කීර්ති වර්ණකුලසූරිය
එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වූ යස්මින් සුකා මේ දක්වාම යුද අපරාධවලට සම්බන්ධ ඇඩෙලා බාලසිංහම් නෝර්වේ කොටි නායක තෙදියවන්, ස්විස් කොටි නායක අබ්දුල්ලා ඇතුළු කොටි හමුදා නායකයන් 50 දෙනකුට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර නැත.
ඇයගේ නිර්දේශය මත එම කොටි හමුදා නායකයන් පනහක පිරිසට රටවල් පහකදී දේශපාලන රැකවරණය හිමිවී ඇත.
එම කොටි හමුදා නායකයන් පනස්දෙනා ඇය වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්ෂි දීමටද ඉදිරිපත්වී තිබේ.
යස්මින් සුකා මේ වන විට වන්නි හමුදා මෙහෙයුමේ සියලු හමුදා ප්‍රධානීන්ට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ඇතුළත් වාර්තා ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට යවා ඇත.