කීර්ති වර්ණකුලසූරිය – ලසිත දුමින්ද
කිළිනොච්චිය, ඌත්රපුලම් ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් හයදෙනකු කිළිනොච්චිය පොලිසිය මගින් ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කිළිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදාව මගින් පාලනය වන ගොවිපළක සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදෙනකු බව යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.
පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ එක් අයකු කොළඹ ජාතික රෝහලට සහ අනෙක් සෙබළා කිළිනොච්චිය රෝහලටත් ඇතුළත් කර ඇත.
මෙම සිද්ධිය පුද්ගලික ආරවුලක් මත සිදුව ඇතැයි ද බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
සන්නද්ධ පිරිස විසින් මෙම සෙබළුන්ගේ අත් තියුණු ආයුධවලින් කපාකොටා ඇති බව පොලිසිය පවසයි.
මේ පිළිබඳව කිළිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(2017/08/26 දින දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදි )