හමුදාපතිට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි-ගෝලීය ශ්‍රී ලංකා සංසදය

0
451
Army_Commander

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළු වීම වළක්වාලමින් නිකුත් කර ඇති තහනම ගෝලීය ශ්‍රී ලංකා සංසදය හෙළා දැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය පෙන්වා දෙන්නේ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එල්ල කරන ලද මානව හිමිකම් කඩකිරීමේ චෝදනා පදනම් විරහිත බවයි.

ඒක පාර්ශවික සහ අත්තනෝමතික මෙම තීරණය ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර පාලනයට ඇගිලි ගැසීමක් බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය අවධාරණය කර තිබේ.

කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් ලක්වැසි සියලු ජනතාවට අභය දානය ලබාදුන් රණවිරුවන් රැකගැනීම සියලුම දේශප්‍රේමීන්ගේ වකගීම සදහා ඒ සදහා දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේදීත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය සක්‍රීය දායක්තවය ලබාදෙන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර අමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත එම්.සි.සි.ගිවිසුම් වැනි ගිවිසුම් වහාම නතර කළ යුතු බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

කොළඹ දි මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මෙම අදහස් පල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here