ලාන්ස්‌ කෝප්‍රල් සුනිල් රත්නායක මරණීය දණ්‌ඩනයෙන් මුදන්නැයි ඉල්ලා ආබාධිත සෙබළා 5 වැනි දිනටත් තනිවම පාගමනේ

0
1813

කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

යුද්ධයේදී අසීමිත කැප කිරීම් කර රටට නිදහස ලබාදීම සඳහා දායක වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගු දුර විහිදුම් බළකායේ ලාන්ස්‌ කෝප්‍රල් සුනිල් රත්නායක රණවිරුවාට ලබා දී ඇති මරණීය දණ්‌ඩනය අහෝසි කරන ලෙසටත්, රණවිරුවන්ව සිරගත නොකරන ලෙසටත් ජනාධිපතිතුමාට බල කරමින් අනුරාධපුර රුවන්වැලිසෑය අභියස සිට කතරගම කිරිවෙහෙර දක්‌වා, නෙලුම්කුලම අනුරාධපුර ලිපිනයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන වසන්ත කුමාර මහතා අරඹා ඇති පාගමනේ පස්‌වන දිනය ඉකුත් 05 වැනිදා නුවර පාරේ කජුගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here