යුද අපරාධ අධිකරණය අහෝසි කළහොත් දේශපාලකයන්ට බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවෙයි – කොසවෝහි ඇමරිකානු තානාපති තර්ජනය කරයි

0
1467

amrika135යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම අත්හිටුවීම සඳහා කොසවෝ පාර්ලිමේන්තුව ක්‍රියා කළහොත් කොසවෝ දේශපාලකයන්ට බරපතළ විපාකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත.

සර්බියානුවන්ට එරෙහිව ඇල්බේනියානු කොසවෝ ජාතිකයන් යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබූ අතර ඒ පිළිබඳව අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමට කොසවෝ රජය එකඟ වී තිබුණි. එහෙත් කොසවෝ පාර්ලිමේන්තුව යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම අත්හිටුවීම සඳහා වූ පණතක්‌ සම්මත කිරීමට තීරණය කර ඇත.

මේ ගැන වාර්තා වූ විගස කොසවෝහි ඇමරිකානු තානාපති ග්‍රේග් ඩෙලවි පැවසුවේ කොසවෝ ආණ්‌ඩුවට සහ දේශපාලකයන්ට නරක ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවන බවයි.

ඇමරිකානු තානාපතිගේ මේ තර්ජනය ගැන කොසවෝ රජය මෙතෙක්‌ ප්‍රකාශයක්‌ කර නැත.

සංස්‌කරණය කීර්ති වර්ණකුලසුරිය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here