මාවිල්ආරු ජයග්‍රනය 2006 අගෝස්‌තු 08

0
14

මෙරට බොහෝ දෙනකුට ප්‍රභාකරන්ගේ භීෂණ යුගය අමතක වී ඇත. එදා සමහරු ප්‍රභාකරන්ට කොතරම් බියක්‌ දැක්‌වූවාද කීවොත් ඔහුව අමතන ලද්දේ ප්‍රභාකරන් මහත්මයා, සටන්කාමියා සහ ගරිල්ලා නායකයා විමුක්තිකාමියා නමිනි..ප්‍රභාකරන්ව පැරදවිය නොහැකි යෑයි හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම්, ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප්, ප්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනී සහ මෙරට ඊනියා යුද විශේෂඥයන් යෑයි කියාගත් තිදෙනකු මෙන්ම ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකී ද පුන පුනා කියා සිටියේය. මේ සාවද්‍ය ප්‍රචාරය මත ප්‍රභාකරන් ආණ්‌ඩුවලට අවසාන නිවේදනය ද දුන්නේය. එම නිවේදනය ප්‍රකාශයට පත් කළේ ප්‍රභාකරන්ගේ සමීපතම මිත්‍රයකු වූ බාලකුමාරයන්ය. අපේ නායකයා සිංහලයන්ට නිවැරැදි වීමට අන්තිම අවස්‌ථාව දී තිබෙනවා. ඊට අවනත නොවුණොත් සිංහල හමුදාව කම්පනයට පත්වන දෙයක්‌ සිදු වෙයි යෑයි බාලකුමාරන් පළ කළේය.

බාලකුමාරන්ගේ මේ තර්ජනාත්මක ප්‍රකාශයට සමගාමීව එල්ලාලන් බළකාය නමින් හඳුන්වාගත් සංවිධානය රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවලට තර්ජනාත්මක ලිපි එවීමට ක්‍රියා කළේය.

ඒ වනවිට කොටි සංවිධානය කොළඹ සහ අවට ප්‍රදේශවල රුපියල් බිලියනයකට අධික දේපළ ,මුද්‍රණාල සහ වෙනත් දේ ලබාගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපල අසල ඉඩමක්‌ ද, කොටහේන ජම්පටා වීදියේ මුද්‍රණාලයක්‌ ද, වැල්ලවත්තේ තෙමහල් ගොඩනැගිල්ලක්‌ ද, කොටි සංවිධානය මිලයට ගෙන තිබූ නමුත් වන්නි මෙහෙයුම් අවසන් වනතුරු ඒ ගැන තොරතුරු හෙළි වූයේ නැත.

2006 ජුලි 21 දා කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා ත්‍රිකුණාමල ප්‍රදේශයේ 30000 කට අධික ජනතාවකට ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාගැනීමට නොහැකි විය. මේ සොරොව්ව වසා දැමීමට ක්‍රියා කළේ ජිනීවා ගොස්‌ හඬනගන උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිතරන්ගේ සැමියා වූ එලිලන් ය. ජනතාවෙaග යහපත උදෙසා සොරොව්ව විවෘත කරන ලෙස රජය ඉල්ලීමක්‌ කළත් ප්‍රභාකරන් ඊට එකඟ වූයේ නැත. 2006 ජුලි 26 දා රජය මාවිල් ආරු සොරොව්ව මුද්‍රd ගැනීමට මානුෂික මෙහෙයුම ආරම්භ කළේය. ඊට ප්‍රතිචාර ලෙස කොටි සංවිධානය මුතූර්, කට්‌ටපරිච්චාන් ශෙල්වනගර්, මහින්දපුර සහ පහළ තෝප්පුර් හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළහ. එසේ වුවත් දැඩි දුෂ්කරතා මැද අගෝස්‌තු 08 දා මාවිල්ආරු සොරොව්ව අල්ලා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි විය. 2006 අගෝස්‌තු 15 දා වනවිට මුළු මාවිල්ආරු ජලාශ ප්‍රදේශය අල්ලාගත් හමුදාව ජනතාවගේ ජල මාර්ගය යළිත් විවෘත කරනු ලැබීය. ඉන්පසු ත්‍රිකුණාමලය වරායට තර්ජනයක්‌ එල්ල කළ සාම්පූර් කොටි කඳවුර අල්ලා ගැනීම සඳහා අගෝස්‌තු 26 දා විශේෂ බළකා සහ පාබල හමුදා විසින් මෙහෙයුමක්‌ දියත් කළේය…,
මෙසේ ආ‌රම්භ කල මාවිල් ආ‌රැ සාම්පුර් යුද මෙහෙයවුම්වලසිට වන්නි මෙහෙයවුමේ අවසන් ජයග්‍රහනය දක්වාම නොනැවතී ඉදිරියටම සතුරාගේ බල කඳවුරැ බිඳ දමමින් ඉදිරියට ඇ‌දුනි…

අවසානයේ ප්‍රභාකරන්ගේ කේන්ද්‍රස්‌ථානය වූ මුලතිව් අල්ලා ගැනීමේ මෙහෙයුම 59 වැනි සේනාංකය භාරව සිටි බ්‍රිගේඩියර් නන්දන උඩවත්තගේ සැලසුම මත ආරම්භ විය. ඝන වනාන්තරය ඔස්‌සේ ඉදිරියට ගිය බලසේනා මුලතිව් දකුණේ පිහිටි කොටින්ගේ වන් ෙµda බේස්‌ කඳවුර අල්ලා ගත්හ. 2009 ජනවාරි 25 දා මුලතිව් කොටි කේන්ද්‍රස්‌ථානය ඇදවැටීම නිසා කොටි නායකත්වය මුලතිව් කුඩා ප්‍රදේශයට කොටු වූහ.

එවකට බ්‍රිගේඩියර්වරුන් වූ ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ඩයස්‌ මෙහෙයවූ 58 සහ 57 වැනි සේනාංක තවත් කොටි කේන්ද්‍රස්‌ථානයක්‌ වූ විශ්වමඩු අල්ලා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුම ව්‍යර්ථ කිරීම සඳහා කොටි කල්මඩුකුලම් ජලාශයේ බැම්ම පුපුරුවා හැරීමට ක්‍රියා කළහ.

එහි අරමුණ වූයේ විශ්වමඩු අල්ලා ගැනීමට එන යුද්ධ ටැංකි ඒකකය කල්මඩුකුලම් ජලාශයේ ජල ධාරා මගින් වැනසීමයි. එහෙත් චීනය ශ්‍රී ලංකාවට සපයා ඇත්තේ දියමත යා හැකි ඇම්පීබියස්‌ වර්ගයේ යුද්ධ ටැංකි බව කොටි දැන සිටියේ නැත.

තිස්‌වසරක්‌ තිස්‌සේ පැවැති අති බිහිසුණු ත්‍රස්‌වාදය 2009 මැයි 19 දා ප්‍රභාකරන් නැමැති ඝාතකයාගේ මරණයෙන් අවසන් විය. වන්නි මෙහෙයුම නිමාවනවිට කොටි සතුව තිබූ ඩොලර් කෝටි 43 ක අවි ආයුධ සොයාගෙන තිබුණි.

එමෙන්ම රාජපක්ෂ රජය මෙම මෙහෙයුමට අවශ්‍යය ශක්තිය හමුදාවට නොසැලී ලබා දුන්නේ රටවල රැසක හා දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 170 ක විරෝධතා මැදය.

කොටි නායකත්වය බේරා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිව සිටි ඩේවිඩ් මිලිබැන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති ද මෙරටට පැමිණියේය. එහෙත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

දකුණු අප්‍රිකාවේ ඩෙස්‌මන් ටුටූ අගරදගුරු සිට ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ද කොටි නායකයන් බේරා ගැනීමට දැඩි උත්සාහක යෙදුණි.

වන්නි මෙහෙයුම නිසා මෙරට මාධ්‍ය පාර්ශ්ව කීපයකට ද වාසනාව උදා විය. ඒ ඔවුන් බොරු මරණ තර්ජන පෙන්නුම් කර ඇමරිකාව හා ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබීමයි.

ආරක්‍ෂක හමුදාව පාවා දුන් “ජුදාස්‌ලා” දෙදදෙනකුට ද එම වාසනාව හිමි වුණි. ඉන් එක්‌ අයෙකුට පාකිස්‌තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ ඉහළ ධුරයක්‌ හිමි විය. අනෙක්‌ ජුදාස්‌ට පවුලේ අය සමග ස්‌විට්‌සර්ලන්තෙaය පදිංචි වීමට හිමිකම ලැබුණි. ඒ ව්‍යාජ සුදු කොඩි කතාව නිසාය. වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන කතාව මින් අවසන් නැත. යුද්ධයෙන් ප්‍රභාකරන් ජයගනු ඇතැයි ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප් තරයේ විශ්වාස කළාය. මම ළඟදීම ශ්‍රී ලංකාවට අවුත් ප්‍රභාකරන් හමුවී ඔහුගේ ජීවිත කතාව ලියනවා” යෑයි ඇනිටා ප්‍රතාප් කියා සිටියාය.

එහෙත් ඇනිටා ප්‍රතාප්ට 2009 මැයි 18 දායින් පසුව ප්‍රභාකරන්ගේ මුහුණ දැකීමට නොහැකි විය. එහෙත් ඊට වසර 2 කට පසු ජපානයේ ටෝකියෝ නුවර පැවැති උත්සවයකදී ඇය දුටුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂයි. ඇනිටා අද වනතෙක්‌ ප්‍රභාකරන්ගේ මාර පරාජය ගැන වචනයක්‌වත් කීවේ නැත.

වන්නි මෙහෙයුමේ 7 වැනි සැමරුම අවස්‌ථාවේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු ද අමතක නොවන චරිතයකි. 57 වැනි සේනාංකයේ මුල්ම සෙන්පතියා ලෙස කටයුතු කළ මානවඩු 2007 පෙබරවාරි මස කල්මඩු සිට වන්නි මෙහෙයුමට දායක විය.

එතුමා මීට දින කීපයකට පෙර හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.

6000 කට අධික සෙබලුන් හා නිලධාරීන් දිවිපිදූ මෙම වන්නි මෙහෙයුමේදී 29551 ක්‌ වූ රණවිරුවෝ ආබාධිත තත්ත්වයට පත් වූහ. කොටි ත්‍රස්තයන් 20000 අධික පිරිසක් මරැමුවට පත්වුහ..නාවික සහ ගවන් හමුදාව ද සිවිල් ආරක්‍ෂක බලකායද විශේෂ කාර්ය බලකාය ද එම මෙහෙයුමට සහය විය.

අවුරැදු දෙකකුත් මාස නමයකින් ඒ පැවති තිස් අවුරැදු යුද්ධය නැවතීම පිළිබඳව දේශපාලනිකව නායකත්වය දුන් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් අප කෟතඥ විය යුතුය..(රණවිරු එකමුතුව පිටුවෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here