ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න යුරෝපා සංගමය රජයෙන් ඉල්ලයි

0
6

 

කීර්ති වර්ණකුලසූරිය

යුද අපරාධ චෝදනා විමර්ශනයට අදාළ ජිනීවා යෝජනාව වහාම ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

මෙම ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත නොකරන බව නව විදේශ ඇමැති තිලක්‌ මාරපන මහතා ප්‍රකාශ කිරීමෙන් පසු යුරෝපා සංගමය ඉහත කී ඉල්ලීම කර තිබේ.

ජිනීවා යෝජනාව සම්බන්ධව යුරෝපා සංගමයේ පිළිවෙත වෙනස්‌වී නැති බව ද යුරෝපා සංගමය කියා සිටී.

ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය 2019 වසර තෙක්‌ කල් ඉල්ලා සිටි අතර මානව හිමිකම් කවුන්සිලය ඊට එකඟ විය.(2017/08/28 දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here