කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර සිට
ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ නොකළ බවට දැක්වෙන ස්ථාවරයේ තමා සිටින බව බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස් ‘දිවයින’ට පැවසීය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතරින් මේජර් ජෙනරාල්වරයා සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ‘දිවයින’ සමඟ පමණි.
ශ්‍රී ලංකා හමුදා යුද අපරාධ නොකළ බවට තම වාර්තාවේ දැක්වෙන ස්ථාවරය කිසි දිනෙක වෙනස් නොවන බව ද හෙතෙම කියා සිටියේය.