ඇමරිකාව ප්‍රමුඛ මිශ්‍ර හමුදා සන්ධානය ඇෆ්ගනිස්‌ථානයේ දී යුද අපරාධ මිලියන 1.17ක්‌ සිදු කරලා – ජාත්‍යන්තර අධිකරණය හෙළිකරයි

0
1343

ඇෆ්ගනිස්‌ථානයේ දී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවල් හමුදා මෙන්ම තාලිබාන් සංවිධානයද යුද අපරාධ මිලියනයකට අධික සංඛ්‍යාවක්‌ සිදුකර ඇත.

මේ බව ජාත්‍යන්තර අධිකරණය හෙළිකර තිබේ. ජාත්‍යන්තර අධිකරණ වාර්තාවකට අනුව යුද අපරාධ මිලියන 1.17 ක තොරතුරු සහ පැමිණිලි මේ වන විට ලැබී ඇත. පසුගිය නොවැම්බර් මාසයේදී එම පැමිණිලි ලැබුණ බව ජාත්‍යන්තරය අධිකරණය කියා සිටී.

යුද අපරාධ සිදු කිරීම ගැන ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය, අයි. එස්‌. සන්ධානය, බුද්ධි සේවා සහ ඇµaගන් හමුදාවටද චෝදනා එල්ල වී ඇත.

මෙලෙස ඇමරිකාවට සහ ඔවුන්ට සහාය දැක්‌වූ රටවල්වලට එරෙහිව පැමිණිලි විශාල ලෙස ඉදිරිපත් වූයේ මුල්වරටය.

මෙම පැමිණිලි ඉදිරිපත් කළ පැමිණිලිකරුවකු වූ සොයිබ් පැවසුවේ බස්‌ රියක ගමන් කරමින් සිටි මගීන් ඝාතනය කර ඇති බවත් ඔවුන් අතර තම පියාද සිටි බවයි. මෙම අපරාධ පැමිණිලි සම්බන්ධව ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආණ්‌ඩු මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

සංස්‌කරණය කීර්ති වර්ණකුලසුරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here