කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකාවේ මුළු ආරක්ෂක හමුදාවම ප්‍රතිසංස්කරණය කරන්නැයි යුරෝපා සංගමයේ ඉහළ පෙළේ කමිටුවක් විසින් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශයට හේතු වී ඇත්තේ ද්‍රවිඩ සන්ධානය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් යුරෝපා සංගමයේ දූත කණ්ඩායම්වලට ඉදිරිපත් කළ පැමිණිලිය.
මේ පැමිණිලි අතරින් බරපතළ ලෙස පැමිණිලි යොමු කර ඇත්තේ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්ය.
යුරෝපා සංගමයේ ඉහළ පෙළේ කමිටුව පිටු 26 ක සිය වාර්තාව ප්‍රකාශයට පත් කරමින් තවත් නිර්දේශ රැසක් දක්වා ඇත
ඒ – 9 මාර්ගයේ හමුදාව විසින් පවත්වාගෙන යන වෙළෙඳසල් සහ උතුරේ හමුදාව හෝටල් පවත්වාගෙන යැම ද වැරැද්දක් ලෙස යුරෝපා සංගම් කමිටුව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාව ප්‍රතිසංස්කරණය කළ යුතු බව යුරෝපා සංගමය පැවසුවේ මුල් වරටය