ලබාදුන් ජයග්‍රහණය ඉදිරියටත් පවත්වාගෙන යායුතු බව කියා සිටියේය.

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම්බන්ධිකාරක නුවන් බෙල්ලන්තුඩාව මහතා කතාකරමින් රණවිරුවන් ජාත්‍යන්තරයට පාවාදුන් එකම රට ශ්‍රී ලංකාව බවද පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here