යුධ අපරාධ කළ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර යාන්ත්‍රණයට යොමු කරනවා – ගැරී ආනන්ද සංගරී

0
1518

කීර්ති වර්ණකුලසූරිය

යුධ අපරාධ සිදු කළ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණයට කොටු වන බව කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරී ස`දහන් කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මෙම ජාත්‍යන්තර අධිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙස නියෝජ්‍ය මානව හිමිකම් කොමසාරිස්‌ කේට්‌ ගිල්මෝර් රටවල් 137කින් ඉල්ලා සිටීම නිසාය.

ඒ අනුව වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන් යුරෝපා රටවලට ගෙන ගොස්‌ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ඉඩ ලැබේ.

මේ වන විට යුද හමුදා නිලධාරීන් 25 දෙනකුගේ නම් මානව හිමිකම් කවුන්සිලයේ සටහන් වී ඇත.

මෑතකදී එම නම් අතරට හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, අද්මිරාල් කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී. කේ. පී. දසනායකගේ නම් ද ඇතුළත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here