ව්‍යාජ උද්ඝෝෂණ

0
58
Children hold pictures of slain Liberation Tigers of Tamil Eelam (LTTE) leader Vellupillai Prabhakaran during a protest rally against Sri Lanka's President Mahinda Rajapaksa in the southern Indian city of Chennai May 28, 2009. The Sri Lankan military said it had positively matched the DNA of the bodies of Prabhakaran and his son Charles Anthony, both killed last week in the final battle of Sri Lanka's 25-year war. REUTERS/Babu (INDIA CONFLICT POLITICS)

දෙමළ ජාතික හමුදා සෙබළුන් දෙදෙනකු පිහි ප්‍රහාරයට ලක්‌ව තිබේ. කිලිනොච්චියේදී හමුදා සෙබළුන්ට පිහිවලින් කෙටූ පුද්ගලයන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කියන්නේ මේ සිද්ධිය පුද්ගලික ආරවුලක්‌ මත ඇතිවූවක්‌ බවයි. කවර ආරවුලක්‌ වුවත් කිලිනොච්චියේදී හමුදා සෙබළුන්ට ප්‍රහාර එල්ල වීම තුළින් රටට යන පණිවුඩය කුමක්‌ද? කිලිනොච්චියද අපරාධ කල්ලිවල පාලනයට නතුව තිබේද? මීට පෙර කිලිනොච්චියේ කිසිම කලහකාරි සිද්ධියක්‌ වාර්තා වූයේ නැත. පොලිස්‌ නිලධාරීන්ට ප්‍රහාර එල්ල වූයේ යාපනයේදීය. යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලිය කිලිනොච්චියටත් පැමිණ තිබේද? සංහිඳියාවට බාධාවක්‌ වන නිසා මේ සිද්ධිය වුවමනාවෙන්ම යටපත් කිරීමට බලධරයින් උත්සාහ කරන්නේද? පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයෝ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සැරිසරන බව ආරක්‌ෂක බලධාරීන් අවබෝධකර ගත යුතුය.

මේ ප්‍රහාරය හුදකලා සිද්ධියක්‌ ලෙස සලකා යටපත්කර දැමීමට උත්සාහ නොකළ යුතුය. මන්ද මේ ප්‍රහාර වලින් ප්‍රහර්ෂයට පත්ව කොටි හිතවාදීහු යළිත් හමුදාවට එරෙහිව නොබියව ප්‍රචණ්‌ඩත්වයට පෙලඹෙනු ඇත.

කිලිනොච්චියේදී හමුදා සෙබළුන්ට ප්‍රහාර එල්ල වෙද්දී උතුරු පළාත් සභාව යළිත් තොවිලයකට සූදානම් වන බව පෙනී යයි. ඒ රැඳවුම්භාරයේ සිටින කොටි සාමාජිකයන් 87 දෙනකු වහාම නිදහස්‌ කරන ලෙස රජයට බලකරමිනි. ඉතාම දරුණු ගනයේ අපරාධකරුවන් වන මේ පිරිස නිදහස්‌ කළහොත් සිදුවන්නේ කුමක්‌ද? ජාතික ආරක්‌ෂාව බරපතළ අනතුරකට පත්වීම නොවේද? යුද අපරාධ කළ ත්‍රස්‌තයන් පිරිසක්‌ නිදහස්‌ කරන ලෙස උතුරු පළාත් සභාව රජයට බල කරන්නේ කවර සදාචාරාත්මක පදනමකින්ද? කොළඹ ජනතාව කෑලි කෑලිවලට කැඩී යන ලෙස බෝම්බ පුපුරුවා හල ත්‍රස්‌තයින් නිදහස්‌ කළ හැක්‌කේ කවරකුටද?

තම දරුවන් අතුරුදන් වුවා යෑයි පවසමින් උතුරේ ප්‍රදේශ ගණනාවක සිදු කරන උපවාසයකට දින දෙසීයක්‌ ඉක්‌මවා ගොස්‌ ඇත. හමුදා කඳවුරු ඉදිරිපිට පැවැත්වෙන මේ උපවාසකරුවන්ට කොටි ඩයස්‌පෝරාවේ සහාය ලැබෙන බව ප්‍රකට කරුණකි.

කොටි ඩයස්‌පෝරාවේ නොමඳ සහාය හා අරමුදල් ලැබෙන නිසා මේ කාන්තාවන් පිරිස වියළි කලගුණයේ පීඩාවද නොතකා උපවාසයේ යෙදී සිaටිති. මේ අයගේ ඥතීන් ජීවත්ව සිටින්නේද නැද්ද යන්න කියා දන්නා කෙනකුද නැත. එසේ නම් මොවුන්ගේ උපවාසයේ අරමුණ කුමක්‌ද? මේ ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය කිරීමයි. එනිසාම උතුරු පළාත් සභා මන්ත්‍රීවරුද කොටි සැකකරුවන් නිදහස්‌ කරන ලෙස උද්ඝෝෂණය කිරීමටද පෙලඹි සිටිති. යහපාලන රජය මෙයට ලබාදෙන පිළිතුර කුමක්‌ද?

ඉදිරි සතියේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු කලාපය භාර සහකාර ලේකම් ඇලිස්‌වෙල් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. දෙමළ සන්ධානය දිගින් දිගටම ඉල්ලීම් කරන්නේ ඇමරිකාවේ අවධානය දිනා ගැනීමටද? සහකාර ලේකම්වරිය සැප්තැම්බර් 01 වැනිදා කොළඹදී පැවැත්වෙන සමුළුවකට ද සහභාගිවීමට නියමිතය. ඇය කොළඹ සිටින විට උතුරේ කොටි හිතවාදීන්ගේ උද්ඝෝෂණ වඩා තීව්‍ර වනු ඇත. ඒ මේ සහකාර ලේකම්වරියගේ අනුකම්පාව දිනා ගැනීම පිණිසය. එහෙත් මේ ව්‍යාජ උද්ඝෝෂණවලට රාජතාන්ත්‍රිකව පිළිතුරු සැපයීමට රජය කටයුතු කළ යුතුය.

 

(2017/08/28 දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here