ෆෙඩරල් ඉක්‌මවීම

0
269

 

සාම්පූර් චෛත්‍යය ඩෝසර් කිරීමේ චෝදනාව එල්ල වී ඇත්තේ උතුරු මහ ඇමැතිවරයාටය. ඔහු මේ චෝදනාව ගැන කිසිවක්‌ ප්‍රකාශ කර නැත. විග්නේෂ්වරන් මහතා “එළුග තමිල්” ව්‍යාපාරය ආරම්භ කළේ ද උතුරේ බුදු පිළිම තැන්පත් කිරීමට එරෙහිවය. එසේ නම් අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයක්‌ සාම්පූර්හි නිරුපද්‍රිතව තිබීම දකින්නට මොහු කැමැතිවේද?

සාම්පූර් චෛත්‍යය විනාශ කිරීම ගැන සමාජයේ බලවත් ආන්දොaලනයක්‌ මතුවෙද්දී දෙමළ සන්ධාන මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් මහතා යළිත් නව ව්‍යවස්‌ථාව ගැන කරුණු අනාවරණය කර ඇත. සුමන්තිරන්ගේ උත්සාහය කෙසේ හෝ මේ නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම බව සැක නැත. නල්ලූර්හි පැවති රැස්‌වීමකදී මොහු ප්‍රකාශ කර ඇත්තේ කුමක්‌ද? ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටු වාර්තාවේ සඳහන් වන්නේ ෆෙඩරල් ක්‍රමයටත් වඩා එහා ගිය පාලන ක්‍රමයක්‌ බවයි. උතුරේ ජනතාව බලාපොරොත්තු වන්නේ ද ෆෙඩරල්වලටත් එහා ගිය බලය බෙදීමක්‌ බව මෙහිදී දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා අවධාරණය කරයි. ෆෙඩරල්වලටත් එහා ගිය බලය බෙදීමක්‌ ඉන්දියාවේවත් දක්‌නට නැත. දිල්ලි ආණ්‌ඩුවේ ද ආශිර්වාද ඇතිව ගෙනෙනු ලබන ව්‍යවස්‌ථාව ඉන්දීය ෆෙඩරල් ව්‍යqහයන් ඉක්‌මවා යන්නේද? උතුරේ ජනතාව මෙයට කැමති වුව ද දකුණේ ජනතාව ෆෙඩරල් ක්‍රමයකට කැමැත්ත පළ කර ඇත්ද? කිසිසේත් නැත. යහපාලන ආණ්‌ඩුව ප්‍රකාශ කරන්නේ නව ව්‍යවස්‌ථාවෙන් ඒකීයභාවයට කිසිම හානියක්‌ සිදු නොවන බවයි. නමුත් ෆෙඩරල් ඉක්‌මවන පාලනයක්‌ තුළ ඒකීය රාජ්‍යය ආරක්‌ෂාවීම සැබැවින්ම විහිළුවකි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනයේදී නව ව්‍යවස්‌ථාව ගැන දොඩවන්නේ ඡන්ද කුට්‌ටිය වැඩිකර ගැනීමේ අපේක්‌ෂාවෙන් විය යුතුය. එක්‌සත් ජාතික පක්‌ෂ රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් නම් සිය ඡන්ද සටන ආරම්භ කරමින් ප්‍රභාකරන් ගැන සිහිකර තිබූ බව අපට මතකය.

නව ව්‍යවස්‌ථාව ගැන සමාජයේ කතාබහක්‌ නැති සමයක සුමන්තිරන් මේ ගැන යළිත් සිහිකරන්නේ දෙමළ සන්ධානයේ අපේක්‌ෂා මුදුන්පත් කරගැනීම වෙනුවෙනි. 2015 ජනවාරි 08 වැනිදා සිට දෙමළ සන්ධානය වත්මන් ආණ්‌ඩුවට සහාය ලබාදීමේ මූලික අරමුණ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙසේ හෝ සම්මත කරගැනීමයි. මහ සංඝරත්නය ඇතුළු මෙරට බහුතරය නව ව්‍යවස්‌ථා අතුරු කමිටු වාර්තාවට විරෝධය පෑම නිසා ඒ ගැන සාකච්ඡා වීම නතර වී තිබිණි. නමුත් ඒ සාකච්ඡාව නතරවීම ගැන සුමන්තිරන් ප්‍රමුඛ දෙමළ සන්ධානය සතුටු වන්නේ නැත. ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථාව කෙරෙහි දක්‌වන උනන්දුව අඩුවීම ගැන ඉන්දියාව ද කණස්‌සල්ලට පත්ව සිටී. එහෙත් දකුණේ ජනතාව නව ව්‍යවස්‌ථාව පිළිබඳ විරෝධයකින් පසුවන බව යහපාලන ආණ්‌ඩුවේ නායකයෝ හොඳින් දනිති.

දෙමළ සන්ධානය උතුරේ මැතිවරණ ව්‍යාපාරයේදී නව ව්‍යවස්‌ථාව ගැන සාකච්ඡා කළ ද දකුණේදී මේ ගැන කිසිම පක්‌ෂයක්‌ සාකච්ඡා නොකරන්නේ මන්ද? ව්‍යවස්‌ථා ගැන සාකච්ඡා කර පුරසභය දිනාගැනීම අපහසුවන නිසාය. ෆෙඩරල් ක්‍රමය ඉක්‌මවන පාලන ක්‍රමයක්‌ ඇතිවුවහොත් සිදුවන්නේ කුමක්‌ද? ස්‌ථාවර රට අස්‌ථාවර වීම පමණි. එයින් ඒකීය රාජ්‍යයේ මරණය සිදුවන බව අනිවාර්යය. එසේ නම් ඊළාම් සිහිනය වෙනුවෙන් ෆෙඩරල් පාලනය ඉක්‌මවා යන දොළපිදේනි ලබාදීම වහා නතර කළ යුතුය. ඇත්තෙන්ම මේ නව ව්‍යවස්‌ථාව අවශ්‍ය උතුරේ ජනතාවටද? නැත්නම් ජාතිවාදී දේශපාලනඥයන්ටද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here