30/1 යෝජනාව ආණ්ඩුව විසින් ඉල්ලා අස්කරගත යුතුයි

0
599

අද(03)දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ කාර්යාලයේ දී ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක ජුවාන් ෆර්ඩිනැන්ඩස් මුණගැසුණු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා 30/1 යෝජනාව මහා අවලංගු කළ යුතු බවට කරුණු ඉදිරිපත් කළේය.

එම අවස්ථාවට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම ලේකම් යසස් ධර්මදාස මහතා ද එක්විය. රණවිරුවන්ට චෝදනා එල්ල කරමින් සම්මත කළ වාර්තාව සහ 30/1 යෝජනා ඇතුළත් කරුණමය වශයෙන් අභියෝගයට ලක්කිරී සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය හා ජාතික සංවිධාන එකමුතුව විසින් සකස් කළ විශේෂ වාර්තාව මත පදනම්ව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයට එරෙහිව දැනටමත් පැමිණිලි කර ඇති බව ද සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

සරත් වීරසේකර මහතාගේ විරෝදතාවයට ප්‍රතිචාර දැක්වූ ජුවාන් ෆර්ඩිනැන්ඩස් මහතා සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළුව 30/1 යෝජනාවට සම දායකත්වය දැක් වූ බැවින් ගැටළුවක් පැන නැගී ඇති බව ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල මතය වී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව තම සම දායකත්වය ඉල්ලා අස්ක ර ගතයුතුය යන්නය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here