හමුදාවට භාර නොවූ කොටි 4000 ක්‌ දැන් උතුරේ ක්‍රියාත්මකයි රියර් අද්මිරාල් සරත් වීරසේකර

0
419

කීර්ති වර්ණකුලසූරිය

කොටි 4000 ක්‌ හමුදාවට භාර වූයේ නැති බවත් ඔවුන් දැන් උතුරේ සිට ක්‍රියාත්මක වන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (03 දා) හෙළි කළේය.

වන්නි මෙහෙයුමින් පසු හමුදා බුද්ධි අංශ උතුරේ ක්‍රියාත්මක වූ බවත් දැන් එම බුද්ධි අංශ බැරැක්‌කවලට සීමා වී සිටින බවත් පැවසූ හෙතෙම උතුරේ පවතින තත්ත්වය මතු වූයේ බුද්ධි අංශ අක්‍රීය වීම නිසා බවද කීය.

හිටපු කොටි සම්බන්ධ ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවත් කිරීම නිසා එම සංසදයේ ක්‍රියාකාරීන්ට උතුරට ඒමට ඉඩ ලැබුණු බවද වීරසේකර මහතා කියා සිටියේය

.(උපුටා ගැනීම 2017/08/04 දිවයින පුවත්පතෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here