බන්ධනාගාරයේ රහස්‌ එජා විශේෂ විමර්ශකට දීලා…

0
100

කීර්ති වර්ණකුලසූරිය

(2017/08/06 ඉරිදා දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

ත්‍රස්‌තවාදී මර්දන පනත යටතේ රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තවාදීන් 88 ක්‌ ඇතුළු 97 කගේ තොරතුරු මුල්වරට මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශක බෙන් එමර්සන්ට ලබාදීමේ බරපතළ සිද්ධියක්‌ අනාවරණයවී ඇත.

එමර්සන් මෙරට සිටින අවස්‌ථාවේ බන්ධනාගාර බලධාරීන් විසින් එම පිරිසගේ නාමලේඛනයක්‌ සකස්‌කර තිබේ.

මේ නාමලේඛනය එක්‌සත් ජාතීන්ගේ විශේෂ විමර්ශකට ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශයද නැතිනම් අධිකරණ අමාත්‍යාංශයද යන්න හෙළිවී නැත.

එහෙත් මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක්‌ බව එම ආරංචි මාර්ග දන්වයි.

මගීන් 55 ක්‌ සහිත ලයන්එයාර් යානාව වැනසීම, සෙබළුන් 12 ක්‌ සමඟ එම්. අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ විනාශ කිරීම, කටුබැද්ද සහ පිළියන්දලදී මගී බස්‌ රථ බෝම්බ තබා විනාශ කිරීම, විල්පත්තුව වනෝද්‍යානයේදී සිවිල් වැසියන් මරා දැමීම ඇතුළු බිහිසුණු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති කොටි ත්‍රස්‌තවාදීන්ගේ නම් එමර්සන්ට ලබාදුන් නාමලේඛනයේ සඳහන් කර ඇත.

ලොව කිසිම රටක්‌ ත්‍රස්‌ත ක්‍රියා සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්‌තයන්ගේ නම් එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයකුට ලබා නොදේ. ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසුවේ මේ නාමලේඛනය විමර්ශනයට ලබාදීමට පෙර ජනාධිපතිට ඉදිරිපත් කර නැති බවය.

මෙම ත්‍රස්‌තවාදීන්ගේ නාමලේඛනය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති එක්‌සත් ජාතීන්ගේ නියෝජිත එමර්සන් එම කොටි ත්‍රස්‌තයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here