රට රකින සත්‍යක්‍රියාවට ඔබටත් ආරාධනා!

0
144

අපගේ මාතෘභූමිය බෙදා අස්ථාවර කිරීමට වර්තමානයේ රට අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන සියලු බලවේග යටපත් වී අපගේ ලක් මෑණියන් සුරක්ෂිත වේවා! යි අධිෂ්ටාන කරමින් ශ්‍රී ලාංකික ගෝලීය සංසදය විසින් සංවිධානය කරන අධ්‍යාත්මික සත්‍යක්‍රියාව, 2015.08.16 වැනි ඉරුදින රාත්‍රී 09.38 ට [ශ්‍රී ලංකා වේලාවෙන්] පැවැත්වේ.

තම තමන් සිටින කොතැනක හෝ සිට මෙම සත්‍යක්‍රියාවට මනසින් දායක වන ලෙස සියලු සත්පුරුෂයනට, සියලු දේශප්‍රේමීන්ට මෙසේ ආරාධනා කරමු.

දිනය  

2015.08.16 (අගෝස්තු මස  දාසය වන දින, එනම් අප රටේ ඉදිරි අනාගතය තීරණය වන මහා මැතිවරණයට පෙර දින)

වේලාව

රාත්‍රී 09.38 සිට 09.48 දක්වා.

කලයුතු පිළිවෙල

තමන් කල කුසලයක් හෝ ආරක්ෂා කල ප්‍රතිපත්තියක් හෝ සිහිකොට, ඒ සත්‍ය බලයෙන් අපගේ මාතෘභූමිය බෙදා අස්ථාවර කිරීමට වර්තමානයේ රට අභ්‍යන්තරයෙන් හා බාහිරින් පැමිණෙන සියලු බලවේග යටපත් වී අපගේ ලක් මෑණියන් සුරක්ෂිත වේවායි! ඉහත අධිෂ්ඨානය යලි යලි සිදු කරන්න.

 

අප අතර ඇති සියලු බෙදීම් අමතක කර, කෙලිහිගුණ දත් මිනිසුන් වශයෙන් අපගේ උතුම් වූ මාතෘභූමිය සුරක්ෂිත කරගැනීම සඳහා මේ ඉතාම තීරණාත්මක මොහොතේ ඔබ සියලු දෙන මීට සහභාගී වන්න, හැකිතාක් දෙනාට මෙය දැනුම් දෙන්න.

අපගේ සහෘද ජාලයේ පහසුව සඳහා

UAE 16 Aug 2015       8:08:00 PM
Sri Lanka 16 Aug 2015       9:38:00 PM
USA – NYK 16 Aug 2015      12:08:00 PM
France – Paris 16 Aug 2015       6:08:00 PM
United Kingdom – London 16 Aug 2015       5:08:00 PM
Canada – Toronto 16 Aug 2015      12:08:00 PM
Jordan 16 Aug 2015       7:08:00 PM
Maldives 16 Aug 2015       9:08:00 PM
Netherlands -Amsterdam 16 Aug 2015       6:08:00 PM
Norway – Oslo 16 Aug 2015       6:08:00 PM
Oman 16 Aug 2015       8:08:00 PM
Qatar 16 Aug 2015       7:08:00 PM
Russia – Moscow 16 Aug 2015        7:08:00 PM
Saudi Arabia 16 Aug 2015       7:08:00 PM
Sweden – Stockholm 16 Aug 2015       6:08:00 PM
Switzerland – Geneva 16 Aug 2015       6:08:00 PM
Australia – Melbourne 17 Aug 2015       2:08:00 AM
Japan – Tokyo 17 Aug 2015       1:08:00 AM
New Zealand – Wellington 17 Aug 2015       4:08:00 AM
South Korea – Seoul 17 Aug 2015       1:08:00 AM

මෙත් සිතින් !
ශ්‍රී ලාංකික ගෝලීය සංසදය

 

අපගේ වෙබ් අඩවිය : www.globalsrilankanforum.com
අපගේ Facebook පිටුව : www.facebook.com/GlobalSriLankanForum

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here