බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල කෑකෝ ගසමින් විරෝධතාවක් පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය පොලිසිය කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන්ට ඉඩදී ඇත.
මෙම විරෝධතාවය මෙහෙයවා ඇත්තේ ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවියක් මෙහෙයවන රාජන් සොක්කලිංගම් බව හඳුනාගෙන තිබේ.
මහකොමසාරිස් කාර්යාලය සමීපයට අවුත් විරෝධතා පැවැත්වීම සඳහා මෙයට පෙර ඉඩදී නැත. මෙවර කොටි ක්‍රියාකාරීන් මහ කොමසාරිස් කාර්යාලයේ ගමන් මාර්ගයටද බාධා පමුණුවා ඇත.
මෙරට නිදහස් දින උත්සවයට විරෝධය දක්වමින් පැවැත්වූ මෙම කොටි විරෝධතාවය නිරීක්ෂණය කළ මහ කොමසාරිස් කාර්යාලයේ හමුදා කටයුතු භාර නිලධාරියා තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට කොටි ක්‍රියාකාරීන් සාවද්‍ය ප්‍රකාශද කර තිබේ.
මෙම විරෝධතාව සඳහා සමාජවාදී පක්ෂයක නියෝජිතවරියක්ද සහභාගි වී ඇත.
බ්‍රිතාන්‍ය තුළ කොටි සංවිධානය තහනම් වුවත් මෙම විරෝධතාවයේදී කොටි ධජය ප්‍රදර්ශනය කර තිබේ.
කීර්ති වර්ණකුලසූරිය