මෙන්න! සින්නයියා සහ සෝල්හයිම්

0
12

රියර් අද්මිරාල් ට්‍රැවිස්‌ සින්නයියා පසුගිය 17 දා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්විය. ඔහු එම ධුරයට පත්වූයේ ඔහුට ඉදිරියෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සිටියදීය.

සින්නයියා නාවික හමුදාපති ලෙස පත්වීමත් සමඟම ඔහුට චරිත සහතිකයක්‌ දුන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් නොව වන්නි මෙහෙයුම නතර කිරීමට කොටින්ට පක්‍ෂව කටයුතු කළ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායමේ ක්‍රියාකාරියෙකි.

ඊට මූලික හේතුව සාධාරණ සමාජයක්‌ නම්වූ සංවිධානයට සම්බන්ධවී පසුගිය රජයට දොස්‌ නැගීමේ හේතුවෙන් ඔහුට තාවකාලික රැකියාවක්‌ ලැබීමයි.

මේ අනුව සුදුහුණු ගෑමේ කටයුත්ත ඔහුට පැවරී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තොගපිටින් පෙත්සම් යෑවූ මේ දීනයා දැන් එල්. ටී. ටී. ඊ ත්‍රස්‌තවාදයක්‌ ගැනද කියාසිටී.

එහෙත් සින්නයියා වෙනුවෙන් සුදුහුණු ගෑමට මොහු ඉදිරිපත්වූයේ තමන්ට ලැබුණු රැකියාව නිසාය.

ට්‍රැවිස්‌ සින්නයියා අවිවාදයෙන්ම විශිෂ්ඨ නිලධාරියෙකි. ඔහුට චරිත සහතික දීමට එන් ජී. ඕ. කාරයන් අවශ්‍ය නැත.

එහෙත් ට්‍රැවිස්‌ සින්නයියා දේශපාලන පලිගැනිමකට ලක්‌වූවෙක්‌ නොවේ. සින්නයියාට පෙර මොහාන් විඡේවික්‍රම සහ මනිල් මෙන්ඩිස්‌ යන නිලධාරීන්ට ඉහලධුර අහිමිවූයේ විවිධ කුමන්ත්‍රණකාරී සිද්ධීන් නිසාය. තිසර සමරසිංහ නාවික හමුදාපතිවීමට පෙර පෙත්සම් තොගයක්‌ ඔහුට එරෙහිව යොමුවිය. එහෙත් එවකට පැවැති රජය තිසර සමරසිංහට නාවික

හමුදාපතිධුරය දුන්නේය.

එහෙත් ට්‍රැවිස්‌ සින්නයියා දේශපාලන පලිගැනීමකට ලක්‌වූයේ නැත. ඔහු සිය කැමැත්තෙන් නාවික හදුවාවෙන් ඉල්ලා අස්‌විය. නාවික හමුදාවෙන් ඉල්ලා අස්‌වූ ට්‍රැවිස්‌ සින්නයියා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකයකු ලෙස සිව් වසරක්‌ ක්‍රියාකළේය. 2011 වසරේදී නාවික හමුදාවෙන් ඉල්ලා අස්‌වූ ට්‍රැවිස්‌ සින්නයියා දේශපාලන පලිගැනීමට ලක්‌වූවකු බව දක්‌වමින් වත්මන් රජය යලි ඔහුව නාවික හමුදාවට බඳවාගෙන නැගෙනහිර නාවික ආඥපති ලෙස පත්කරනු ලැබීය.

සින්නයියා සමඟ ගාලු නාවික හමුදා කඳවුරට කොටි ප්‍රහාරයක්‌ එල්ලවීමේ සිද්ධියෙන් සේවයෙන් ඉවත්කළ මනිල් මෙන්ඩිස්‌වද රියර් අද්මිරාල් ධුරයට උසස්‌ කර ඔහුද දේශපාලන පලිගැනීමට ලක්‌වූවකු බවට තීන්දු කෙරුණි.

2011 වසරේදී ට්‍රැවිස්‌ සින්නයියා නාවික හමුදාවෙන් ඉල්ලා අස්‌වනවිට ඔහු දේශපාලන හේතුවක්‌ මත ධුරයෙන් ඉල්ලා අස්‌වූ බව ප්‍රචාරය වූයේ නැත.

සින්නයියා නාවික හමුදාවෙන් ඉල්ලා අස්‌වන සමයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට දේශපාලන කටයුතුවලට සහ හමුදා යාන්ත්‍රණයට බරපතල ලෙස මැදිහත්විය. හිටපු ඇමරිකානු තානාපතිනියක්‌වූ මිචෙලි සිසන් සහ පැට්‌රිෂියා බුටේනිස්‌ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔත්තුකරුවන් ලෙස යොදාගැනීමට උත්සාහ කරනු ලැබීය. ඒ බව තහවුරුවූයේ ශ්‍රී ලංකාවේ හමුදාව යුධ අපරාධකළ බවට එම හමුදා නිලධාරීන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ඔවුන්ට වාසි ලබාදීමයි. 2001 ජනවාරි මස කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ සාදයක්‌ පැවැත්වුණි. ඇමරිකානු ශාන්තිකර කලාපීය නාවුක සේනාංකයේ ප්‍රධානියකුගේ පැමිණීම නිමිත්තෙන් පැවැති මේ සාදයට හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කළ මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහට ඇරයුම් කර තිබුණි.

මේ සාදයට සහභාගිවෙමින් සිටි සමරසිංහ වෙත සමීප වූයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකුවූ ජෝන් කාටර්ය.

ප්‍රසාද් සමරසිංහගේ දරුවන් බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලබන බව ඇමරිකානු තානාපති කාර්යාලය දන්නා බවත් බ්‍රිතාන්‍ය අධ්‍යාපනයට වඩා ඇමරිකාවේ අධ්‍යාපනය ඉහල තත්ත්වයේ පවතින බව පැවසූ ජෝන් කාටර් අවශ්‍යනම් මේජර් ජනරාල් සමරසිංහටත් දරුවන්ටත් පවුලේ අයටත් ඇමරිකාවේ ස්‌ථිරව ජීවත්වීමට පහසුකම් ලබාදිය හැකි බවත් කීවේය. ඒ සඳහා කළ යුත්තේ ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත්වී ඇති චෝදනා පහකට සාක්‍ෂිදීම බව කැමර් තවදුරටත් පළකළේය.

ජෝන් කාටර් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධවූවකු බවත් ඔහුට මේජර් ජනරාල් සමරසිංහ වෙත යොමුවීමට යොදාතිබුණේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ බව පසුව හෙලිවිය.

ඇමරිකානු තානාපති කාර්යාලය මෙම චෝදනා වලින් දෙකක්‌ එල්ල කර තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිවය. 2007 වසරේදී කොළඹින් ද්‍රවිඩ ජනතාව ඉවත් කිරීමට ක්‍රියාකාරීමේ සහ රහසිගත මෙහෙයුම් දියත්කිරීම යන චෝදනා හිටපු ආරක්‍ෂක ලේකම්ට එල්ල කර තිබුණි.

ජෝන් කාටර් විසින් මේජර් ජනරාල් සමරසිංහ ඇමරිකාවේ චරපුරුෂයකුද කරගැනීමට දැරූ උත්සාහය පාරාවලල්ලක්‌විය. ඇමරිකානු තානාපති කාර්යාලය සාදයේදී ඇතිවූ සිද්ධිය මේජර් ජනරාල්වරයා ආරක්‍ෂක අමාත්‍යාංශයට ඉහල බලධාරීන්ට දැනුම්දීමත් සමඟම එවකට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ගේ රහස්‌ මෙහෙයුම හෙලිවිය.

මේ නිසා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇමරිකානු තානාපතිනි බුටේනිස්‌ අමතා දියත් කර ඇති ක්‍රියාමාර්ගය ගැන ප්‍රශ්න කරනු ලැබීය.

එහිදී පැට්‌රිෂියා බුටේනිස්‌ පවසා ඇත්තේ විකිලික්‌ස්‌ වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කළ රහස්‌ ලියවිලිවල මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහගේ නම සඳහන් කර ඇත්තේ වැරදීමකින් බවත් තානාපති කාර්යාලය ඔහුගේ නම වැරදියට දක්‌වා ඇති බවත්ය.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා තිබූ රහස්‌ ලියවිල්ලේ දක්‌වා තිබුනේ ගෝඨාභය රාජපක්‍ෂ සහ නාවික හමුදාව යම් සිද්ධීන්වලට වගකිවයුතු යයි මේජර් ජනරාල් සමරසිංහ පැවසූ බවයි.

මේ සම්බන්ධයෙන් පැට්‌රිෂියා බුටේනිස්‌ හිටපු ආරක්‍ෂක ලේකම් වෙත තවදුරටත් පැවසුවේ මේජර් ජනරාල් සමරසිංහ එම සිදුවීම් ගැන තොරතුරු ඇමරිකානු තානාපති කාර්යාලයට ලබානුදුන් බවයි.

මේ අතර විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ මේජර් ජනරාල් සමරසිංහගේ නම සඳහන්වීම නිසා ඔහුට ශ්‍රී ලංකා රජයෙන් දඬුවම් කෙරෙනු ඇති බවට සැකකළ පෝස්‌කැමර් එලෙස ප්‍රසාද් සමරසිංහගේ පවුලේ අය ඇමරිකාවේ රැකවරණ ලබාදීමට ඉදිරිපත්වූ බව තානාපතිනි බුටේනිස්‌ කියා සිටියාය.

එහෙත් ඇමරිකානු තානාපතිකාර්යාලයට තොරතුරු සැපයුවේ කවුරුන්දැයි බුටේනිස්‌ අනාවරණය කළේ නැත.

මෙලෙස ප්‍රසාද් සමරසිංහ ඇමරිකානු තානාපති කාර්යාලය තුළ මුහුණ පෑ අනපේක්‍ෂිත සිද්ධියෙන් පසු ට්‍රැවිස්‌ සින්නයියා හිටිහැටියේම නාවික හමුදා සේවාවෙන් විශ්‍රාම ලැබීය. ඊට මුල්වූ හේතුන් ඔහු හෙලිකළේ නැත.

ඉන්පසු ඇමරිකානු තානාපතිකාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස ඔහු පත්විය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරි ජෝන් කාටර් මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහගෙන් ඉල්ලා සිටියේ නාවික හමුදාවට එරෙහිව එල්ලවී ඇති චෝදනා දෙකකට සාක්‍ෂි දෙන ලෙසයි.

මේ පසුබිම මැද ට්‍රාවිස්‌ සින්නයියා සහ නාවික හමුදාවේ ප්‍රධානියකු අතර 2011 වසරේ මාර්තු මස තවත් අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවිය.

ඒ නැවියන් හයදෙනකු මුලතිව් චුන්ඩිකුලම් වෙරළේ සිට ඩිංගි බෝට්‌ටුවකින් ගැඹුරු මුහුදට ගොස්‌ අතුරුදන්වීමය.

මෙම නැවියන් හයදෙනා යතුකුණු නොකළ ඩිංගි බෝට්‌ටුවක්‌ භාවිත කර තිබුණි. එහෙත් ඔවුන් නාවික ඇඳුමින් සැරසී නොසිටි බව වාර්තා විය.

මොවුන්ට සිදුවූයේ කුමක්‌දැයි අද වනතුරු වාර්තාවී නැත. ඔවුන්ගේ මළසිරුරු පවා හමුවි නැත. මේ සමයේ නැගෙනහිර ආඥපති ලෙස කටයුතු කළ ට්‍රැවිස්‌ සින්නයියා මේ සිද්ධිය නාවුක මූළස්‌ථානයට වාර්තා කළේය.

මෙම අතුරුදන්වීම ගැන කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට නාවික හමුදාව කටයුතු කළේ නැත. ඒත් පසුව වාර්තා වූයේ ඔවුන් ඔස්‌ටේ්‍රලියාවට පැන ගොස්‌ ඇති බවයි. නැවියන් සිව්දෙනාගේ අතුරුදන්වීමේ සිද්ධිය හිටපු ආරක්‍ෂක ලේකම් වෙතද යොමුවිය. මේ වනවිට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ඇබෑර්තුවද ප්‍රකාශයට පත්වීතිබුණි. ට්‍රැවිස්‌ සින්නයියා නාවික හමුදාවෙන් විශ්‍රාම යාමේ ලියවිල්ල ඒ වනවිට ඉදිරිපත් කර තිබුණි.

 

එහෙත් නාවික හමුදාවෙන් විශ්‍රාම යාමට සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ රැකියාව ලබාගැනීමට නම් ඊට රජයේ අවසරය ලබාගත යුතුව තිබුණි.

මෙහිදී සින්නයියාව රජයේ සේවයෙන් නිදහස්‌ කරගැනීමට ඉදිරිපත්වූයේ වෙනින් කවුරුත් නොව තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ය.

බුටේනිස්‌ හිටපු ආරක්‍ෂක ලේකම් වෙත ඉදිරිපත්වී ට්‍රැවිස්‌ සින්නයියා රජයේ සේවයෙන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටියාය. ඇගේ එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ට්‍රැවිස්‌ සින්නයියා දක්‍ෂ නිලධාරියකු බවත් ඔහුගේ සේවය නාවික හමුදාවට අවශ්‍ය බවත් කීවේය. එහෙත් බ්‍රටේනිස්‌ විසින් සින්නයියා ඇමරිකානු තානාපති කාර්යාලයට අවශ්‍ය බව පැවසූ නිසා ඔහුව මුද්‍රdහැරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කටයුතු කළේය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කළ සින්නයියා පසුව වෙනස්‌ රටකට පදිංචියට ගියේ පවුලේ අය සමඟය.

එහෙත් මහින්ද රාජපක්‍ෂ රජය පරාජයවීමත් සමඟම ට්‍රැවිස්‌ සින්නයියා නාවික හමුදාවට යළි එක්‌වූයේ තමා දේශපාලන පලිගැනීමකට ලක්‌වූ බව කියමිනි.

මෙයට පෙර නාවික හමුදාවේ කිසිදු නිලධාරියකු ධුරයෙන් විශ්‍රාම ගොස්‌ ආපසු නාවික හමුදාවට එක්‌වූයේ නැත.

1987 දී කඩල්වුරා නැමැති මුහුදු කොටි බෝට්‌ටු සමූහයේ එක්‌ බෝට්‌ටුවක සිටි සුලෙන්ද්‍රන් ඇතුළු කෝටි 13 ක පිරිස සහ කොටි ආයුධ නැව් 7 ක්‌ විනාශ කිරීමේ මෙහෙයුම දියත්කළ ට්‍රැවිස්‌ සින්නයියා යළි නාවික හමුදාවට එක්‌වීම ගැන තොරතුරු රැසක්‌ පැතිර ගොස්‌ ඇත.

නාවික හමුදාවේ සිටි දක්‍ෂ නිලධාරින් අතරින් එක්‌අයෙක්‌වූ ට්‍රැවිස්‌න්ගේ පියාද නාවික හමුදාවේ වෛද්‍යවරයකු ලෙස සේවය කර තිබේ.

එහෙත් ඇමරිකානු තානාපතිනි ට්‍රැවිස්‌ සින්නයියාව තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස පත්කර ගැනීමද අබිරහසකි.

මේ අතර 2017 දී ඇමරිකානු නාවික හමුදාව හවායි දූපතේ පිහිටි කුඩා යානා, බලඝණ පාසලේ නිලධාරීන් ඇමතීම සඳහා ට්‍රැවිස්‌ සින්නයියා ඇරයුම් කරනු ලැබීය.

එහෙත් එදා නාටක හමුදාවට පිළිබඳව අකුරක්‌වත් නොලිවූ එන්. ජී. ඕ. කාරයෝ නම ඇඳවත ගලවා දමා ට්‍රැවිස්‌ සින්නයියා ගැන ස්‌ත්‍රොaත ගායනා කිරීම ලැඡ්ජා සහගතය. ට්‍රැවිස්‌ සින්නයියා කොටි ආයුධ නැව් වනසන අවස්‌ථා එන්ජීඕ කාරයන් පැවසුවේ එම නැව් කඩදාසි නැව් බවයි.

මේ අතර ප්‍රභාකරන්ගේ අතිජාත මිත්‍රයාවූ එරික්‌ සෝල්හයිම් යළි මතුවිය. ඔහු ඉන්දීය ඩී. එන්. ඒ. ප්‍රවෘත්ති සේවයේ පද්මා රූඩි සුන්දර් රාඡ් සමඟ සාකච්ඡාවක්‌ පවත්වමින් තොරතුරු රැසක්‌ හෙලිකළේය.

එහෙත් සෝල්හයිම් වසර කිහිපයකට පෙර නෝර්වේ රාජ්‍යයේ ආප්ටන් පෝස්‌ටන් පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡා සහ මෙම සාකච්ඡාව අතර පරස්‌පර විරෝධී ප්‍රකාශ මතුවිය.

ශ්‍රී ලංකාවේ සාමය ස්‌ථාපිත කිරීම සඳහා නෝර්වේ රටට ඇරයුම් කලේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බවත් තමා ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනසිටියේ චන්ද්‍රිකා සහ හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් පමණක්‌ බවත් සෝල්හයිම් කියා සිටියේය.

එරික්‌ සෝල්හයිම් මෙසේද ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාවට පැමිණි සෑම වතාවකම ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන මම ඉන්දීය දේශපාලන නායකත්වයටත් ඉන්දීය ඔත්තු සේවාවට (රෝ) දැනුම් දුන්නා.

ද්‍රවිඩ ජනතාව ප්‍රභාකරන්ව දෙවියකු ලෙස හඳුන්වනු ලැබුවා. ඒ මන්දැයි මට තේරුම් ගැනීමට නොහැකියි. ප්‍රභාකරන් පෙඩරල් ක්‍රමය පිලිගත්තේ නැත. අපි ඉටුකළේ ශ්‍රී ලංකා රජය සහ කොටින් කළ ඉල්ලීම් පමණයි. කොටි නායකත්වය ආගමට නැඹුරුවූයේ නැත. කොටි නායකත්වය ක්‍රිස්‌තියානින් බව කිවහැකිය.

ප්‍රභාකරන් මියගිය අන්දම මා දන්නේ නැහැ. එහෙත් ප්‍රභාකරන්ගේ 12 හැවිරිදි පුත් අත්අඩංගුවට ගෙන මරාදැමූ බවට අපට සැකමතුවී තිබෙනවා. මම ආපසු ශ්‍රී ලංකාවට යන්නේ නැහැ. ශ්‍රී ලංකාවට ගියොත් සංහිඳියාවට ප්‍රශ්නයක්‌ වෙයි. මට මිතුරන් රැසක්‌ සිටිනවා. චන්ද්‍රිකා – රනිල් – මහින්ද – රවුෆ් හකීම් මගේ මිතුරන් එරික්‌ සෝල්හයිම් මේ සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රභාකරන් සමඟ තවදුරටත් කාලය ගතකිරීමට නොහැකිවීම ගැන තමා කණගාටුවන බවයි.

මේ අතර මියගිය කොටින්ට යළි ජීවය දීමට උතුරේ කොටි අවතාර සූදානම් වී ඇත. මේ බව තහවුරුවන්නේ ලබන සැප්තැම්බර් 26 දා නල්ලුර් කෝවිල සමීපයේ ඇති මියගිය කොටියකුවූ තිලිපන් ස්‌මාරකය යළි ඉදිකිරීමට එම කොටි අවතාර සැලසුම් කිරීමකි. උතුරු පළාත් සභාපති සිවඥනම් නැමැත්තා යාපනය නගර සභාවෙන් ඉල්ලීමක්‌ කරමින් තිලිපන් ස්‌මාරකය නඩත්තු කරන ලෙස සඳහන් කර ඇත.

එහෙත් මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදිය යුතුද?

තිලිපන් යනු ඉන්දීය රජය ඉල්ලීම් පහක්‌ ඉටුකළ යුතු බව දක්‌වමින් ව්‍යාජ උපවාසයක්‌ ආරම්භ කළ කොටියෙකි.

වඩමාරච්චි මෙහෙයුමේදී තුවාල ලැබූ තිලිපන් මරණාසන්නව සිටියේය. එහිදී තිලිපන් ලවා උපවාසයක්‌ ආරම්භ කිරීමට ප්‍රභාකරන් ක්‍රියාකළේය.

මේ පසුබිම මැද හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිසක්‌ මන්නාරමේ අඩම්පන් කොටි සුසාන භූමිය ශුද්ධ කිරීමට දැරූ උත්සාහය අඩම්පන් පොලිසිය නතර කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

එම ස්‌ථානයට පැමිණි හිටපු කොටි පැවසුවේ මියගිය අය සැමරීමට තමන්ට හිමිකමක්‌ ඇති බවයි.

මේ අතර මුලතිව් හමුදා සේනාංක මූලස්‌ථානය 2018 ජනවාරි මස වනවිට මුළුමනින්ම ඉවත් කෙරේ. උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌වූ මුලතිව් හමුදා මූලස්‌ථානය නැවත ඉදිකිරීමට රජයේ මුදල් රුපියල් කෝටි 37 ක්‌ පමණ වැයවේ.

හමුදා මූලස්‌ථානය පිහිටි ඉඩම් ප්‍රදේශය අවතැන්වූ බව කියන ද්‍රවිඩ වැසියන්ට ලබාදීමට නියමිතය. එහෙත් කොටි මුලතිව් හමුදා කඳවුර ඇතුළු ප්‍රදේශය අත්පත් කරගෙන සිටියදී මේ අවතැන්වූවන් සිටියේ කොහේද? කොටි සංවිධානය උතුරේ ඔප්පු තිරප්පු විනාශ කළේය. එසේනම් අළුතින් ඔප්පු සකස්‌වූයේ කෙසේද?

මෙයට සමගාමීව මුලතිව්හි පිහිටි කොටි ගුවන් ධාවන පථයෙන් ගුවන් හමුදාව ඉවත්කිරීම සඳහා සමස්‌ත ලංකා හින්දු කොංග්‍රසයද ඉදිරිපත්වී ඇත.

එහෙත් රජය මුලතිව්හි කොටි ගුවන් ධාවන පථයෙන් ඉවත්විය යුතුද?

මේ මුලතිව් ප්‍රදේශය රජයේ පාලනයට ගැනීමට අපේ සෙබළු විශාල පිරිසක්‌ දිවිපිදූහ. එහෙත් එම දිවිපිදීමට අවමන්කරමින් මුදාගත් ප්‍රදේශ අවතැන්වූවන් පදිංචි කරදීම සඳහා ලබාදීමට යාම අවාසනාවන්ත තත්ත්වයකි.

ආයුධ පුහුණුව ලත් 12000 ක්‌ කොටි සහ පුනරුත්ථාපනය ලත් කොටි 200 කට අධික සංඛ්‍යාවක්‌ උතුරේ සිටින බව රජයේ යාන්ත්‍රණය අමතක කර ඇත.

මේ තත්ත්වය මත මෙරට හමුදානායකත්වය ස්‌විස්‌ටර්ලන්තයේ සිටින කොටි ඩයස්‌පෝරාව ගැන දන්නේ නැත.

මෙම කොටි ඩයස්‌පෝරාව, සුරිච්, බර්න්, වවුද්, ලොසැන් කුරුගාවු, සැන්ට්‌ ගැලන් බාසල් – වුර්, සෝල්aතර්ස්‌ ආර්ගාවු – පොප්හසන් – ග්ලාරාප් ටිසිනෝ ස්‌විස්‌ – සුග් – නෙඩිරථාදි – ප්‍රයිටර්ස්‌ – වලසිස්‌ සහ කාබුර යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.

මෙම ඩයස්‌පෝරා ජාලය ජංගම දුරකථන 39 කින් සටන්විය. ඔවුන් යාපනයේ පාර්ශව සමඟ සම්බන්ධවී සිටී.

මේ අතර ගතවූ වසර කීපය මුළුල්ලේ ඉන්ටර්පෝල් පොලිසියේ ඕනෑකර සිටින අපරාධකරුවන්ගේ ලැයිස්‌තුවේ කොටි ත්‍රස්‌තයන් රැසකගේ නම් සඳහන් කර තිබුණි. එහෙත් දැන් එම නම් සියල්ල අහෝසිවී නම් දෙකක්‌ පමණක්‌ අවශ්‍ය කරන අපරාධකරුවන්ගේ ලැයිස්‌තුවට ඇතුල්වී ඇත. ඉන්ටර්පෝල් පොලිසියට ඇතුලත්වී තිබූ කොටි ත්‍රස්‌තයන්ගේ ලැයිස්‌තුවෙන් නම් ගම් රැසක්‌ අතුරුදන්වූයේ කෙසේද?

මේ පසුබිම මැද මුලතිව්හි වන්නිකුලම්හි වල් බිහිවී තිබූ කොටි සුසාන භූමිය හිටපු කොටි කණ්‌ඩායමක්‌ විසින් ශුද්ධ පවිත්‍ර කර තිබේ.

දිවිපිදූ කොටි ත්‍රස්‌තයකුවූ කනිච්චුදුර් නැමැත්තාගේ මවද එම අවස්‌ථාවට සහභාගිවී ඇත.

මෙම කොටි සුසාන භූමිය අසල තිබූ හමුදා කඳවුරද රජය ඉවත්කර තිබූ බව අනාවරණය විය.

මේ අතර පසුගිය 23 දා සවස නව නාවික හමුදාපති ට්‍රැවිස්‌ සින්නයියා මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. ඊට වෙබ් අඩවි මෙහෙයවන්නන්ද පැමිණ සිටියහ.

මේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි පාර්ශව සින්නයියාගේ අතීතය දන්නේ නැත. සිය ඉල්ලා අස්‌වීමට මුල්වූ හේතූන් සින්නයියා හෙළිකළේ නැත. එය තමාගේ කරුමය බව ඔහු කියා සිටියේය. එසේම තමා ඇමරිකානු ඔත්තුකරුවකු නොවන බවද ඔහු පළකළේය.

ක්‍රමක්‍රමයෙන් රටේ ආරක්‍ෂාව සම්බන්ධ කරුණු වෙනුවට දේශපාලන ප්‍රශ්න නාවික හමුදාපති වෙත යොමුවිය.

කොළඹ ඩොලර් අරමුදල් ලබන එන්ජීඕ කාරයන්ගේ තේමාව වූ මිනීමරුවෝ රණවිරුවෝ නොවන බව සින්නයියාද කීවේය. එසේම ට්‍රැවිස්‌ සින්නයියා නාවික හමුදාපති ලෙස පත්කිරීමට තවත් විශේෂිතවූ කරුණක්‌ බලපෑවේය.

ඒ මත්තල වරායේ කටයුතු චීනයට ලබාදී තිබියදී එහි ආරක්‍ෂාව භාරව නාවික හමුදාව කටයුතු කිරීමයි. එම ආරක්‍ෂක කටයුතු මෙහෙයවන්නේ ඇමරිකාව විශ්වාසය තබා ඇති ට්‍රැවිස්‌ සින්නයියායි.

Powered By – 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here