නව ව්‍යවස්‌ථාව හදන 9 කට වැටුප් එක්‌සත් ජාතීන්ගෙන්…

0
8

කිර්ති වර්ණකුලසුරිය

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කරන කාර්යාලයේ සේවය කරන නවදෙනකුට වැටුප් ගෙවන්නේ කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය බව අනාවරණය වී ඇත.මේ සෑම අයකුටම රුපියල් ලක්‌ෂ 2 කට වඩා වැඩි වැටුපක්‌ ගෙවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග දක්‌වයි.

පාර්ලිමේන්තුවේ 4 වන මහලේ පිහිටා ඇති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත් කාර්යාලයට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැටුප් ගෙවන බව මෙතෙක්‌ වාර්තා වී තිබිණි.

ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කිරීම සඳහා මෙම නව දෙනාට කිsසිදු සුදුසුකමක්‌ නැති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කළේය.

එසේම එම ලේකම් කාර්යාලය මෙහෙයවන්නේ ලන්ඩන් නුවර නීති සමාගමක සේවය කළ නිලධාරිනියක්‌ බවද අනාවරණය වී ඇත.

මෙම නව දෙනාට අමතරව පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකු එම කාර්යාලයේ සේවය කරන අතර ඔවුන්ට වැටුප් ගෙවන්නේ පාර්ලිමේන්තුවෙනි.

මේ නිසා යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍යතාව මත කෙටුම්පත් වන්නක්‌ යන ප්‍රශ්නය මතුව ඇත.

(2017/08/06 ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here