සත්‍යය වසන් කිරීමට හිටපු කොටි ත්‍රස්‌තයන්ගේ ලැයිස්‌තුවක්‌ ලබාදෙයි

0
1063

කීර්ති වර්ණකුලසූරිය (2017/08/09 වන දින පලවූ දිවයින පුවත්පතෙන් උපුටා ගන්නා ලදී )

එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මෙරටට පැමිණි විට මිනීමරු කොටි ත්‍රස්‌තවාදීන් රඳවා සිටින සිරගෙවල්වල දොර විවෘත වුණි. ඉන්පසු මේ සිරගෙවල්වල සිටින කොටි ත්‍රස්‌තයන් ඇතුළු ත්‍රස්‌ත චෝදනා එල්ලවී ඇති අයවලුන් 97 කගේ තොරතුරු ඇතුළත් නාමලේඛනයක්‌ ඔහු වෙත ලබාදී ඇත.

ලොව කිsසිදු රටක්‌ එවන් ලේඛනයක්‌ ලබා දෙන්නේ නැත. එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයෙක්‌ ඉන්දීය සිරගෙවල්වල සිටින කාශ්මීර් ත්‍රස්‌තවාදීන්ගේ තොරතුරු ඉල්ලා සිටි විට ඉන්දීය රජය එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කෙරුණි. ඇමරිකාවේ රාජ්‍ය පාලනය කරන ගුවන්තනාමෝබේ සිරකඳවුරේ රඳවා සිටින ත්‍රස්‌තයන් 103 කගේ ලැයිස්‌තුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබාදීම ජනාධිපති බරක්‌ ඔබාමා ඉවත දැමීය.

එහෙත් බෙන් එමර්සන්ට කොටි ත්‍රස්‌තවාදීන්ගේ නාම ලේඛනයක්‌ ලබාදුන්නේ බන්දේසියක තබාය.

එසේ වුවත් මේ තොරතුරු වසන් කිරීමට යොදවාගෙන ඇත්තේ වසර කීපයකට පෙර ව්‍යාජ ලේඛනයක්‌ මගින් ඇමරිකාවට පැන ගොස්‌ ආපසු මෙරටට පැමිණි එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයකුය. මොහුට රජයේ මාධ්‍ය අංශයක සුළු රැකියාවක්‌ හිමිවී ඇත. ඊට උපකාරී වීමක්‌ වශයෙන් මොහු එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට සුදුහුණු ගෑමේ යෙදී සිටියි.

ලැ-ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි යන කියමනක්‌ ඇත. මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරියා රැකියාව හෙවත් සුදුහුණු ගෑම කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නායකත්වය යටතේයි. ඔහුගේ ඉතිහාසය ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප ක්‍රියාකාරීන් දනී. ශ්‍රීලනිප ගත වූ කාලයේ මොහු කටයුතු කළේ කුමන පක්‍ෂයකට දැයි කීමට අටුවාටීකා අවශ්‍ය නැත.

ජිනීවා යෝජනාව, හයිබ්‍රිඩ් අධිකරණය ගැනද මේ චක්‍රවර්තී ලිපි ලියයි. එහෙත් ජිනීවා යෝජනාවෙන් අපට ගැලවිය හැකිද?

ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඩොලර් 36,000 ක මුදලක්‌ සාමාජික රටවල්වලින් ඉල්ලා ඇත. ඉන් කොටසක්‌ ශ්‍රී ලංකාවද ගෙවිය යුතුය. මේ බව රටේ ජනතාව නොදනීs. ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකා රජය ක්‍රියාකර ඇති නිසා ජනතාවට සිදුවී ඇත්තේ එම මුදල ගෙවීමටය.

මේ හැර මානව හිමිකම් කොමසාරිස්‌ හුසේන් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලා ඇත. ද්‍රවිඩ සංධානය හා උතුරු මහ ඇමැතිද එම ඉල්ලීම කර තිබේ. ද්‍රවිඩ සන්ධානයේ එම්. කේ. සුමන්තිරන් පැවසුවේ රජය දෙවතාවක්‌ම හයිබ්‍රිඩ් අධිකරණයට එකඟ වූ බවය.

එහෙත් ජනතාව සිදුවන්නේ කුමක්‌දැයි නොදනී. වසර කිහිපයකට පසු ද්‍රවිඩ නිජබිම පිළිගත යුතු බවට සාම මාධ්‍යවේදියෝ නමින් පත්‍රිකාවකට අත්සන් කළ මේ එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයා කොටින්ට එරෙහිව කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

මේ හැර ශ්‍රී ලංකාවට පැමිණි බෙන් එමර්සන් කවුද? කොසෝවෝ සමූල ඝාතක රූට්‌ස්‌ ගරදිනාව් නමැති කොසෝවෝ විමුක්‌ති පෙරමුණ නමැති ත්‍රස්‌ත සංවිධානයේ හමුදා නායකයා යුද අපරාධ චෝදනාවලින් බේරා ගත්තේද එමර්සන්ය.

එමර්සන් මෙරටට පැමිණියේ රැඳවුම් භාරයේ සිටින කොටි අපරාධකරුවන්ගේ මානව හිමිකම් ගැන විමර්ශනය කිරීමටය.

ඔහු මෙරටින් යැමට පෙර රැඳවුම්භාරයේ සිටින කොටි නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටියේය. එසේම මේ මිනීමරුවන් පොලිසියට ලබාදුන් පාපොච්චාරණ පිළි නොගන්නා ලෙසද ඔහු රජයට කියා සිටියේය.

එසේම එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කි මූන් මෙරටට පැමිණීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක්‌ අත්සන් කළ බවත් එහිදී ඇතැම් සිදුවීම් ගැන පරීක්‍ෂණයක්‌ කිරීමට ගිවිස ගනු ලැබූ බවටත් ප්‍රචාරයක්‌ දියත් වී ඇත.

මේ සමයේ කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ සන්නිවේදන කාර්යාලයේ ප්‍රධානියා මොහාන් සමරක්‌නායක ඔහු හිටපු ජනාධිපති අතර එවන් ගිවිසුමකට එළඹියේ නැති බවද අවධාරණයෙන් කියා සිටියේය.

එදා එවන් ගිවිස ගැනීමක්‌ නොවූ බව පැහැදිළිය. එහෙත් එදා ගිවිසුමක්‌ ඇතිකරගත් බවට ප්‍රචාරය කරන්නේ විද්වතුන් හෝ එක්‌සත් ජාතීන්ගේ හිටපු ප්‍රධානියකු නොව නිකමෙක්‌ විසිනි.

එසේම 2002.02.21 සහ 22 යන දෙදින තුළ අත්සන් කළ ඊනියා සටන් විරාම ගිවිසුමේ පසුබිම ගැනද කිව යුතුය.

මේ ගිවිසුම රටේ ජනාධිපතිනියට හෝ හමුදා ප්‍රධානියාට පවා පෙන්නුම් කළේ නැත. ඒ බව හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සාක්‍ෂි දරයි. මේ සමයේ සිටි ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ කොටින්ට මුතූර් හා ත්‍රිකුණාමල අතර මුහුදු කලාපයක්‌ ලබාදෙන ලෙස සඳගිරිගෙන් කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප විය.

රටේ අවාසනාවට එම ඉල්ලීම කළ තැනැත්තා අද ඉහළ ධුරයකට පත්වී සිටියි. එහෙත් මොවුන්ට දිට්‌ඨධම්මවේදනීය කර්මයෙන් ගැලවිය හැකිද?

ලොව කිසිම රටක්‌ තම රටේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පිළිගෙන නැත. එහෙත් ශ්‍රී ලංකාව ඒ බව පිළිගනිමින් ජිනීවා යෝජනාවට සම අනුග්‍රාහකයා වීමටද ක්‍රියාකළේය.

ඉන් සිදුවූයේ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් වැල නොකැඩී මෙරටට පැමිණීමයි.

එහෙත් ඉන්දීය රජය එරටට මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතවරුන්ට පැමිණීමට ඉඩදී නැත.

මේ පසුබිම මැද මෙරට අතීතයද වසන් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කටයුතු කරන අයුරු අනාවරණය වී ඇත.

ඊට හොඳම නිදසුන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමයේ දියවන්නා ඔයේ පාවූ ද්‍රවිඩ තරුණයාගේ මළසිරුරු කීපයක්‌ හමුවීමයි.

මේ සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට ප්‍රධාන දේශපාලනඥයකුගේ ආරක්‍ෂක ඒකකයේ කීප දෙනෙකි.

එහෙත් එදා එම ආරක්‍ෂක ඒකකයේ පිරිසව මිනීමරුවන් ලෙස එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් හැඳින්වූයේ නැත. ඊට හේතු වූයේ එම දේශපාලකයාට ඇති බිය නිසාය.

මේ තත්ත්වය මත උතුරේ අන්තවාදී කල්ලි සිටින බවට ප්‍රචාරයක්‌ දියත් වී ඇත. එහෙත් උතුරේ සිටින්නේa හිටපු කොටි බව පැහැදිළිය.

පොලිසියද මේ බව සනාථ කර ඇත. එහෙත් හමුදාපතිවරයා පවසන්නේ උතුරේ කල්ලි සිටින බවත් ඔවුන් කොටි තරම් ශක්‌තිමත් නැති බවයි.

මේ තත්ත්වය මත උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පවසා ඇත්තේ උතුරේ සිදුවීම්වලට හිටපු කොටි සම්බන්ධ නැති බවයි.

එහෙත් අතීතය අමතක කළ හැකිද? වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියාවට මුවාවී උතුරේ දොර ඩයස්‌පෝරාවට විවෘත කෙරුණි. එහි ප්‍රතිඵලය අද ඇස්‌ පනාපිට සනාථ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here