What is true reconciliation; explained by Col. Rathnapriya Bandu

0
55

httpජාතින් අතර සැබෑ සංහිඳියාව කුමක්දැයි ලොවට කියාදුන් රණවිරුවාණනි, ඔබට අපගේ උත්තමාචාරය.
සංහිඳියාවේ නාමයෙන් අප මව්බිම තුල අද සිදුවනුයේ සිංහල ජාතිය සහ අනෙකුත් ජනවර්ග අතර මෙතෙක් පැවතී අන්‍යෝන්‍ය සම්භාන්ධතාවයන්ද අභියෝගයට ලක් කිරීමකි. දහස් ගණනක් රණවිරුවන්ගේ ජිවිත පරිත්‍යාගයෙන් ලබාගත් නිදහස සහ සාමය වචනයේ පරිසමාප්ත අරුතින්ම සාමයක් වනුයේ එකිනෙකාගේ සංස්කෘතීන් අගයමින්, ගරු කරමින් එකම මනුශ්‍යවර්ගයක් ලෙස හදවතින් එකට බැඳීම මිස සුළු කොටසක් වන වර්ගවාදී බෙදුම්වාදී අවස්ථාවාදීන්ගේ ඉල්ලීම් ඉටුකිරීම නොවන බව කර්නල් රත්නප්‍රිය බන්දු තමන්ගේ ප්‍රායෝගික සංහිඳියා වැඩපිළිවෙල මගින් මුළු මහත් ලෝකයාටම ආදර්ශයක් ලබාදී ඇත.
සැබෑ රණවිරුවෙකුගේ භූමිකාව වනුයේ මිනිසුන් ජිවත් කරවීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම මිස වැනසීම නොවේ. කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම මගින් ලක් දෙරණේ රණවිරුවන් මුළු ලොවටම පෙන්වා දුන්නේ සදාතනික වූ එම යථාර්ථයයි.
කර්නල් රත්නප්‍රිය බන්දු රණවිරුවාණනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශප්‍රේමී ජනතාවගේ උපහාරයෙන් ඔබ පිදුම් ලබන වගයි!
2018 ඔක්තෝම්බර් මස 5 වන දින, ඩුබායිහි බෙස්ට් වෙස්ටන් ප්‍රමිය හෝටලයේදී කර්නල් රත්නප්‍රිය බන්දු රණවිරුවාණන් වෙත ජාතියේ උපහාරය පිදීම සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරන දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් සමග අත්වැල් බැඳ ගනිමින් ජාතියේ ප්‍රණාමය දක්වන ලදී.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මගින් සංවිධානය කරන ලද ලොතරැයි තරඟයේ ජයග්‍රාහකයන් හට තෑගී ප්‍රධානය කිරීමද කර්නල් රත්නප්‍රිය රණවිරුවාණන් අතින් සිදුවිය. එහිදී තමන් ලද පළමු ත්‍යාගය එම ජයග්‍රාහකයා විසින් නැවත කර්නල් රත්නප්‍රිය රණවිරුවාණන් හට ප්‍රධානය කිරීම සුවිශේෂී කරුණක් විය.
://globalsrilankanforum.org/wp-content/uploads/2018/10/WhatsApp-Image-2018-10-07-at-18.05.52-300×200.jpeg” alt=”” width=”300″ height=”200″ class=”alignnone size-medium wp-image-5493″ />

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here