නව ව්‍යවස්‌ථාවෙන් කොළඹ පොලිසිය දෙකට කැඩේ…

0
65

කීර්ති වර්ණකුලසූරිය

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටුව වෙත කොළඹ නගරය සඳහා නගරාසන්න පොලිසියක්‌ සහ බස්‌නාහිර පළාතට පළාත් පොලිසියක්‌ ලෙස පොලිස්‌ සේවා දෙකක්‌ නිර්දේශ කර ඇත.

එහෙත් බස්‌නාහිර ප්‍රාන්ත පොලිසියට කොළඹ නගරයේ කටයුතුවලට මැදිහත් විය නොහැකිය.

මෙම නිර්දේශය නිසා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කොළඹ කටයුතු දෙකට කැඩේ. මෙරට පොලිස්‌ ඉතිහාසය තුළ කොළඹ සහ කොළඹ ඇතුළත් බස්‌නාහිර පළාතට පොලිස්‌ සේවා 2 ක්‌ නිර්දේශ වූ මුල් වතාව මෙයයි.

බස්‌නාහිර පළාත් පොලිසිය විශේෂ කොමසාරිස්‌වරයකු යටතේ පාලනය වේ.

(2017/08/27 දින දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here