කීර්ති වර්ණකුලසූරිය
අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක් කළ ඉල්ලීම ශ්රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්රතික්ෂේප කරනු ලැබ ඇත.
ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක් ලෙස එම රටවල් මෙම ඉල්ලීම කර තිබේ.
ලැට්වියාව, ස්ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්ටේ්රලියාව ඇතුළු රටවල් පහක් එම ඉල්ලීම කර ඇත.
ශ්රී ලංකා රජය මෙම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් විමර්ශනවලින් තොරව යුද අපරාධ චෝදනා එල්ල කර ඇති හමුදා නිලධාරින් 20 කට එරෙහිව කටයුතු කිරීමට එම අධිකරණයට ඉඩ ලැබෙන නිසාය. මෙම අන්තර්ජාතික අධිකරණයට ඉන්දීය රජය පවා අත්සන් කර නැත.