ඩයස්‌පෝරාවේ බැංකු ගිණුම් ස්‌විට්‌සර්ලන්තයේ

0
85

 

 

කීර්ති වර්ණකුලසූරිය (උපුටා ගැනීම 2017/08/05 දිවයින පුවත්පතෙන්)

කොටි ඩයස්‌පෝරාවේ බැංකු ගිණුම් ස්‌විට්‌සර්ලන්තයේ සැන්ට්‌ මොරිට්‌ස්‌ ප්‍රාන්තයේ බැංකුවක ඇති බව අනාවරණය වී ඇත.

නව ස්‌විස්‌ කොටි නායකයා ලෙස අබ්දුල්ලා ක්‍රියා කරන අතර, සූරිච් නගරයේ බැංකුවකින්ද කොටින් සඳහා මුදල් ලබාගෙන නොගෙවීම ගැන ස්‌විස්‌ නඩු අධ්‍යක්‌ෂ කාර්යාලය ඔහුගෙන් ප්‍රශ්න කර මුදාහැර තිබේ. ස්‌විස්‌ නඩු අධ්‍යක්‌ෂ කාර්යාලය සොයාගෙන ඇති තොරතුරුවලට අනුව කොටි සංවිධානය පසුගිය කාලයේ අවි ආයුධ මිලට ගැනීමට ඩුබායි නගරයට මුදල් යවා ඇත්තේ සැන්ට්‌ මොරිට්‌ස්‌ බැංකුවෙනි.

එම තොරතුරු රහස්‍ය නිසා හෙළි කළ නොහැකි බව ස්‌විස්‌ නඩු අධ්‍යක්‌ෂ කාර්යාලයේ නිලධාරියෙක්‌ “දිවයින” ට පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here