ජෙයනි ත්‍යාගරාජා ප්‍රංශයේ සිට දියත් කළ සුදු වෑන් මෙහෙයුම

0
948

 

37 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සිදු වූ ක්‍රියාදාමයන් මෙරට ජනතාවට වසන් විය. එහෙත් අද අපි එම සිදුවීම් ජනතා යහපත උදෙසා හෙළිකරන්නෙමු.

මාර්තු 21 වැනිදා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් වෙනුවට නියෝජ්‍ය කොමසාරිස්‌ කේට්‌ ගිල්මෝර් ශ්‍රී ලංකාවේ යුද අපරාධ විමර්ශනයට විශේෂ අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි තර්ජනය කිරීමට පෙර ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පිටු 40 ක වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුවේ අසුන්ගෙන සිටි විදේශ තානාපතිවරු අතර බෙදාහරිනු ලැබීය. මානව හිමිකම් ‘සහජීවනය’ සහ යහපාලනය මැයෙන් කෙටුම්පත් කර තිබූ එම වාර්තාවේ මෙලෙස සඳහන් කර තිබුණි.

1. සංක්‍රාණ්‌තික යුක්‌තිය සඳහා ආරක්‌ෂක හමුදාව දැනුවත් කිරීම.

2. ත්‍රස්‌තවාදයට ප්‍රතිචාර දැක්‌වීමේ පනත රජය අනුමත කිරීම.

3. 30/1 ජිනීවා යෝජනාව අනුමත කිරීමට පියවර ගැනීම.

4. ද්‍රවිඩ භාෂාව කතාකරන පොලිස්‌ නිලධාරීන් පත්කිරීම.

5. දේශපාලන රැකවරණ පැතුවන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම.

6. යුද්ධය අවසන් කිරීම නිමිත්තෙන් හමුදා ආචාර පෙළපාලි නතර කිරීම.

7. රග්බි ක්‍රීඩකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු සහ පොලිස්‌ පරීක්‌ෂකවරයකු අත්අඩංගුවට ගැනීම.

8. ශ්‍රී ලංකාව සම්බන්ධව දරුස්‌මාන් වාර්තාවේ සාමාජිකා යස්‌මින් සුකාට ශ්‍රී ලංකාවට එන ලෙස ඇරයුම් කිරීම.

9. වසර 67 කට පසු ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම.

10. මරාගෙන මැරෙන බෝම්බකරුවකුට ජනාධිපති සමාව ලබාදීම.

11. ජිනීවා යෝජනාවට සම අනුග්‍රහ දැක්‌වීම.

12. ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට විරුද්ධ පක්‌ෂ නායක ධුරය ලබාදීම.

13. ඕමන්තේ මුරපල වසාදැමීම.

14. කාටුන් ශිල්පී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන්වීම ගැන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනකු ප්‍රමුඛ හමුදා නිලධාරීන් සිවු දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීම.

15. ජයග්‍රාහී දිනය අනුස්‌මරණ දිනය ලෙස නම් කිරීම.

16. ත්‍රස්‌ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගත් ජයකුමාර් බාලචන්ද්‍රන් ඇතුළු අට දෙනෙක්‌ මුදා හැරීම.

17. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එන්. රවිරාඡ් ඝාතනය ගැන නාවික නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම.

jeyani1එහෙත් මේ වාර්තාව ගැන මෙරටින් ගිය ද්‍රවිඩ දේශපාලනඥයන් කිසිදු සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැත. මෙවන් වාර්තාවක්‌ ජිනීවාහිදී බෙදාහැරිය බවට මෙරට විපක්‌ෂයට ද වාර්තා වූයේ නැත. මෙම වාර්තාවේ දක්‌වා තිබුණේ යහපාලන රජය ජාත්‍යන්තර ප්‍රජාව වෙත තමන් ඉටුකළ කරුණු හෙළි කිරීමයි. එහෙත් ද්‍රවිඩ දේශපාලනඥයන් ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක්‌ බිහි කිරීම සහ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමේ න්‍යාය පත්‍රය මෙහෙය වූහ.

එසේම මෙරට ද්‍රවිඩ දේශපාලනඥයන්ට විදේශගත ඊළාම් සංවිධාන විසින් මානව හිමිකම් සමුළුව ඇමතීමේ කාලය ලබාදුන්නේය.

ද්‍රවිඩ ජනතා ජාතික පක්‌ෂයේ නායක ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සමුළුව ඇමතුවේ ප්‍රංශ ද්‍රවිඩ සිසුන්ගේ සංවිධානයෙනි. ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු කොටි ඩයස්‌පෝරාවේ නීතිඥවරියක්‌ වූ කැරන් පාකර් ජාත්‍යන්තර අධ්‍යාපන සංවර්ධන සංවිධානය මඟින් ශ්‍රී ලංකාවට චෝදනා කළාය.

jeyani2

ටැමිල් උසාගම් සංවිධානය කොටි ඩයස්‌පෝරා සංවිධානයකි. මේ සංවිධානය යටතේ ත්‍යාගරාජා ජෙයනි නමැති තරුණිය හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන්ට සුදු වෑන් චෝදනාව එල්ල කළාය.

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික නිලධාරීන්ට මානව හිමිකම් කවුන්සිලයේදී එල්ල වූ එම අභූත චෝදනාව ගැන ‘දිවයින’ විශේෂයෙන් (EXCLUSIVE) අනාවරණය කළෙමු.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ පිළිබඳව ජාතික පොලිස්‌ කොමිසමට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. ‘දිවයින’ මේ තොරතුරු හෙළිකරන තුරු එසැණින් දේශප්‍රේමීන් වූ මෙරට ඇතැම් පාර්ශ්ව ඒ ගැන දැන සිටියේ නැත.

මෙම ජෙයනි ත්‍යාගරාජා නමැත්තිය මානව හිමිකම් සමුළුවේදී කෑ ගසමින් හිටපු ආරක්‌ෂක ලේකම්ට සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා එල්ල කිරීමට යොදා ගත්තේ ප්‍රංශයේ දෙමළ උසාගම් හෙවත් දෙමළ යුගාගම් සංවිධානයයි.

jeyani3

මේ ටැමිල් උසාගම් හෙවත් දෙමළ යුගාගම් සංවිධානය පිළිබඳව අප කළ විමර්ශනයේදී හෙළි වූයේ එය මෙහෙයවන්නේ ප්‍රංශයේ සැවොන් මාර්ගයේ අංක 18 දරන ස්‌ථානයේ පදිංචි ඇන්තනී මාරියම්පිල්ලේ නමැති ඊළාම්වාදියා බවයි.

මේ ප්‍රංශ සංවිධානය තවත් ඊළාම්වාදී සංවිධාන හතකට සම්බන්ධ වී ඇත.

ටැමිල් උසාගම් භාවිතා කර සුදු වෑන් චෝදනාව එල්ල කළ ජෙයනි ත්‍යාගරාජාගේ මුහුණේ ශෝකය පෙන්නුම් කරන හැඟීමක්‌ තිබුණේ නැත. ඇයව ඊළාම්වාදීන් විසින් යෙද වූ බවට මා පිටුපස සිට මානව හිමිකම් සමුළුව ඇමතූ ඇයගේ ඉරියව්වලින් තහවුරු විය.

ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමෙන් පසු ඇය ඊළාම්වාදීන් සමඟ එක්‌ වී ප්‍රංශයට ගියාය. එසේ නම් ප්‍රංශ හෝ ස්‌විස්‌ තානාපති කාර්යාලය ඇයට වීසා බලපත් දී ඇති බව අපට වාර්තා වේ.

මෙවන් පසුබිමක්‌ මැද කොළඹ, වැල්ලවත්තේ කින්රෝස්‌ මාවතේ මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ මධ්‍යස්‌ථානය නමින් ස්‌ථාපිත කර ඇති රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතවරියන් දෙදෙනෙක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන සතුරු ක්‍රියාකාරකම් දකින්නට ලැබුණි.

jeyani4

එහෙත් රජයේ බුද්ධි අංශ එම සතුරු ක්‍රියා නිරීක්‌ෂණය කළේ නැත. ඒ සඳහා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියෙක්‌ ද නැත.

එහෙත් ඕනෑම කෙනකුම යුද්ධ කළ හැකි යෑයි පැවසූ උඩරට දේශපාලනඥයකුගේ ඥතියකු තානාපති කාර්යාලයේ විය. ඔහුට පැවරී තිබූ රාජකාරිය වූයේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සමාන්තර රැස්‌වීම් නිරීක්‌ෂණය කිරීමයි.

මේ අතර ජිනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භ කිරීමට පෙර කොටි ඩයස්‌පෝරාව විසින් ශ්‍රී ලංකාවේ සිට හමුදා නිලධාරීන් 50 ක්‌ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන ආ බවට ඊළාම්වාදීන් විසින් සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය.

ඊට සමගාමීව රියර් අද්මිරාල් සරත් වීරසේකරට දහ පහළොස්‌ දෙනකුගෙන් යුත් ආරක්‌ෂක නිලධාරීන් පිරිසක්‌ ද සිටි බවට 1971 කැරැල්ලේ හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජි මල්ලි ප්‍රචාරය කළේය.

ඔහු මෙවර අසරණ තත්ත්වයට පත්වූයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දුට මානව හිමිකම් සමුළුවට පැමිණීමට නොහැකි වීමයි.

මේ තත්ත්වය මැද තමිල්නාඩුවේ සිට කුලියට ගෙන්වා ගත් පිරිසක්‌ ද ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ඉදිරිපත් කළහ. යාපනය සහ මුලතිව් පදිංචිකරුවන් යෑයි හඳුන්වමින් ජිනීවා වෙත ගෙන්වා තිබූ එම කුලීකරුවෝ ලියා දුන් ප්‍රකාශ මානව හිමිකම් සමුළුව හමුවේ පැවසීමේදී දුෂ්කරතා මතුවිය.

මෙලෙස කුලියට හඬ නැඟීමට පැමිණ සිටි පිරිස අතර තමිල්නාඩුවේ හිටපු මන්ත්‍රීවරයකු වූ ගනේෂ් කුමාර් ද විය.

මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීහු ශ්‍රී ලංකාවට එරෙහිව සමාන්තර රැස්‌වීම් 10 ක්‌ පවත්වනු ලැබීය. මින් එක්‌ සමාන්තර රැස්‌වීමක්‌ සුනන්ද දේශප්‍රිය, අමීර් ෆයිස්‌, ඇඩ්රියන් ක්‌ලෝඩ් සොලර් සහ තියඩෝර් රත්ගෙබර් විසින් මෙහෙයවනු ලැබීය. ඊට අනුග්‍රහය දැක්‌වූයේ ජර්මනියේ ෙෆඩ්රික්‌ ඊබට්‌ පදනමයි.

මෙම රැස්‌වීමට පෙර බෙදාහරිනු ලැබූ ප්‍රචාරක පත්‍රිකාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ප්‍රජාව දැන් බෞද්ධ ජාතිවාදීන්ගේ සාහසික ප්‍රහාරවලට මුහුණ පා ඇති බවයි.

එහෙත් මාර්තු 19 වැනිදා මේ රැස්‌වීම පැවැත්වීමට පෙර මහනුවර සිද්ධිය අවසන් වී තිබුණි.

එසේම කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්කාරියක්‌ වූ යස්‌මින් සුකා සහ ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ ස්‌පාඤ්ඤ නීතිවේදී කාලස්‌ කැස්‌ට්‍රෙස්‌නා සහ කැනඩා ද්‍රවිඩ කොංග්‍රසයේ කර්ටිනා තවරාඡ් නමැත්තිය විසින් ශ්‍රී ලංකාවේ මුක්‌තිය නමින් රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

එම රැස්‌වීමට යස්‌මින් සුකා පැමිණියේ ඊළාම්වාදීන් පිරිවරාගෙනය. එහිදී ඇය ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් 40,000 සිට 146,000 ක්‌ දක්‌වා මරාදමා ඇති බවට චෝදනා කළාය.

ඇගේ මෙම අභූත චෝදනාවට ප්‍රතිචාර දැක්‌වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර 40,000 ක්‌ මියගිය බවට සනාථ කළ හැකි දැයි ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇයට කටඋත්තර නැති විය.

එහිදී කාලොස්‌ කැස්‌ට්‍රෙස්‌නා නමැති නීතිවේදියා නිහඬ විය. මෙම රැස්‌වීමේදී යස්‌මින් සුකා නමැත්තිය ජෙනරාල් ජගත් ජයසූරිය මහා අපරාධකරුවකු බවට තහවුරු කිරීම සඳහා ආජන්ටිනාවේ හිටපු නායක ජෙනරාල් විදෙලා සහ චිලීහි හිටපු නායක පිනෝෙච්ගේ ඡායාරූප සමඟ ජෙනරාල් ජයසූරියගේ ඡායාරූපය ද රැස්‌වීමේදී ප්‍රදර්ශනය කෙරුණි.

එහෙත් යස්‌මින් සුකා වසන් කළ බරපතළම කරුණ නම් ආජන්ටිනාවේ විදෙලා සහ චිලීයේ පිනොෙච් බලයට පත් වූයේ ඇමෙරිකානු සී. අයි. ඒ. සංවිධානයේ කුමන්ත්‍රණ මත බවයි.

එසේ නම් ආජන්ටිනාවේ සහ චිලීයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන වගකිව යුත්තේ එවකට පැවති ඇමෙරිකානු ආණ්‌ඩු නොවේද? එම සමයේ ඇමෙරිකාවට එරෙහිව ඇය හඬ නැඟුවේ නැත.

අනතුරුව ස්‌වයං පාලනය සඳහා ද්‍රවිඩයන්ට ඇති අයිතිය නමින් දෙමළ උසාගම් සංවිධානය ද රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

මෙම රැස්‌වීම අමතා යාපනයේ ද්‍රවිඩ කතෝලික පියනමක්‌ වූ ජෙයබාලන් කෲස්‌, තමිල්නාඩුවේ නීතිවේදිනියකු වූ දක්‌ෂින මූර්ති ප්‍රවින්තන්, ද්‍රවිඩ ජනතා ජාතික පක්‌ෂයේ නායක ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ස්‌වාධීන විශේෂඥයකු බව පවසාගත් ඇල්ෆ්‍රඩ් සයෝස්‌, තමිල්නාඩු මහාධිකරණ නීතිවේදී සංවිධානයේ රාම මූර්ති ක්‍රිෂ්ණ කුමාර්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවඥනම් ශ්‍රී ධරන් සහ චෙන්නායි හිටපු මහාධිකරණ විනිසුරුවකු වූ දුරෙයිසාමි හරිප්‍රාන්තමන් දේශන පැවැත්වූහ. මේ සියලු දෙනාම පැවසුවේ උතුරු – නැගෙනහිර ද්‍රවිඩයන්ට ස්‌වයං පාලනය දිය යුතු බවය.

මෙම රැස්‌වීම සංවිධානය කර තිබුණේ ප්‍රංශ ඊළාම්වාදී සංවිධාන හතරක්‌ විසිනි. එම සංවිධානවල පසුබිමේ සිටියේ ප්‍රංශයේ සිටින මරියදාස්‌ බොස්‌කෝ නමැත්තායි.

උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන් ජිනීවා ගෙන්වන්නේ ද බොස්‌කෝ නමැත්තායි.

ඉන්පසු බොස්‌කෝ නමැත්තා ද්‍රවිඩ විපතට පත්වූවන් මැයෙන් තවත් සමාන්තර රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය. එහිදී ශ්‍රී ලංකා විරෝධී ප්‍රකාශ කිරීමට අට දෙනෙක්‌ ඉදිරිපත් වූහ.

වැල්ලවත්තේ සී. එච්. ආර්. ඩී. රාජ්‍ය නොවන සංවිධානයේ අරුල් වතානා සුන්දර් රාඡ්, එස්‌. චන්ද්‍රලීලා, නිරන්ජලා අරුලන්දි, ඩොමිනික්‌ ආනන්ද රාජා, යූ. ධර්මකුලසිංහම්, ජෙයනි ත්‍යාගරාජා සහ ප්‍රකාශ් ත්‍යාගරාජා යන පිරිස ඊට සම්බන්ධ වූහ.

එම රැස්‌වීමේදී ජෙයනි ත්‍යාගරාජා නමැත්තියව හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකා මැරින් භටයකු වූ සම්පත් මුණසිංහ විසින් බලහත්කාරයෙන් අතුරුදන් කළ ජෙගන් ත්‍යාගරාජාගේ සොහොයුරිය ලෙසිනි.

පසුගිය මාර්තු 20 වැනිදා දහවල් තමිල්නාඩුවේ පසුමායි නායගම් සංවිධාන පැවැත්වූ රැස්‌වීමේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රී ධරන්, ප්‍රංශයේ මානව හිමිකම් සඳහා වූ ද්‍රවිඩ මධ්‍යස්‌ථානයේ ප්‍රධානි එස්‌. ඒ. තිරුබාහරන් සහ ඔහුගේ බිරිය වූ ඩියඩි්‍ර මැක්‌ඩොනල් සහ මහාචාර්ය ඇල්ෆ්‍රඩ් සයෝස්‌ විසින් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කළහ.

මෙහිදී අනාවරණය වූයේ කොටි හිතවාදීන්ගේ සමාන්තර රැස්‌වීම් ඇමතූ ඇල්ෆ්‍රඩ් සයෝස්‌ නමැත්තා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගේ කාර්යාලයේ සේවය කරන බවයි.

මේ බව සනාථ වූයේ ඔහුගේ නිල කාඩ්පතිනි. ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීමේ ස්‌වාධීන විශේෂඥයකු ලෙස කොටි ඩයස්‌පෝරා රැස්‌වීම්වලට සහභාගි වූ ඇල්ෆ්‍රඩ් සායෝස්‌ගේ වෙස්‌ මුහුණ ගැලවුණේ එම නිල කාඩ්පතිනි. මේ කාඩ්පත අප සතුව ඇත.

මෙයට අමතරව තමිල්නාඩුවේ පසුමායි නායගම් සංවිධානය ශ්‍රී ලංකාවේ සංක්‍රාණ්‌තික යුක්‌තිය නමින් තවත් රැස්‌වීමක්‌ පවත්වනු ලැබීය.

මේ රැස්‌වීම මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා ෆොaරම් නමින් හඳුන්වාගත් ඩේවිඩ් වෙහෙලි නමැත්තායි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිටින කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් සමඟ සැරිසරන වෙහෙලි සමඟ ඇමෙරිකාවේ පර්ල් නමැති ඊළාම් සංවිධානය මෙහෙයවන මාරියෝ අරුල්තාස්‌ ද සහභාගි විය.

මාරියෝ අරුල්තාස්‌ මෙහිදී ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක ක්‌ෂේත්‍රය ප්‍රතිසංස්‌කරණය කළ යුතු බවත් උතුරු – නැගෙනහිර හමුදාකරණය වී ඇති බවටත් චෝදනා කළේය.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ඇමෙරිකානු පුරවැසියකු මෙරට ආරක්‌ෂක අංශය ප්‍රතිසංස්‌කරණයට ඉදිරිපත් වීමයි.

මෙලෙස ඊළාම් සංවිධාන හා ඊළාම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ ප්‍රචාර දියත් කරද්දී ජිනීවාහී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කට ඇරියේ නැත.

එසේම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් සමූල ඝාතනය වූ බවට දක්‌වමින් තවත් සමාන්තර රැස්‌වීමක්‌ පැවැත්වීමට ද කොටි ඩයස්‌පෝරාව ක්‍රියා කළේය. මේ පසුබිම මැද රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයේ ප්‍රකාශක මනිවන්නන් ශ්‍රී ලංකා ආණ්‌ඩුවට එරෙහිව පිටු හතරක වාර්තාවක්‌ තානාපතිවරු අතර බෙදාහරිනු ලැබීය.

මෙලෙස කොටි හිතවාදී සංවිධාන 17 ක්‌ සහ මෙහෙය වූ ඊළාම්වාදීන් 37 ක්‌ ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමට දැඩි උත්සාහයක්‌ ගන්නා අවස්‌ථාවේ මාර්තු 21 වැනිදා සිට යුරෝපා සංගමය යළිත් වරක්‌ කොටි සංවිධානය ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස නම් කළේය.

එහෙත් ජිනීවා සටන අවසන් වී නැත. අපි වසර ගණනාවක්‌ තිස්‌සේ කොටි ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සාවද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කොටි ඩයස්‌පෝරාව සිදුකරන මහා පරිමාණයේ බොරුව සාක්‌ෂි සහිතව හෙළි කළෙමු.

බ්‍රිතානයේ නේස්‌බි සාමිගෙන් ශ්‍රී ලංකාවට අදාළ යුද රහස්‌ ලියෑවිලි 39 ලබා ගැනීමටත් අපට හැකි විය. මෙරට කිසිදු මාධ්‍යයකට හෝ ජිනීවා ගොස්‌ ප්‍රතිරූප නංවා ගැනීමට උත්සාහ දරන පාර්ශ්වවලට එම ලියෑවිලි ලබාගැනීමට හැකිවූයේ නැත.

මෙවර 37 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවට මුවා වී සිදු වූ අප්‍රසන්න ක්‍රියා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා හඳුනාගෙන තිබුණි. ඔහු එදා සිට දේශප්‍රේමියකු විය. එහෙත් අති විශාල මුදල් සම්භාරයක්‌ ඇති කොටි ඩයස්‌පෝරාව සෑම වසරකම ප්‍රබලව බොරු වාර්තා කෙටුම්පත් කරමින් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කරයි.

කොටි ත්‍රස්‌තවාදය වැනසීම සඳහා අපි එදා සිටම ක්‍රියා කළෙමු ප්‍රභාකරන් වැනසිය යුතු බව අප ප්‍රකාශ කළේ ඔහු ජීවතුන් අතර සිටියදී ය. එවන් සාඩම්බර අතීතයක්‌ අපටත්, ‘ඉරිදා දිවයින සංග්‍රහය’ටත් ඇත. ඒ අතීතය කිසි විටෙක මකාදැමිය නොහැක.

jeyani5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here