කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකාවට එරෙහි විමර්ශන වාර්තා තුනක් ඉදිරිපත් කෙරෙන 37 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව හෙට (26) ජිනීවා නුවරදී ආරම්භ වේ.
මෙහිදී ඇමරිකානු රජයේ නිර්දේශය වූ මානව හිමිකම් කෙලෙසීම සහ අපචාර පිළිබඳව ආරක්ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිව යුතු බව සහතික කිරීමේ නිර්දේශය ශ්‍රී ලංකාව පිළිගෙන ඇති බව දන්වන විශ්ව කලාන්තර සමාලෝචන වාර්තාවද මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන්ගේ ශ්‍රී ලංකා නිරීක්ෂණ වාර්තාව සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්ගේ විමර්ශන වාර්තාවද ඉදිරිපත් කෙරේ.
මානව හිමිකම් සමුළුවක් වෙත ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා තුනක් ඉදිරිපත් වූ මුල් අවස්ථාව මෙයයි.
මෙවර මානව හිමිකම් සමුළුව සඳහා ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශ කිරීමට ඊළාම් සංවිධාන 17 ක් ලියාපදිංචි වී ඇත.
මේ හැර ද්‍රවිඩ සංධානයේ නියෝජිත පිරිසක් සහ රජයේ දූත කණ්ඩායමක්ද ජිනීවා බලා යැමට නියමිතය.