උතුර අස්‌ථාවර කරන ඩයස්‌පෝරාව

0
871

(2017 අගෝස්‌තු මස 07 වැනිදා සඳුදා දිවයින පුවත්පතේ කතු වැකියෙන් උපුටා ගන්නා ලදී)

 

යාපනයේ ආරක්‌ෂාව තර වී ඇත. විශේෂ කාර්ය බළකා භට පිරිස්‌ යතුරුපැදි වලින්ද ඒ මේ අත සැරිසරණ අයුරු දක්‌නට ලැබේ. කොටි හිතවාදී වෙබ් අඩවි යාපනයේ ආරක්‌ෂාව තරවීම ගැන කලබල වී ඇත. එනිසාම එස්‌. ටී. එµa, භටයින් යාපනයේ සැරිසරන අයුරු දැක්‌වෙන ඡායාරූප ද සිය වෙබ් අඩවිවල පළකර ඇත. කොටි හිතවාදීන් කලබල වූවාට යාපනයේ ආරක්‌ෂක මෙහෙයුම් බිඳකුදු අඩුකළ යුතු නැත. මන්ද යාපනය අරාජිකවුව හොත් එය රටම අරාජිකවීම හා සමානය. එම අරාජිකත්වය වත්මන් ආණ්‌ඩුවේ දේශපාලන ස්‌ථාවරත්වය ද දෙදරනු ඇත.

ආවා කල්ලිය පිටුපස සිටින්නේ ඩයස්‌පෝරාව බවට තොරතුරු හෙළිව තිබේ. එසේ නම් ආවා කල්ලිය මෙහෙයවන්නේ නෝර්වේ රාජ්‍යයේ සැඟවී සිටින නෙදියවන්ද? කවරක්‌ වෙතත් යාපනයේ ආරක්‌ෂාව තහවුරු කර උතුරේ දෙමළ ජනතාවට සාමයෙන් ජීවත් වීමට හැකි වාතාවරණය සකස්‌ කිරීම ආරක්‌ෂක අංශවල වගකීම වේ. පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන් යළි ත්‍රස්‌තවාදයට තල්ලු කිරීම කොටි ඩයස්‌පෝරාවේ අරමුණයි. උතුර අස්‌ථාවර වුවහොත් ඩයස්‌පෝරාවට වැඩියෙන් කප්පම් ගැනීමේ මුදල් එකතු කර ගැනීමේ අවස්‌ථාව සැලසෙයි. උතුර සාමකාමී වුවහොත් එහි ජනයා සහජීවනයෙන් ජීවත් වන්නේ නම් ඩයස්‌පෝරාවට තමන්ට රිසිසේ මුදල් එකතු කිරීමට නොහැකිය.

ලංකා රාජ්‍යයට එරෙහි ක්‍රියාකරන බලවත්ම සංවිධානය වන්නේ කොටි ඩයස්‌පෝරාව බව රහසක්‌ නොවේ. කවර ආණ්‌ඩුවක්‌ බලයට පත් වුවද ඊනියා ඩයස්‌පෝරාවේ මෙහෙයුම් හා ක්‍රියාමාර්ග වෙනස්‌ වන්නේ නැත. මියගිය ප්‍රභාකරන්ගේ අවතාර හෝ කූද්දා යළි ලේ වැගිරීමකට පාර කැපීම මොවුනගේ අරමුණයි. ඒ සඳහා උතුරේ පාතාලයට ඇති තරමින් ඩොලර් එවීමට ඩයස්‌පෝරාව සූදානම්ය. ආරක්‌ෂක බුද්ධි අංශවල කාර්යභාරය විය යුත්තේ මේ සැපයුම් මාර්ග අඩපණ කිරීමයි. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැමීම නවතා ඩයස්‌පෝරාවට එරෙහිව බුද්ධි මෙහෙයුමක්‌ ඇරඹීමට යහපාලන ආණ්‌ඩුව ක්‍රියා කළ යුතුය. යාපනයේ ආරක්‌ෂක සෝදිසි කිරීම් හා අත්අඩංගුවට ගැනීම්වලින් පමණක්‌ ඩයස්‌පෝරාවේ අතපෙවීම් නතර කළ නොහැකිය.

සුපුරුදු පරිදිම උතුරු මහ ඇමැතිවරයා යාපනය ප්‍රදේශයේ ආවා කල්ලියේ ක්‍රියාකාරකම්වලට එරෙහිව සිදු කරන මෙහෙයුම් ගැන උරණ වී ඇති සෙයකි. එල්.ටී.ටී.ඊ.ය නැවත හිස ඔසවන බව පෙන්වමින් උතුරේ සන්නද්ධ හමුදා ක්‍රියාකාරකම් වැඩි කිරීමට උත්සාහ දැරීම අනුමත කළ නොහැකි බව විග්නේශ්වරම් මහතා ප්‍රකාශ කර ඇත. විග්නේශ්වරම් මහ ඇමැතිවරයා පරණ තැටියම යළි වාදනය කරන බව පෙනේ. ඒ කවරක්‌ද? උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩු කරනු. විශේෂ කාර්ය බළකා මෙහෙයුම් අඩු කරනු යන තැටියයි. එහෙත් මෙයට ඉඩදීමට රජයට නොහැකිය.

උතුරේදී පොලිස්‌ නිලධාරීන් ඝාතනය වෙද්දී, පොලිස්‌ නිලධාරීන් කපා කොටද්දී, විග්නේෂ්වරන් ලබාදෙන උපදෙස්‌ භාරගත යුතු නැත. ආවා කල්ලියට එරෙහිව මෙහෙයුම් නතර කළ හොත් එයින් වැඩියෙන්ම පීඩා විඳින්නේ යාපනයේ ජනතාවයි. යාපනයේ ජනතාව දාමරික කල්ලියකගේ ග්‍රහණයට හසුවීම ගැන උතුරු මහ ඇමැතිවරයා කැමැත්තෙන් සිටීද?

ඩයස්‌පෝරාව හා ආවා කල්ලිය අතර ඇති සම්බන්ධය ගැන විග්නේශ්වරන්ට ඉඟි ලැබී ඇතිද? එහෙත් උතුර ස්‌ථාවර කිරීම පිණිස දිනපතා මෙහෙයුම් සිදුවිය යුතුය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here