උතුරට ජාත්‍යන්තර විසඳුමක්‌ ඕනෑ – සී. විග්නේෂ්වරන්

0
1493

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ අර්බුදයට ජාත්‍යන්තර නීති ව්‍යුහයක්‌ තුළින් විසඳුමක්‌ අවශ්‍ය බව උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් යාපනයේ පැවැති විශේෂ සමුළුවක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

උතුරු පළාත් සභාව රූකඩයක්‌ ලෙස පවත්වා ගැනීමට රජය ක්‍රියාකරන බවට චෝදනා කළ විග්නේෂ්වරන් ද්‍රවිඩ ජනතාවට ඇත්ත පහදා දීමට සිය ද්‍රවිඩ ජනතා කවුන්සිලය ක්‍රියාකරන බවට තවදුරටත් දන්වා තිබේ.

රජයේ පිළිවෙත ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය බලා සිටින බව පැවසූ උතුරු මහ ඇමැතිවරයා රජයේ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අදාළ අතුරු වාර්තාව ගැනද එම කවුන්සිලය අධ්‍යයනය කරන බව කියා සිටියේය.

එසේම උතුර සිංහල ජනපදයක්‌ කිරීමට රජය ක්‍රියාකරන බව ද ඔහු දැඩි චෝදනාවක්‌ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here