යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා; රජය ජිනීවා සමුළුවට දන්වයි

0
449

කීර්ති වර්ණකුලසූරිය

කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීම ගැන හමුදා ආචාර පෙළපාලි නොපවත්වන බවත්, ‘ජයග්‍රාහී දිනය’ ‘සිහිපත් කිරීමේ දිනය’ ලෙස නම් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

එසේම ආර්. සම්පන්දන්ට විරුද්ධ පක්‍ෂ නායකකම ලබාදීමට ක්‍රියා කළ බවද එකී වාර්තාවේ දක්‌වා තිබේ.

රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර ඇත්තේ මුල්වරටය.

සහජීවන ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකා රජය ඉටුකළ ක්‍රියා ලෙස ඉහත කී කරුණු හෙළිකර ඇත.

ශ්‍රී ලංකා රජය මෙවන් වාර්තාවක්‌ මානව හිමිකම් කවුන්සිලයට පැමිණි විදේශ තානාපතිවරුන් අතර බෙදාදී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here